එලකිරියේ ඉමෝජි ඩයරිස් ඔබ වෙත ගේන IELTS නූල
මචංලා මුලින්ම කියන්න ඔනා මේක මෙ නූල මම දාන්න ඕනා කියලා හිතුවේ 2023 දි. පර්ෆෙක්ට් කරන්න කියලා හිතලා චුට්ට චුට්ට සැම්සුන් නෝට් එකේ තියන් ඉදලා අමතක උනා. කුකුල්ලු ටිකක් උදේ ඉදන් IELTS ගැන නුල් දාන නිසා දැන්වත් දානවා කියලා හිතුවා.
IELTS ගැනකතා කරන්න ගිහින් ඇයි සිංහලෙන් මේක ලියන්නේ කියලා සමහර පුතානෝ ගිලපු ඉංග්‍රිසි පුත්තරයන්ට හිතෙන්න පුලුවන්. මේක සියල්ලන්ටම ගොඩ යන්න කියන දෙයක් නිසා තේරෙන සිංහලෙන් හරි බොලාට කියලා දෙන්න ඕනා නිසා. විභාග කියන්නේ කලාවක්. කලාව ඉගෙන ගත්තොත් පාස් වෙනවා ඕනා එකක්.
හරි දැන් කතාව!
IELTS... ඇහුවත් සමහරු බයයි. ඩිග්‍රියක හෝ රැකියාවකට IELTS කරනවට වඩා waived off කරන්න විදිහක් තියනවාද කියලා මනස වෙහෙසනවා.
ඩිග්‍රි විතරක් නෙවෙයි, සමහර පොඩි රස්සා කරද්දිත් ඉල්ලන වෙලාවල් තියනවා. මට හම්බුනා කෙනෙක් එයාට කොහෙද මෙකැනික් යන්න බැන්ඩ් 5 තිබ්බාම ඇති කිව්වාලු. නමුත් බය නිසා කරන්නැ. බැන්ඩ් 5 නතින් නමුත් ඉතින් බලන්න නොදැනුවත් කම නිසා හරි ගයිඩ් නැති නිසා මිනිස්සු ඔපචුනිටි නැතිකරන්න හැටි.
මේ එලකිරියේ එහෙම බැ හැමෝම ගොඩ යන්න ඕනා.
IELTS කියන්නේ බය වෙන්න ඕනා එක්සැම් එකක් නෙවෙයි. හරියට හරි පාත් එකක වැඩ කලොත් එක වරම ඔයාලා බලාපොරොත්තු වන බෑන්ඩ් එකට යන්න පුලුවන් කියලා මම ගැරන්ට් කරනවා. වගකිමෙන්.
විභාගයේ සැකැස්ම
විභාගයේ කොටස් 4යි
Listening
කාලය විනාඩි 30
ප්‍රශ්න 40
Reading
කාලය විනාඩි 60
ප්‍රශ්න 40
Writing
කාලය විනාඩි 60
ටාස්ක් 2ක්
Speaking
විනාඩි 11-14ක් පමණ
අවශ්‍ය ඇකඩමික්ද? ජෙනරල්ද?
Academic හා general දෙකේම Listening හා speaking එක සමානයි.
නමුත් reading and writing සුලුවෙන් වෙනස්.
ඔබට ඔබේ අවශ්‍යතාව අනුව academic or general ද කියලා තෝරාගන්න වෙනවා.
සමහර රටවල ඔබ පදිංචියටම යනවානම් සමහර විට academic හා general දෙකම කරන්න වෙන වෙලාවල් තියනවා. ඒ නිසා කැම්පස් එක, වැඩකරන ආයතනය හා වීසා සලකා බලලා තෝරාගන්න.
නමුත් ඉරෙස්පෙක්ටිව්ලි මේ මම ලියන ප්රෙපරේශන් ගයිඩන්ස් එක එකයි.
ඔයා ඉංග්‍රිසි බසින් මොනයනම් හෝ උසස් අධ්‍යාපනයක් ලබලා තියනවනම් ඉහත බෑන්ඩ් එක ඔයාගේ අතේ දැනටත්. වගකිමෙන් කියන්නේ.
ඔයා දැනටත් IELTS කරලා මේ බෑන්ඩ් එක අරන් නැත්තම් සුලු වැරදි ටිකක් විතරයි හදාගන්න තියෙන්නේ.
එහෙම කඩ්ඩෙන් මොනාවත් නොකලා කියලා දුක් වෙන්නත් එපා. පුහුනුවෙන් පසු අවසානේ ඔයත් ලැස්ති.
දැන් අපි විභාගයේ කොටස් වෙත යමු.
මුලින්ම ඔයා කෙම්බ්‍රිජ් IELTS පොත් ටික pdf නිකං බාගෙන තියාගන්න( ලිස්ට්නින් ටෙස්ට් සමග)
මීට අමතරව Dr. Kiranpreet kaur makkar ගේ academic essay, writing task 1 වගේ පොත් ටිකත් බාගන්න පුලුවන්නම් වටිනවා.
1) Listening
පෞද්ගලිකව මම ආසම එක. හරිම ෆන්.
L ගොඩදාන්න නම් හැමදාම නිදහස් ශබ්ද බද්ද නැති තැනක ඉදගෙන හරියට පුහුණු විය යුතුමයි. හැමදාම අඩුම එක පැට්‍රිස් එකක් වත් කල යුතුයි.
ඔයා දිනපතා පැට්‍රිස් කරද්දි ඔන්න ඔයාට අහුවෙනවා, එකම වගේ චවන රිපිට් වෙනවා නේද කියලා.
විස්වාස කරනවාද? ඔව් එහෙම වෙනවා.
L එකේදි, ඔයා පොත් වල ටෙස්ට් වලට අමතරව පහත සදහන් ඒවා නිවැරදිව ඉංග්‍රිසියෙන් ලියන්න හා ඇසුනාම හදුනාගන්න හැකියාව ඉතාම අත්‍යවශයි.
මොකද L එකේදි නිතරම මේවා අහනවා. මේවා නැති විභාගයක් නැති තරම්.
සතියේ දින 7
අවුරුද්දේ මාස 12
0 සිට 9 ට
සෘතු 4
10 හා 100 ගුනාකාර
උදාහරණයක් ලෙස -
ටෙලිපොන් නම්බරයක් ඇසෙන්න පුලුවන්
එපොයින්මන්ට් දිනයක් ඇසෙන්න පුලුවන්
ට්‍රිප් එකක් යන සෘතුව ඇසෙන්න පුලුවන්.
සමහර වෙලාවට පුද්ගල නාමයන් පුරවන්න එනවා. බය වෙන්න එපා ඒ වෙලාවට ඒ නම අකුරින් අකුර ඩික්ටේට් කරනවා.
2)Reading
විභාගයේ අසිරු කොටසක් මේක. පොත් කියවන්නෙ නැති කෙනෙක්ට ටිකක් අමාරු වෙන්න පුලුවන්. නමුත් පැටර්න් එක ඉගෙන ගත්තාම ලේසියි.
මම මෙයට යුටියුබ් එකේ රෙකමන්ට් කරන්නේ ASAD yakub.
අසාද් නිරන්තරයෙන්ම යුටයුබ් එකේ රීඩින් ටෙස්ට් හා ටිප්ස් කරනවා. එයාව මාසයක් හරියට ෆලෝ කරන්න.
3)Writing
ඉඩියම්ස් එපා
ඉස්කොලේ ග්‍රැමර් එපා
එකම වචන එපා
කටපාඩම් කරන් යන්න එපා.
හැම ටෙන්ස් එකක්ම දැනගන්න ඕනා නැත. පාස්ට්, ප්‍රසන්ට්, ෆියුචර් හා ප්‍රසන්ට් පර්ෆෙක්ට් හා අමතරව පැසිව් වොයිස් හරියට පර්ෆෙක්ට් කරගන්න.
ඔයා ගෙදරදි ලියන කරන ටෙස්ට් එක ගුරුවරෙයක් ලවා අනිවාර්යයෙන්ම පරික්ෂා කරවාගත යුතුයි. රුපියල් 500 සිට ඉන්නව පේපරය බලලා දෙන. බුකියෙන් උන් හොයාගන්න හැකියි.
සුද්දියෙක් ලවා කරවාගන්න ඕනානම් benchmark සයිට් එකෙන් කරවාගන්න.
DP education එකෙත් ග්‍රැමර් හොද ෆ්‍රී කෝස් එකක් තියනවා.
Writing ගැන කතා කරද්දිම හැමෝම ග්‍රැමර් ගැන කතා කරත්, මම මෙතනදි මුලින් පටන් ගන්නේ හොදින් සිහියේ තබාගතයුතු ඉතාම වැදගත් පොයින්ට් එකකින්.
අපි සිංහල රචනා ලියද්දි ප්‍රස්තාපිරුලු, අප්තොපදේශ ලිව්වාට අනේ ප්ලිස් IELTS-W වලදි ඒවා කරන්න යන්න එපා
Old is gold,
වගේ ප්‍රසිද්ධ ඉඩියම් මොනාවත් ලියන්න යන්න එපා. ඒවා ඔයාව කැපෙන වැඩ. පෙර සුදානමකින් ලියනවාද නැද්ද කියලත් මෙතනදි බලනවා.
එකම වචනය රිපිට් කරන්න එපා. හැමතිස්සේම තමන් ගේ ඉංග්‍රිසි වාග්මාලාව ශක්තිමත් කියලා පෙන්වන්න උත්සහ කරන්න. හැමඑකටම දාන Things කියන වචනය තහනම්.
ඒ වගේම කියන්න ඕනා මෙතනදි වචන කියන්නේ සජියා කියනවා වගේ කවුරුත් නොදන්න ඉතාම අමාරු වචන නෙවෙයි. IELTS කියන්නේ තමන්ගේ පරාසය පෙන්වන විභාගයක් මිසක් අනෙකාව අමාරුවේ දාලා තමන් විශාරදයෙක් කියලා පෙන්වන විභාගයක් නෙවෙයි.
උදාහරණයට
ඔයාට ලැබෙන්නෙ ආර්ථිකය ගැන ලියන්න නම්,
Credit,debit, inflation , central bank, finance, business, check,cash වගේ සබ්ජෙක්ට් රිලේටඩ් වචන ලියන්න. දැක්කානේ මේවා මේ ඔයා දන්න දේවල්. හරියට ලියාගන්නයි අවශ්‍ය.
වොකැබ් හදාගනිද්දි එක එක මාතෘකා වලට අදාලවයි හදාගන්න ඕනි. නැතුව ඔය යුබටවල තියන බෑන්ට් 9 ගන්න මේ වචන දැනගන්නකියන ඒවා වැඩක් නැ. කොච්චර හොද වචනයක් උනත් නොගැලපෙන තැනකට දැම්මොත් වැඩක් නැ. ඒ නිසා ආර්ථිකය, සෞඛ්‍යය, තාක්ෂණය, පරිගණක, නීතිය වගේ මාතෘකා හරහා දැනගත යුතුම වොකැබ් ටිකක් දැනගෙන යන්න.
මම කලින් කිව්වා වගේ මක්කර් ගේ පොත පොඩ්ඩක් බලන්න. නැවත නැවත කියන්නේ ඔයා ලියන ඒවා ගුරුවරයෙක් ලවා බලවාගන්න ඔයාට ලොකු බැන්ඩ් එකකට යන්න ඕනානම්.
4)Speaking
ගොඩක් අය බය වෙන්නේ මෙතැනදි. නමුත් බය නැතුව චිල් එකේ කරන්න පුලුවන් පාට් එකක් මේක. ඇයි බං ලියන්න කියන්න කියලාද?අහන දේට ඕපදුපයක් කියවං ඉන්නනේ තියෙන්නෙ. හැබැයි ඕපයක් කියන්නත් ශිල්පයක් තියනවා. ඒක තමයි මේක කියන්න යන්නේ.
කතා කරන්නේ ඇහෙන දෙවල් අනුව. ඒ නිසා පුලුවන් තරම් කතා අහන්න. දවස ගානේ විනාඩි 20ක් කන්නාඩියක් හරි ඉස්සරහා කතා කරන්න.
මම මේකට රෙකමන්ට් කරන්නේ
academicenglishhelp
මොක් ටෙස්ට් -
benchmark හරහා මුනට මුන zoom මොක් ටෙස්ට් කරගන්නත් පුලුවන්. සල්ලි වියදම් කරන්න හැකිනම්!
රෆ් ගයිඩ් එකක් දුන්නේ.
වැදගත් දෙයක් තිබ්බොත් ගන්න.
විස්වාසය තියාගන්න. මහන්සි වෙන්න මාස 2ක් 3ක්.
පාස් වෙනවා ඒකාන්තයි.
පොත් ටිකේ ලින්ක් දැම්මේ නැත්තේ හේතුවක් ඇතුව. උනන්දුව තියනවානම් පොතේ නම කියපු ගමන්ම ගූගල් කරනවානේ. උනන්දුව ඕනා ielts පාස් වෙන්න.
ප.ලි
ඔයාලාටත එකතු කරන්න දේවල් තියනවානම් කරන්න. කවුරුහරි ගොඩ යන්න ඕනා.