PickMe ගොස් අතුරුදන් වූ දෙදරු පියාව මරලා . මුහුනත් විකෘති කරලා 🥺

mall_9n

Well-known member
  • Apr 19, 2026
    746
    1,808
    93

    හෝමාගම, පිටිපන, ගලගාහේන ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ඝාතනය කරන ලදැයි සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (16) අලුයම සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.
    අදාළ ඇළ මාර්ගය අසල පිහිටි වෙන්දේසි ඉඩමක් තුළ මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි. එතැන සිට මීටර් 45ක පමණ දුරක් ලේ පැල්ලම් සහිතව ශරීරය ඇදගෙන විත් ඇළ මාර්ගයට දමා ඇති බව නිරීක්ෂණය වී තිබේ.වෙන්දේසි ඉඩම තුළ තිබී මියගිය පුද්ගලයාගේ බවට සැක කෙරෙන පාවහන් යුගලක් සහ රුපියල් 20ක මුදල් නෝට්ටුවක් පොලිසිය විසින් සොයාගෙන ඇත. මියගොස් ඇත්තේ හෝමාගම, පිටිපන, කදනවත්ත, සමගි මාවතේ පදිංචි දෙදරු පියෙකි. ඇඟලුම් ආයතනයක සේවය කරන ඔහු, ඊයේ (15) රාත්‍රී 7ට පමණ 'PickMe' සේවාව හරහා යතුරුපැදියකින් පුද්ගලයෙකු ප්‍රවාහනය කිරීම සඳහා නිවසින් පිටත්ව ගොස් තිබේ. මොහු අතුරුදන් බවට මීගොඩ පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇත.මළ සිරුර ඇළ මාර්ගයේ තිබීම හේතුවෙන් සතුන් විසින් මුහුණේ කොටස් කා දැමීමෙන් එය හඳුනා ගැනීමට නොහැකි වන අයුරින් විකෘති වී ඇත.
    හෝමාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ

     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,893
    113
    -In Darkness-
    Pickme Bike සීන් එක ආවට පස්සේ ත්‍රී වීල් හයර් සෑහෙන්න බයික් වලට කැඩුනා. ඒකට වීල් අය කොහොමත් මලෙන් ඉන්නේ. හැබැයි ඉතින් මේවා වෙන හුට පට වල පල විපාක වෙන්නත් පුලුවන්.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,904
    7,477
    113
    හෝමාගම, පිටිපන, ගලගාහේන ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ඝාතනය කරන ලදැයි සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක්

    මියගොස් ඇත්තේ හෝමාගම, පිටිපන, කදනවත්ත, සමගි මාවතේ පදිංචි

    ඔය NSBM එක තියෙන හරියට කිට්ටුව නේද?

    ------ Post added on Jul 16, 2026 at 8:45 PM
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,162
    1,393
    113
    Morally Bankrupt Sri lanka
    serial killer

    Hannibal Lecter Killer GIF
     
    • Like
    • Love
    Reactions: chami_84 and Psiko