තැපැල් කන්තෝරුවට ගිහින්, මුද්දර අලවලා පෙන් ෆ්රෙන්ඩ්ස්ලාට ලියුම් පොස්ට් කරපු කාලේ මට නම තවමත් මතකයි. ඊට පස්සේ පිළිතුරක් එනකම් දවස් ගාණක් ඉවසිලිල්ලෙන් බලන් හිටපු එකත් මතකයි. ලියුම් කවරයක් ලැබුනම ඒක අරන් ලස්සනට ලියලා තියෙන අකුරු බලනකොට තිබ්බ ආසාව මතකද ? ලියුම ලියද්දිත් ඉතින් හැමදේම හිතාගෙන ලියන්න ඕන, cut, paste, delete කරන්න බෑනේ. අකුරු වැරදුනොත් "අනේ දැන් ඉතින් අලුත් letter එකක් ලියන්න ලැස්ති වෙන්න ඕන " කියලා හිතෙනවා. ඒත් ඒ struggle එකම fun එකක් වුනා.ඒ කාලේ මට පෝලන්තයේ සහා ජපානයේ පෙන් ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නෙක් හිටියා. අපි ඒ කාලේ මුද්දර සහා stickers තැපෑලෙන් exchange කරලා තියෙනවා.
අද කොල්ලෝ කෙල්ලෝ කතා කරන්නේ WhatsApp, messages වලින්. message එක යවලා තත්පරයකින් reply එකක් ලැබෙනවා. ඒක පහසුයි, ඒත් ලියුම් ලියපු ඒ කාලේ තිබ්බ රසය whatsapp වලින් ගන්න බැහැ.
අද කොල්ලෝ කෙල්ලෝ කතා කරන්නේ WhatsApp, messages වලින්. message එක යවලා තත්පරයකින් reply එකක් ලැබෙනවා. ඒක පහසුයි, ඒත් ලියුම් ලියපු ඒ කාලේ තිබ්බ රසය whatsapp වලින් ගන්න බැහැ.