අපි ඉන්න පොඩි කාලයයි නේද සහෝදරවරුනි, කාලෙ ගත වෙනව දැනෙන්නෙත් නෑ. කන්නාඩිය ඉස්සරහට ගියාම තේරෙන්නෙ එන්න එන්න වයසට යනව නේද කියල. අපි දන්නෙම නැනැතුව මංමුලා වෙලා අතරමං වෙනවා. හැබැයි ලගම මිනිස්සු දුරස් වෙද්දි/ නැත්තම් සදහටම ඈත් වෙද්දි ඒක මාර emotional pain එකක් මටනම්. කොච්චර emotional දේවල් පාලනේ කරත් අර වගේ pain එකකදො දවසම ඇති අව්ල් වෙන්න.
It is still hard to apply Buddhism to life when hard times come!
ඔතන උඹ ටක්කෙටම point කරන්නෙ උඹටත්, මටත්, හැම පෘථග්ජනයෙකුටම උරුම ජීවිත කතාව ගැන.
ඔය ජීවිත කතාවෙදි එන දුක් කම්කටොලු වලට එක එක විදිහෙ දේවල් apply කරලා, ආපු දුකට යම්කිසි සහනයක් ගන්න පුළුවන්. හැබැයි ඒකෙන් ලැබෙන්නෙ
තාවකාලික සහනයක් විතරයි. ස්ථිරසාර විසඳුමක් නෙවෙයි.
buddhism එකෙන් දෙන්නෙ ඔය කතාවටම
ස්ථිරසාර විසඳුමක්. හැබැයි ඒ කියන්නෙ දුකක් ඇති වුණාට පස්සෙ, අපි දන්න බුදුදහමේ knowledge එක අරගෙන ඒ දුකට patch එකක් දාගන්න එක නෙවෙයි.
ඒ වෙනුවට,
මේ දුක ඇතිවෙන්නෙ කොතැනින්ද? කියන ප්‍රශ්නය මුලටම අරගෙන යන එක. දුකේ මූලය හොයලා, ප්‍රතිකාර කරන්නෙ ඒ මූලයට.
for ex..
අපිට ඔලුවෙ පිළිකාවක් තියෙනවා කියලා නොදැන, ඒක නිසා හැදෙන ඔලුවෙ කැක්කුමට විතරක් බෙහෙත් කරනවා වගේ.
ඔලුව කැක්කුම එනවා. බෙහෙත් ගන්නවා. ටික වෙලාවකට අඩු වෙනවා. ආයෙ එනවා. ආයෙ බෙහෙත් ගන්නවා. ඒ විදිහට ලක්ෂණය එන එන වෙලාවට පිළියම් කරනවා. සහනය තියෙන්නෙ තාවකාලිකයි, මොකද
මූලික හේතුවට ප්‍රතිකාර කරලා නෑ.
බුදුදහමේ ගැඹුරින් බලන්නෙ ඔලුව කැක්කුම ආවම ඒකට බෙහෙත් දාන එක විතරක් නෙවෙයි.
ඇයි මේ ඔලුව කැක්කුම ඇතිවෙන්නෙ? කියලා මූලයටම යන එක. මූලය හඳුනාගෙන, මූලයට ප්‍රතිකාර කරන එක.
ඒ නිසා අපි බුදුදහම follow කරන්න ඕනෙ, දුකක් ආවම ඒ දුක manage කරන්න tools ටිකක් හොයාගන්න විතරක් නෙවෙයි.
දුකක් ඇතිවෙන්නෙ ඇයි? දුකේ මූලය මොකක්ද? ඒ මූලය නැති කරන්න බුදුන් වහන්සේ පෙන්වපු මාර්ගය මොකක්ද? කියලා ගැඹුරින් හොයන්න.
එතකොට අපි කරන්නෙ දුක එන හැම වෙලාවකම එක එක පිළියම් දාගෙන ජීවත් වෙන එක නෙවෙයි.
දුක නැවත නැවත උපදවන මූලයම නැති කරන මාර්ගය හොයන එක.
බුදුදහමේ තියෙන ගැඹුර තියෙන්නෙ අන්න එතන.