අපි භාෂාවක් ඉගෙන ගන්න ඕනි ඇයි.

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,399
    6,559
    113
    අතීතයට යන මාර්ගයක්. භාෂාවක් ගොඩනැගෙන ආකාරය ගැන අවබෝධ කරගැනීම හරිම වැදගත් කියල, මම නිතරම හිතනව.
     
    • Like
    Reactions: Inigo Montoya

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,834
    2
    2,118
    113
    On a Cloud
    හැම භාෂාවක් එක්කම ඊට අදාල වෙච්ච සංස්කෘතියක් බැඳිලා තියෙනවා. ඒක වෙන් කරන්න බෑ. සිංහල භාෂාව එක්ක සිංහල සංස්කෘතිය, දෙමළ භාෂාව එක්ක ද්‍රවිඩ සංස්කෘතිය වගේ. භාෂාවෙ සැබෑ රසය අදාල සංස්කෘතිය නොදැන රසවිඳින්න අමාරුයි කියලා හිතන්න පුලුවන්. එතකොට භාෂා අධ්‍යනය කියන්නේ සංස්කෘතීනගේ අධයනයක් කියලා කියන්නත් පුළුවන්. භාෂා ගොඩක් දන්නවා කියන්නේ සංස්කෘතීන් ගොඩක දැනුම ඒ පුද්ගලයා තුල ගොඩගැහිලා තියෙනවා කියන එකයි.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,366
    113
    Ohio, USA
    කොහෙන්ද ඔච්චර ඒව පුරුදු උනෙ
    සිංහල සහ ඉංග්‍රීසි ඉස්කෝලෙන් ඉගෙන ගත්තා. දෙමල හින්දි උර්දු වලට ලැන්වේජ් කෝසස් කලා 1992 ඉඳලා 94 වෙනකන්. අරාබි මට පොඩි කාලෙම ඉගෙනගන්න උනා (කුරානය කියවන්න අරබි කෝස් එක හැම මුස්ලිම් ළමයෙකුම කරනවා මමත් ඒක කලා.. ඒකත් එක්ක වෙනම ඇඩ්වාන්ස් ඇරබික් කෝස් එකකුත් කලා) මලයාලම් මම ඩුබායි බිස්නස් කරන එක හරහා පොඩ්ඩක් ඉගෙන ගත්තු එකක්.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,441
    4,691
    113
    භාෂාවක් යනු සන්නිවේදන මෙවලමක් පමණක් නොව, ජනතාවක ඉතිහාසය, සංස්කෘතිය, සංක්‍රමණ, චින්තනය හා ජීවන රටාව තැන්පත් වූ උරුමයකි. කාලයත් සමඟ භාෂාවල දේශපාලන හා ආර්ථික වටිනාකම් වෙනස් වුවද, පද, අකුරු හා ව්‍යාකරණ අධ්‍යයනයෙන් අතීත මිනිසුන්ගේ සම්බන්ධතා සහ ජීවන තොරතුරු අනාවරණය කළ හැක. එබැවින් සෑම භාෂාවක්ම ඉගෙනීම වටිනාය.
    එකඟයි.
    හැම භාෂාවක් එක්කම ඊට අදාල වෙච්ච සංස්කෘතියක් බැඳිලා තියෙනවා. ඒක වෙන් කරන්න බෑ. සිංහල භාෂාව එක්ක සිංහල සංස්කෘතිය, දෙමළ භාෂාව එක්ක ද්‍රවිඩ සංස්කෘතිය වගේ. භාෂාවෙ සැබෑ රසය අදාල සංස්කෘතිය නොදැන රසවිඳින්න අමාරුයි කියලා හිතන්න පුලුවන්. එතකොට භාෂා අධ්‍යනය කියන්නේ සංස්කෘතීනගේ අධයනයක් කියලා කියන්නත් පුළුවන්. භාෂා ගොඩක් දන්නවා කියන්නේ සංස්කෘතීන් ගොඩක දැනුම ඒ පුද්ගලයා තුල ගොඩගැහිලා තියෙනවා කියන එකයි.
    එකඟයි.‍

    යාළුවෝ සර්කල් එක ලොකු වෙනවා. ඒ භාෂාවන් කතා කරන කෙල්ලොත් සෙට් වෙනවා. ආදරය ප්‍රේමය රස වෙනස් විදියට විදින්න පුළුවන්.
    තාම බැඳලා නැති නිසා බය නැතිව මේවා කියන්න පුළුවන්. 😁
     
    • Love
    Reactions: starcred007

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    532
    590
    93
    ලංකාව මුහුදෙන් වෙන් වුණේ අවුරුදු 7000කට කලින් නම්, එදා ලංකාවේ මිනිසුන් කතා කළේ වෙන භාෂාවක් වෙන්න පුළුවන්. අවුරුදු 7000කට කලින් මුහුදු මට්ටම වැඩි වෙලා වෙන් වුනු කතාව ආසන්න වශයෙන් හරි. එහෙත් සිංහල භාෂාව 7000ක් තිස්සේ හුදකලාව සුරැකුනා කියන නිගමනය වැරදි වෙන්න පුළුවන්. මට නම් හිතෙන්නේ මෙතන ලොකු මිශ්‍ර වීමක් සිද්ද වෙලා තියෙනවා කියලා. සිංහල භාෂාව උතුරු ඉන්දියානුවන්ගේ භාෂාව හෙළ බසට මිශ්‍ර වෙලා ඇති වෙච්ච භාෂාවක් කියලයි මට නම් හිතෙන්නේ, සිංහල භාෂාව ශ්‍රී ලංකාවට ලඟින් තියෙන දකුණු ඉන්දියාවේ දමිළ , මලයාලම් භාෂා වලට වඩා උතුරු ඉන්දියාවේ තියෙන හින්දි , පන්ජාබි , බෙංගාලි වැනි ආර්ය භාෂා වලට සමානයි. මොහොතකට හිතලා බලන්න දකුණු ඉන්දියාවට ලඟින්ම තියෙන ශ්‍රී ලංකාවේ ගව් ගානක් ඈත තියෙන හින්දි භාෂාවට නෑකම් කියන භාෂාවක් ඇති වුනේ කොහොමද ? මේක සංක්‍රමණයෙන් ඇති වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. මට දැන් තියෙන ප්‍රශ්නේ හෙළ බසට උතුරු ඉන්දියානු බස මිශ්‍ර වෙන්න කලින් අපේ මුතුන් මිත්තන් කතා කරපු පිරිසිදු සැබෑ හෙළ භාෂාව මොකක්ද කියන එක
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,542
    13,235
    113
    🌎
    තාම බැඳලා නැති නිසා බය නැතිව මේවා කියන්න පුළුවන්. 😁
    අඩෝ මම හිතුවේ උබ වයසක කිරිහාමි කෙනෙක් කියලා 🌝
     
    • Haha
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,441
    4,691
    113
    අඩෝ මම හිතුවේ උබ වයසක කිරිහාමි කෙනෙක් කියලා 🌝
    අත්දැකීම් වැඩි නිසා පොඩ්ඩක් පණ්ඩිතයි. ඒ වුනාට චූ කොල්ලා... :ROFLMAO: සරලව නොකරපු හු______ නෑ.
    ස්කෝලේ කාලේ ඉවර වෙනකොට පොත් එහෙම සෑහෙන කියවලා තියනවා අවුරුද්දුට පොත් 200-250ක් වත් කියවන්න ඇති බන්. ඉගෙන ගත්තා වල බැස්සා sport කලා, සිංහල දමිළ මුස්ලිම් කෙල්ලොන්ගේ ආදරේ වින්දා, අයේ රට ගියාම යුරෝප් කෙල්ලෝ.. කවි ලීවා.. ජීවිතේ ඕම තමයි. දැන් ඉතිං මැරණත් කිසි පසුතැවීමක් නෑ.. හැබැයි වයස අදල නෑ අදටත් මට වඩා වයසින් වැඩි කෙනෙක්ගෙන් වගේම ස්කෝලේ යන පොඩි දෙයෙක්ගෙන් උනත් ඉගෙන ගන්න දෙයක් තියනවානම් ඉගෙන ගන්නවා.
     
    Last edited:
    • Love
    Reactions: clumsyhulk

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,834
    2
    2,118
    113
    On a Cloud
    සිංහල ජාතිකයෝ - මව් බස සිංහල උන මිනිස්සු. ඒකට ආගම අදාළ නෑ. සිංහල බෞද්ධ, සිංහල ක්‍රිස්තියානි, සිංහල ක‍කෝලික අය ඉන්නවා.
    ද්‍රවිඩ ජාතිකයෝ - මව් බස දෙමළ උන මිනිස්සු. ඒකට ආගම අදාළ නෑ. දෙමළ හින්දු, දෙමළ ක්‍රිස්තියානි, දෙමළ ක‍කෝලික අය ඉන්නවා.

    අරාබි ජාතිකයෝ - මව් බස අරාබි උන මිනිස්සු. නැතුව මැදපෙරදිග අරාබියේ ඉන්න මුස්ලිම් මින්ස්සු නෙවේ. අරාබි මුස්ලිම්, අරාබි ක්‍රිස්තියානි, අරාබි ක‍කෝලික ඒ විතරක් නෙවේ අරාබි යුදෙව් ජාතිකයොත් ඉන්නවා. (සිරියාව වගේ රටවල අරාබි යුදෙව් ජාතිකයා් සෑහෙන ප්‍රමාණයක් ඉදලා තියෙනවා එයාලව ඊශ්‍රාලයට අරන් තියෙනවා එක එක මෙහෙයුම් වලින් ) ඒ එක්කම ඉරානය ආරාබි රටක් නෙවේ. මොකද ඉරානයේ මව් බස පර්සි එහෙම නැත්තන් පර්සියන්.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,612
    3,384
    113
    නෑ. මොකද්ද storyline එක
    ඒලියන් කට්ටියක් එනවා... එයාලා හදන්නේ අර්ත් එකේ අයට එයාලගේ භාෂාව දෙන්න.. මොකද එයාලගේ භාෂාව අපේ වගේ රෙකීය එකක් නෙමෙයි...
    එක හරියට දන්න කෙනෙක්ට පුළුවන් කාලය ගැන හැගීමක් නොවී චක්‍රීයව කාලය තෙරුන් ගන්න භාෂාව හරහා...
    ඉතින් ඔහොම සීන් එකක්... පට්ට බලපන්කෝ