Pick me දුවන්න හොද වාහන මොනවද?

xeex

Junior member
  • Aug 18, 2024
    48
    32
    18
    ප්‍රියස් ගොනා මොඩල්. කොහොමත් පට්ට ගහපුවා තියෙන්නෙ ප්‍රියස්. ලක්ෂය දෙක දුවලා කියල දෙන්නෙ හැබැයි. නැත්නං ත්‍රීවීල් එකක් දාපං. දැං උබර් පික්මි ගොඩක් වදින්නේ බයික් ත්‍රීවීල් වලට. කාර් වලට ඉස්සර තරම් නෑ.
    පොඩි කාර් එකක් බැලුවෙ.වැගන් r vage
    මචං ඒක එහෙම ලේසියෙන් නිර්ණය කරන්න බෑ. උඹ දුවන වෙලාව, දුවන ප්‍රදේශය, ටාගට් කරන පැසෙන්ජ්ර් කැටගරිය, දුර ඒවාද ලඟ ඒවාද කියන එක අනුව තමයි තීරණය වෙන්නේ. ලොකු ලීස් දාලා නම් ගන්න එපා මචං මේ කාලේ මොකද රටේ තත්වේ අනුව තෙල් කේස් එකක් අනන් මනන් වුනොත් උඹේ පූර්ණ ආදායම ඒකම වුනොත් උඹ හිර වෙනවා. උඹ එයාපොර්ට්/ දුර හයර් ටාගට් කරනවා නම් හොඳ Boot Space තියෙන වාහනයක් ගන්න ඕන. (තනි පැසෙන්ජර් වගේ එන ඒවා නම් මොනවා හරි කරලා පොඩි වාහනේකට පටවගත්තැකි. නමුත් ගොඩක් වෙලාවට එයාපෝර්ට් එකෙන් දෙන්නෙක් හෝ ඊට වැඩි ඒවා තමයි දුර හයර් විදියට සෙට් වෙන්නේ.) අනික තෙල් කෙරුවාව. පික් මී උබර් දෙකම ගෙවන්නේ සොච්චම් ගණන්. ඉතින් හොඳට තෙල් කරන වාහනයක් ගත්තොත් ලාබ වැඩියි. හයර් වැඩිම කැටගරි එක තමයි Flex (Alto, Nano, Maruti) වගේ ඒවා. නමුත් Mini (WagonR, Aqua, GP5) වගේ අයටත් කැමති නම් Flex Hire අරන් දුවන්න පුලුවන්. උඹ කොළඹ අවට නම් දුවන්නේ සහ දුර ගිහින් නවතින්න එහෙම අකමැති කෙනෙක් නම් හොඳම දේ Hatch Back වාහනයක් ගන්න එක අඩු ගානකට WagonR එකක් වගේ. දුර ඒවා ටාගට් කරනවා නම් සෙඩාන් ටයිප් වාහනයක් ගනින්. Prius/Shuttle/Axio වගේ. මොන දේ කරත් උඹට කාලයක් යනවා උඹට සෙට් වෙන්නේ මොන ටයිප් එකද කියන්න. මගේ පෞද්ගලික් මතය නම් මේ දුවලා හොයන සල්ලි වලින්ම විතරයි නම් ලීස් එක ගෙවන්න ඉන්නේ ලොකු ලීස් දාගෙන හිරවෙන්න එපා. බ්‍රෑන්ඩ් නිව් නෙමෙයිනේ ගන්නේ ඉතින් රෙපෙයාර් එහෙම ආවම හික් ගෑවෙනවා. උඹ මුලින් තීරණය කරපන් මොන පැසෙන්ජර්ලද ටාගට් කරන්නේ කියලා. ඊට පස්සේ ඒකට අදාල වාහනයක් ගනින්.
    වැගන් ආර් එකක් වගෙ තමයි මචන්.ෆිනෑන්ස් එක අඩුවෙන් දාගන්න බැලුවෙ. පිනෑන්ස් එක ලක්ශ 20 වගෙ දාගත්තා නම් අවුලක් නැ
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,026
    1,331
    113
    ශ්‍රී ලංකාව
    පොඩි කාර් එකක් බැලුවෙ.වැගන් r vage

    වැගන් ආර් එකක් වගෙ තමයි මචන්.ෆිනෑන්ස් එක අඩුවෙන් දාගන්න බැලුවෙ. පිනෑන්ස් එක ලක්ශ 20 වගෙ දාගත්තා නම් අවුලක් නැ
    වැගන් ආර් ෆුල් හයිබ්‍රීඩ් නෙවෙයි නේද? ලොකු බූට් ස්පේස් එකකුත් නෑ. මෙන්ටේන් සර්විස් වියදම් බලල තීරණයක් ගන්න.
     
    • Like
    Reactions: xeex

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,173
    5,101
    113
    -In Darkness-
    පොඩි කාර් එකක් බැලුවෙ.වැගන් r vage

    වැගන් ආර් එකක් වගෙ තමයි මචන්.ෆිනෑන්ස් එක අඩුවෙන් දාගන්න බැලුවෙ. පිනෑන්ස් එක ලක්ශ 20 වගෙ දාගත්තා නම් අවුලක් නැ
    WagonR එක තියෙන Situation එකත් එක්ක Safe මචං.