Dialog Home Broadband එකේ Upload Speed එක 0.30 Mbps වලට අඩුයි එපා වෙනවා

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,570
    7,360
    113
    මොන රෙද්දක්ද ඕයි
    ගනිං කෝ ෆයිබර් කනෙක්ශන් එකක්

    ඒකට ගෙදර එකාගෙ ලියුමක් වත් මොනවත් ඕන නැහැ
    ගෙදර බිත්ති කඩන්නෙ නැතිව ඒක හයි කර ගන්න පුලුවන්

    එහෙම කරාම ත්‍රෙඩ් දාල අතේ ගහන්න බැරි හින්ද ඒක ගන්නෙ නැතිව ඩයලොග් එකම තියාගෙන ඉන්නවා
    කෝපරේට් කනෙක්ශන් කියලා උඹ හිතුවෙ වෙන ටවර් වලින් සිග්නල් එනවා කියලාද
    ඒවටත් සලකන්නෙ අනෙක් කනෙක්ශන් වලට දෙන අඩු කුලේ සැලකිල්ලම තමයි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,443
    19,649
    113
    Colombo
    SLT කෝපරේට් ගන්න කතා කලා Hotline එකට කවුද Manager කෙනක් ගේ අංකයක් දුන්නා උන්
    ඌට කතා කළාම ඌ කියනවා කොලබ එකෙක් කියලා අනුරාධපුරේ උන්ට කියන්නම් කිව්වා
    අනුරාධපුරේ එකා මගෙන් BR අරන් මට E-mail එකක් එවනවා දවස් 2දෙකට පස්සේ එකත් මම ඇහුවට පස්සේ
    මම Reply යැව්වා ඌ Reply කරන්නේ නෑ මට , පස්සේ මම උන්ගේ වෙබ් එකේ තියෙන E-mail එකට E-mail කළා Reply නෑ එපා වුනා උන්ව
    මොකටද කෝපරේට් මගුල් කරන්න යන්නෙ
    උඹ විතරනේ වැඩ කරන්නෙ
    කෝපරේට් කනෙක්ශන් එකක් ගත්තා කියලා තියන වාසිය මොකද්ද

    1212 ට email එකක් දාපන් සේරම ටික කියලා. උන කනෙක්ශන් එක දෙනවා

    මම කනෙක්ශන් එක ගනිද්දිත් ටිකක් පහු උනා එවලෙ මම කම්ප්ලේන් කරාම මට ඒ කාලෙ සාමාන්‍ය කනෙක්ශන් වලට free දුන්නෙ නැති 5GHz තියන හොඳ රවුටරයක් දුන්නා ෆ්‍රී.
     
    • Like
    Reactions: AnuradhaRa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,570
    7,360
    113


    මේ උදේ Dialog Airfibre 5G

    ඕක රියල් ඩවුන්ලෝඩ් වලට එනවද
    මොනවා හරි ෆයිල් එකක් හරි windows iso එකක් වගේ ඩවුන්ලෝඩ් කරලා බලන්න
    මගෙත් ඩයලොග් මොබයිල් 5G වල 700Mbps එනවා ස්පීඩ් ටෙස්ට් එකට හැබැයි පුතේ ඩවුන්ලෝඩ් කරන්න ගියාම රියල් ස්පීඩ් එක 100Mbps, (yse lower case b) ක් විතර එන්නෙ
     
    • Like
    Reactions: lilman

    shepard1500

    Active member
  • Apr 9, 2025
    257
    223
    43
    ඕක රියල් ඩවුන්ලෝඩ් වලට එනවද
    මොනවා හරි ෆයිල් එකක් හරි windows iso එකක් වගේ ඩවුන්ලෝඩ් කරලා බලන්න
    මගෙත් ඩයලොග් මොබයිල් 5G වල 700Mbps එනවා ස්පීඩ් ටෙස්ට් එකට හැබැයි පුතේ ඩවුන්ලෝඩ් කරන්න ගියාම රියල් ස්පීඩ් එක 100Mbps, (yse lower case b) ක් විතර එන්නෙ
    100 නම් අවුලක්. උන්ගෙ 200-400 අතර යන්නෙ normal postpaid, prepaid ඒවා ඔක්කොම. ඊට වඩා යන්නෙ power plan 3500, 6000, airtel postpaid විතරයි.
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    932
    699
    93
    එක්කො 5G ගනින්. උන් 5G වලට බෑන්ඩ්විත් වැඩියෙන් දීල නිසා කලින් යස අගේට තිබ්බ 4G slow වෙලා.
    එක්කො SLT fiber.
    ඒත් නැත්තං starlink ගනිං, රියල් අන්ලිමිටඩ්. බැකප් එකට වෙන මොකක් හරි කනෙක්ෂන් එකක් තියාගනින්
     
    • Like
    Reactions: lilman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,361
    12,878
    113
    38
    මොකටද කෝපරේට් මගුල් කරන්න යන්නෙ
    උඹ විතරනේ වැඩ කරන්නෙ
    කෝපරේට් කනෙක්ශන් එකක් ගත්තා කියලා තියන වාසිය මොකද්ද

    1212 ට email එකක් දාපන් සේරම ටික කියලා. උන කනෙක්ශන් එක දෙනවා

    මම කනෙක්ශන් එක ගනිද්දිත් ටිකක් පහු උනා එවලෙ මම කම්ප්ලේන් කරාම මට ඒ කාලෙ සාමාන්‍ය කනෙක්ශන් වලට free දුන්නෙ නැති 5GHz තියන හොඳ රවුටරයක් දුන්නා ෆ්‍රී.
    Support හොද නිසා අවුලක් වුණාම සති ගනම් ඉන්න වෙනවා Internet නැතුව.

    තව Static IP Free ගන්න.

    Dialog නම් කෝපරේට් වලට Outdoor Unit එක Free දෙනවා

    හයි කරලා දෙනවා Free , කෝපරේට් Hotline එකේ තාක්ෂණික අංශයට ගත්තාම Personal
    Connection වලට Hotline ගත්තා වගේ නමේ ඉක්මනින් Answer කරනවා. අපේ ගැටලුව අපි Call එකේ තියෙගන හදනවා හදලා අපිට පරික්ෂා කරන්න කියනවා. ගෙදරට Team එකක් එවනවා උන්ට හදන්න බැරි ඒවාට අර Team එක කෝපරේට් ඒවාට එසැනින් ගෙදර එවනවා කියලා උන් මට කිව්වේ Personal Connection වලට සල්ලි ගන්නවා කිව්වා එසැනින් එන්නේ නැහැ කියලා කිව්වේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,443
    19,649
    113
    Colombo
    Support හොද නිසා අවුලක් වුණාම සති ගනම් ඉන්න වෙනවා Internet නැතුව.

    තව Static IP Free ගන්න.

    Dialog නම් කෝපරේට් වලට Outdoor Unit එක Free දෙනවා

    හයි කරලා දෙනවා Free , කෝපරේට් Hotline එකේ තාක්ෂණික අංශයට ගත්තාම Personal
    Connection වලට Hotline ගත්තා වගේ නමේ ඉක්මනින් Answer කරනවා. අපේ ගැටලුව අපි Call එකේ තියෙගන හදනවා හදලා අපිට පරික්ෂා කරන්න කියනවා. ගෙදරට Team එකක් එවනවා උන්ට හදන්න බැරි ඒවාට අර Team එක කෝපරේට් ඒවාට එසැනින් ගෙදර එවනවා කියලා උන් මට කිව්වේ Personal Connection වලට සල්ලි ගන්නවා කිව්වා එසැනින් එන්නේ නැහැ කියලා කිව්වේ.
    පිස්සුද බන් උඹට
    ගෙදර server host කරනවාද static ip අරගෙන.

    Dialog වල නෝමල් කනෙක්ශන් වලටත් 4000ට වැඩි පැකේජ් තියනවා නං outdoor unit එක free දෙන්නෙ, free හයි කරලා දෙන්නෙ
    අවුලක් නං ගෙදරට ඇවිත් බලලා ඕන දෙයක් කරනවා ඒ සේරම ෆ්‍රී. මම අවුරුදු ගානක් dialog home bb use කරේ. ඕන තරං ගෙදරට ඇවිත් issues fix කරලා තියනවා සල්ලි අරගන්නෙ නැහැ
    static ip එක ෆ්‍රී නැහැ, මාසෙට 1350යි ද කොහෙද.

    මම දැන් SLT යූස් කරන්නෙ හැබැයි static ip නැහැ නමුත් public ip pool එකේ ඉන්නෙ. dyndns දාල static ip වලින් කරන ඕන දෙයක් කරගන්න පුලුවන්

    මම SLT එක අරගෙන අවුරුදු දෙකයි. ලොකු issue එකක් උනේ එක පාරයි එවලෙත් හදනකල් 4G router එකක් දෙන්නම් කිවුවා.

    රුපියල් 4000-5000 බිල් ගෙවන කනෙක්ශන් කෝපරේට් උනා කියලා වැඩක් නැහැ උන් ගනං ගන්නෙ නැහැ
    ඊට වඩා ලොකු බිල් ගෙවන personal connection වලට සලකනවා
     

    vito

    Well-known member
  • May 5, 2008
    11,048
    1
    12,427
    113
    අදාළ නෑ නේ
    නඳුනට නල ලිඳේ පොටෝ එකක් දාන්න කිව්වම 🤭
    Dont Look No GIF by Santa Cruz Warriors
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,570
    7,360
    113
    නඳුනට නල ලිඳේ පොටෝ එකක් දාන්න කිව්වම 🤭
    Dont Look No GIF by Santa Cruz Warriors
    අද ඩෝසරයක් ඇවිත් නල ලිඳ තිබුනු තැන ඩෝසර් කරලා ගිහින්
    අල්ලපු වත්තෙ එකා ඇවිත් එතන පිඩලි අල්ලලා ගිහින්
    දැන් ෆොටෝ ගත්තට නල ලිඳක් නැහැ තියෙන්නෙ තණකොල බිමක් විතරයි
    ඩෝසර් කරපු පාරක් වත් නල ලිඳක් තිබුනු පාරක් වත් නැහැ දැන්