කැලිෆෝනියාවේ පිහිටි ‘Six Flags Magic Mountain’ විනෝද උද්යානය සිය ජනප්රියම අංගයක් වන ‘X2’ රෝලර් කෝස්ටරය (rollercoaster) ස්ථිරවම වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ එහි ගමන් කළ මගීන් සිය ගණනක් තමන්ට දරුණු ලෙස මොළයේ ආබාධ සිදු වූ බවට කළ බරපතළ චෝදනාවලින් අනතුරුවයි.
මෙම උද්යානයේ ප්රධානතම ආකර්ෂණයක් වූ මෙම රෝලර් කෝස්ටරය අංශක 360ක් භ්රමණය වන ආසනවලින් සමන්විත වූ අතර මගීන්ට එහි ගමන් කිරීම සඳහා දිගු වේලාවක් පෝලිම්වල රැඳී සිටීමටද සිදුවුණා.
කෙසේ වෙතත් එල්ල වූ චෝදනා මත පසුගිය ජූලි මාසයේ සිට මෙය තාවකාලිකව වසා දමා තිබුණා.
අදාළ රෝලර් කෝස්ටරය ආරක්ෂිත පරීක්ෂණ රැසකින් සමත් වී තිබුණද, මේ මොහොතේ “කළ යුතු නිවැරදිම දේ” එය බැවින් මෙම තීරණය ගත් බවයි Six Flags පාලනාධිකාරිය පවසන්නේ.
මෙම වසා දැමීම නිවේදනය කරමින් උද්යානයේ සභාපති බ්රයන් ඕර්ඩින් සඳහන් කළේ, “ආරක්ෂාව යනු අපගේ ව්යාපාරයේ මූලිකම අංගයක්. අමුත්තන්ගේ විශ්වාසයට හානි වී ඇති බව පෙනෙන විට අපි එය ඉතා බැරෑරුම් ලෙස සලකනවා,” යනුවෙන්.
https://www.itnnews.lk/2026/09/30/836097/