Copied
රත්නපුර දිස්ත්‍රික් මහලේකම්තුමා ඇතුලු කාර්යාලය, රත්නපුර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, රත්නපුර ප්‍රාදේශීය සභාව සහ සිරිපා මලුවේ සියලුම ගිහි පැවිදි භාරකරුවන් වෙත සංවේගයෙනි,
දැනටමත් සදාතනික කැලැල් දෙකක් සමනල කන්දට එක් කල මේ දැවැන්ත සෝචනීය නායයෑම් දෙක සිදු වී ඇත්තේ සිරිපා මලුවේ සිට බව ඇස් පෙනෙන කාටත් පහත පින්තූරය බැලූ විට පෙනි යයි.
මලුවේ සිට නාය යෑමට තරම් එක් රැස් වන කසල මොනවාදැයි අපි බලමු.
01. ඔබ වදින්න ගෙන එන මල්
02. කුස්සියෙන් බැහැර කරන ආහාර ද්‍රව්‍ය
03. ඔබ ගෙන එන ආහාර සහ
04. ඒවායේ ඇසුරුම්
05. මැටි පහන්
06.හඳුන්කූරු කවර
07. තෙල් බෝතල්
08.. බෑග් වර්ග
09. ඇදුම්
10. සපත්තු / සෙරෙප්පු
බැලූ බැල්මට මේවායින් කොටසක් දිරාපත් වන ද්‍රව්‍ය වන අතර බිස්කට් පැකට්, රබර් ආශ්රිත නිෂ්පාදන, ප්ලාස්ටික් පොලිතීන් නොදිරන ද්‍රව්‍ය වේ.
පසුගිය දිනවල අප සමූහය විසින් පලකරන ලද නායයෑමේ කසල අපද්‍රව්‍ය වල මේ සියල්ල තිබිණි.
දිරන අපද්‍රව්‍ය පවා අධික සීතල සහ තෙතමනය නිසා ස්වභාවිකව දිරාපත් වන ක්‍රියාවලිය සිදුවන්නෙ ඉතා සෙමෙන් වන අතර,පසේ ආම්ලිකතාවය ඉහල ගොස් පසේ ස්ථාවරත්වය බිදී නායයෑමට මග පාදයි.
මලුවේ කසල ඉවත් කිරීම සඳහා අප විසින් 2024 වර්ෂයේ සිට ලිඛිත යෝජනා අදාල බලධාරීන් වෙත ගෙනවිත් ඇත.
මලුවේ එක්වන අපද්‍රව්‍ය කළමනාකරණයේ ඇති වැදගත්කම දැන් බොහෝ කාලයක සිට රත්නපුර දිස්ත්‍රික් ලේකම්තුමා ප්රමුඛ ලේකම් කාර්යාලය, රත්නපුර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය සහ රත්නපුර ප්‍රාදේශීය සභාව විසින් හදුනාගෙන ඒවාට සැලසුම් සකස්කර ඇති බව අපි හොදින් දනිමු. එසේ නමුදු අප නොදන්නා හේතුවක් මත එම සැලසුම් බාලගිරි දෝෂයට හසුවී දිට්වා වලට හසුවී කලුගග දිගේ ගසාගෙන ගොස් කලුතරින් මූදට වැටී දැන් දියවැලකට හසුවී ඇන්ටාක්ටිකාව දෙසට ඇදී නොපෙනී ගොස් ඇති බව අපට පෙනේ.
ගරු දිස්ත්‍රික් ලේකම්තුමනි,
නිසි බලධාරයනි,
පී.බී. අල්විස් පෙරේරා මහතා ලිව්වේ සතර මහා ගංගා සමනල කන්දේ සිට පැන නැග්ගා කියා මිස, සතර මහා නායයෑම් සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා කියා නොවේ. දැනටමත් මාස 8ක් තුල සමනල කන්දේ දෙපසකින් කොලපාට සලුපිලි ලෙහී සුදුපාට පර්වතය මතුවන තෙක් නායයෑම් දෙකක් සිදුවී තිබේ.
මේවා සුලුකොට තැකුවහොත් හෞ තවත් කාලයක් සැලසුම් සකස් කරමින්ම සිටියොත් , සමනල කන්දේ කසල කලමණාකාරණය සඳහා තවදුරටත් සැලසුම් සකස් කිරීමෙන් වැඩක් නැති වන්නටද පිළිවන. එබැවින් තවත් ප්‍රමාද නොවන්න. මේ මොහොතේම ඔබ ක්‍රියාත්මක වන්න. අවශ්‍ය ප්‍රසම්පාදන සදහා කඩිනමින් ක්‍රියාත්මක වන්න. ඊලග සිරිපා වාරයට තව මාස දෙකක් ඉතිරි වී තිබේ.
මලුවට මේ කුණු කන්ද තවදුරටත් දරාගත නොහැකිය. සදාකාලික වේදනාවක් විඳිනවාට වඩා දැන්වත් ක්‍රියාත්මක වී මලුවේ කසල ප්රශ්නය විසඳන්න.
ඒ වෙනුවෙන් අපිට කල හැකි සෑම දෙයම අපි කරමු.
ලේකම්
සමනල කන්ද රසික එකමුතුව