Elakiri සාමාජිකත්වය ගෙන වසර 20

waca

Well-known member
  • Nov 13, 2006
    4,081
    2,676
    113
    Nugegoda
    2005-2007 වගෙ කාලයෙ මගේ වයසෙ ගොඩක් අයට වගේ මටත් හැදෙනව Music video එකතු කිරීමේ පිස්සුවක්. ඒ කාලෙ ඉතින් 50 mb file එකක් බාන්නත් යම් කාලයක් යනව. ඔය කාලෙ ජනප්‍රිය වෙච්ච ලංකාවෙ වෙබ් අඩවි කීපයක් තිබුන kaputa.com, Sinhalaya.com, ClublLk, ananmanan, gallezone වගේ. මම ඒ කාලෙ මුලින්ම වීඩියෝ බාගන්න බාවිතා කරේ gallezone කියන වෙඩ් අඩවිය. ඒක ඒ කාලෙ සෑහෙන ජනප්‍රියයි. මම පරිගණක පාඨමාලාව කරපු ලැබ් එකෙන් තමයි ඕව ඩවුන්ලෝඩ් කරේ. ඔහොම යද්දි 2006 දි විතර තමයි elakiri කියල අඩවියක් ගැන අහන්න ලැබෙන්නෙ. පෝස්ටර් හා ස්ටිකර් කැම්පේන් එකකුත් තිබුනද කොහෙද. එතකොට මම දන්න සමහර අය කියලත් තිබුන මතකයි gallezone වල වීඩියෝ වලට වඩා elakiri වල වීඩියෝ හොඳයි කියල. ඔන්න ඔහොම තියෙද්දි තමයි මීට විසි වසරකට පෙර මම අද වගේ දිනක Elakiri එකේ සාමාජිකත්වය ලබාගත්තෙ. මුල් කාලෙ මම මේක පාවිච්චි කරේ වීඩියෝ බාන්න විතරයි, forum එකට වැඩිපුර ගියේ නෑ. හැබැයි පස්සෙ තේරුනා මේකෙ forum එක නැගල යනව නේද කියල.


    ඒ කාලෙ මේකෙ නිසඳැස්, කවි, ලේාකෙ සහ ලංකාවෙ වෙච්ච විශේෂ සිදුවීම්, තාක්ෂණය, රථවාහන සහ බයික්, රැකියා ගැන අදහස්, අධ්‍යාපනික ආයතන ගැන අදහස්, ජීවිතය ගැන අත්දැකීම් හුවමාරු කිරීම්. මුල් කාලෙ කාන්තා පාර්ශවයෙත් යම් ප්‍රමාණයක් හිටිය. මට මතකයි ඒ කාලෙ ලංකාවෙ ප්‍රධානතම පරිගණක අලෙවි ජාලයක් වුන PC House එකෙන් කරපු වැඩ expose කරන්නත් elakiri සෑහෙන දායකත්වයක් දුන්න. ඒ PC House වහලම දැම්ම (දැන් තියෙන්නෙ වෙන PC House එකක්). Elakiri site එකට ඒ කාලෙ ඒ තරම් බලයක් තිබුන.



    මට ananmanan වලත් සාමාජිකත්වය තිබුන වගේ මතකයි, දැන් ඒකෙ forum එක නෑ (site එක තියෙනව). Gallezone පස්සෙ music.lk වුනා, මීට අවුරුදු තුන හතරකට පෙර ඒකත් අයින් වුනා. SL-Unlimited කියල එකකත් හිටිය. ඒකත් දැන් නෑ. මේ ඔක්කොම අලකලංචි අස්සෙ, අවුරුදු 20කටත් වැඩි කාලයක් තිස්සෙ elakiri කොහොමහරි ඇදගෙන යනව. මම දන්නෙ නෑ elakiri තව කොච්චර කාලයක් තියේවිද කියල, මොකද ඉස්සර තිබුන ගතිය දැන් නෑ. ඒකාකාරීයි. Global online community platforms වලට මිනිස්සු හුරු වුන හින්ද දැන් ඉස්සර තිබුන ජනප්‍රියත්වය දැන් නෑ.


    Elakiri site එක දිගුකල් වැජඹේවා....
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,361
    7,264
    113
    මට ananmanan වලත් සාමාජිකත්වය තිබුන වගේ මතකයි, දැන් ඒකෙ forum එක නෑ (site එක තියෙනව). Gallezone පස්සෙ music.lk වුනා, මීට අවුරුදු තුන හතරකට පෙර ඒකත් අයින් වුනා. SL-Unlimited කියල එකකත් හිටිය. ඒකත් දැන් නෑ. මේ ඔක්කොම අලකලංචි අස්සෙ, අවුරුදු 20කටත් වැඩි කාලයක් තිස්සෙ elakiri කොහොමහරි ඇදගෙන යනව. මම දන්නෙ නෑ elakiri තව කොච්චර කාලයක් තියේවිද කියල, මොකද ඉස්සර තිබුන ගතිය දැන් නෑ. ඒකාකාරීයි. Global online community platforms වලට මිනිස්සු හුරු වුන හින්ද දැන් ඉස්සර තිබුන ජනප්‍රියත්වය දැන් නෑ.

    Elakiri site එක දිගුකල් වැජඹේවා....
    hariyata moderate wenne nathi nisa ban.. issara kiri kale tibbe goma tikai.. dan tiyenne goma kale kiri tikai
     

    david345

    Active member
  • May 20, 2020
    277
    229
    43
    2008 කාලේ වගේ මං elakiri ආවේ මුලින්ම.

    A dawas wala මාතලන් කියල blog එකක් තිබ්බා, ඒක බලනවා, සින්ඩිය.com එකේ sinhala blogs kiyak tibbada. Hemoma a dawas wala sinhala blogs liuwa.

    Elakiri එකේ ගොඩක්ම trending ගිය කතා තමා bike ගැන. රත්තරන් කියල නමක් හිටියා bike thread වල මතකයි තාම.

    මං ඒ දවස් වල ගොඩක් engage උනේ නෑ elakiri එකේ. නමුත් ඉස්සර මොනාහරි හොයාගන්න ඕන උනාම google එකේ Elakiri කියලා search කරනවා අනන්තවත්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,491
    9,929
    113
    Talking The Simpsons GIF by Respective
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,536
    10,532
    113
    Galaha
    මේක කියවගෙන කියවගෙන යද්දි ඒකාලේට ගියා වගේ ටිකකට හරි. අනංමහං එක අමතකත් වෙලා තිබ්බෙ. ගාලසෝන් එක මියුසික් එල්කේ උන එක මතකයි. මාත් කිරියට ගොඩවෙලා තව අවුරුදු 3කින් අවුරුදු 20යි. මේක් අමගේ දෙවනි එකවුන්ට් එක. කලින් එක ඇත්ත නමින් තිබුන නිසා අයින් කරන්න උනා.