තනිකඩ ජීවිතය සහ කෝපි කඩේ සිරිසේනගෙ ඉරණම

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,913
    36,201
    113
    හොඳම දේ පුලුවන් කාලේ සීනි පිටි සහිත කෑම අවම කරලා
    සැහල්ලු ක්‍රියාකාරී ශරීරයක් පවත්වා ගැනීම
    දැන්ම තියා මනස නිරෝගිව තියාගන්න පුරුදු වෙයල්ලා.
    සෘණාත්මක දේ අහන බලන කියවන එක දැන්ම තියා නවත්තපල්ලා
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,327
    5,792
    113
    කසාද බැන්දා නොබැන්දා කියලා වෙනසක් නැහැ. ළමයි වයසක දෙමව්පියෝ පාරේ දාලා යන විස්තර ඕන තරම් අහන්න තියෙන්නේ. මොනවා උනත් ඔය කාලේදී යහමින් අතේ සල්ලි තිබුනොත් ඔක්කොම ප්‍රශ්න ඉවරයි
    සල්ලි යහමින් තිබුන කියලම වැඩක් වෙන්නෑ මචෝ ඒවා මේන්ටේන් කරන්න සක්තියක් හැකියාවක් නැහැනේ අබල දුබල කාලේ ඉදිරිපත් වෙන එකා සල්ලි ගත්ත පයින් ගැහුවා.

    වික්ටර් අංකල්ට සල්ලි තිබුන නිසා හොදින් ඉන්නවා කියලා. හිතනවා. නමුත් ඇත්ත තත්වය දන්නෑනේ. බලු සුනඛ ගානට වැටිලද කියලා🙂
     

    dillido

    Well-known member
  • Sep 17, 2025
    239
    305
    63
    ගොඩක් අය වයසට යනකොට හොඳ සිහිය ටික ටික අඩුවෙලා නතිවෙළම යනවා. ඒකාලේ සල්ලි තිබ්බා කියලා වැඩක් නෑ.. එහෙම සමහර්ක් පාරේ ඉබාගාතේ යනවා. හිඟමනේ යනවා. සමහර අයට ළමයි හිටියත් අන්තිම කාලේ බලන්නේ නෑ. එහෙම ඒවත් තියෙනවා.. සිහියෙන් මැරෙන මිනිස්සු අඩුයි..
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,686
    3,420
    113
    Bandarawela
    බැන්ද කියල වෙනසක් නැ. ලෙඩ උනොත් ගෑණි ළමයි ඔක්කොටම දුකනේ. 80% sure උපරිම තව අවරුදු 20ක් ඇතුලත assisted suicide ගොඩක් hospitals වල කරයි. ලෝකෙම නාකි වැඩි වෙනවා.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,779
    1
    12,460
    113
    Start drinking today, and your liver will give up before 60

    Celebrate Happy Hour GIF by Arrow Video
    ape thaththta non alcoholic cirrhosis thibbe.patta dukak winde nathi wenna kalin. hithannawath honda nathi leda bn :dull:
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,048
    6,265
    113
    රොඩ්නි සිරිසේනගෙ බෝඩිං කාමරේට ගිහින් දාපු වීඩියෝ එකක් දැක්කා. ඔක්කොම බැලුවෙ නෑ මං.
    බදින්නෙ නෑ කියල තීරණය කරලා ඉන්න අයගෙන් අහන්නෙ.
    ඇත්තට ම මොකද්ද උඹලා කරන්නෙ නාකි උනා ම?
    ජීවිතේ 60න් පස්සෙ suicide කරගන්න ඕන කියල හිතුන ඒ උනට එක කරන්නත් බෑනෙ.
    පවුලෙ අය කවුරුවත් උඹලට නෑ කියල තේරුණාම උඹලගෙ තීරණය මොකද්ද ළමයි හදන්නෙත් නැත්නම්?
    අනාත නිවාස නම් ෂුවර් කරන්න බෑ සතපහකට. එතනදිත් සල්ලි දේපල පවරා ගත්තට පස්සෙ අතේ පයේ හයිය නැති උනා ම තනිකර උනුත් නිකං ගෙවල් වලින් එළවන දරුවො වගෙ තමයි.හාට් ඇටෑක් හැදෙන අය ඇක්සිඩන්ට් වෙන අය එක පාරට අතුරු දහන් වෙන අය වෙලාවකට වාසනාවන්තයි බං.
    Eyata Lamai innawa neda
     
    • Like
    Reactions: NRTG

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    1,011
    1,075
    113
    හොඳම දේ පුලුවන් කාලේ සීනි පිටි සහිත කෑම අවම කරලා
    සැහල්ලු ක්‍රියාකාරී ශරීරයක් පවත්වා ගැනීම
    දැන්ම තියා මනස නිරෝගිව තියාගන්න පුරුදු වෙයල්ලා.
    සෘණාත්මක දේ අහන බලන කියවන එක දැන්ම තියා නවත්තපල්ලා
    මොන නැටුම් නැටුවත් නාකි වෙනකොට දිරනවා බං මස්ල්ස්. අනික නිරෝගී ව ඉන්නව කියන්නෙ සෑහෙන්න කාලයක් ජීවත් වෙලා දුබල වෙලා තමයි මැරෙන්නෙ
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,257
    1,743
    113
    ශ්‍රී ලංකාව
    මේ මනුස්සයා නං අසරණ වෙලා නැහැ. තමාගෙ පාඩුවේ ඉන්න කැමැති කෙනෙක් වගෙ. මාසෙකට 50ක් කුලිය කඩෙන් කන්න බොන්න සල්ලි යනවා. මහා ධනවතෙක් නොවුණට හිඟන්නෙක් නෙවෙයි.

    අර ඩයනා කුමරිය ගැන කියන්නෙත් අනුකම්පාව ගන්ඩ නෙවෙයි. රජ ගෙදර හිටියත් බෝඩිං කාමරේ හිටියත් යන්නෙ වල පල්ලට කියලා තේරුම් කරන්න.

    ෆෝන් එක උස්සන්නෙත් නැත්තෙ ලංකාවේ ගොබ්බ පැටවු ටික කෝල් කර කර වද දෙනවා ඇති.

    කාර් බාර් වාහන තට්ටු දෙකේ ගෙවල් ගෑණි ළමයි කියන්නෙ හැම කෙනාටම වත්කම් නෙවෙයි. මේ මනුස්සයාගෙ සෞඛ්‍යය බලපං ඒකම ලොකු වත්කමක්.

    නිදහසේ ඉන්න කැමැති මනුස්සයාව හිඟන්නෙක් ගාණට වැටෙනවා මේකෙන්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,842
    1
    21,391
    113
    35
    Spain
    බැන්ද කියල වෙනසක් නැ. ලෙඩ උනොත් ගෑණි ළමයි ඔක්කොටම දුකනේ. 80% sure උපරිම තව අවරුදු 20ක් ඇතුලත assisted suicide ගොඩක් hospitals වල කරයි. ලෝකෙම නාකි වැඩි වෙනවා.


    අවසන් ගමන​

    බාස්, හොස්පිස් මධ්‍යස්ථානය වෙත යන ගමන සඳහා ෆ්‍රීස්ලන්ඩ් ප්‍රදේශයේ මනරම් තණබිම් සහ ඇළ මාර්ග පසුකර යන පරිදි සුන්දර මාර්ගයක් කලින් ම සැලසුම් කර තිබිණි.
    ''මට තාමත් මුළු ගමන ම මතකයි,'' ඔහු පවසයි. ඔහුගේ මව පිටුපස අසුනේ සිටි අතර ඔහුගේ පියා ඔහුට යාබද අසුනේ අසුන් ගත්තේය. පළමුව, ඔවුහු කතා කළහ. අනායාස මරණය තෝරා ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් එල්ස් සිටියේ දැඩි අධිෂ්ඨානයකිනි.
    "මගේ අම්මා ඒ තීරණය ගැන දැඩි විශ්වාසයකින් හිටියේ. ඒ දේ කරන්න ඇය ස්ථිරව ම තීරණය කරලයි හිටියේ," බාස් පවසයි. "නමුත් මගේ තාත්තා හිටියේ ටිකක් හැඟීම්බර වෙලා."

    ඔවුන් මේ තීරණය ගැනීම නිවැරදි දැයි ජෑන් සිය පුතාගෙන් විමසීය. එය බාස්ව දැඩි පුදුමයට පත් කළේ ය. ඔහු සිතා සිටියේ මේ පිළිබඳව දෙගිඩියාවක් ඇති විය හැක්කේ සිය මවට බවයි.
    "මගේ අම්මා හැමදාමත් ජීවිතය හරි ම සතුටින් විඳපු කෙනෙක්," ඔහු පවසයි. "මට මතකයි ඇය දවසක් මට කිව්වා, 'මම අවුරුදු 80ක්, සමහරවිට 90ක් වුණත් ජීවත් වෙන්න හරි ම කැමතියි' කියලා."
    නමුත් ඔහුගේ පියා ඔහු විඳි වේදනාව නිසා දශකයකට වැඩි කාලයක් පුරාවට අනායාස මරණය ගැන කතා කරමින් සිටියේ ය.
    මෝටර් රථය තුළදී බාස් සිය පියාගේ සිත සන්සුන් කළේ ය. ජෑන් සන්සුන් වූ පසු ඔවුහු කිසිවක් කතා නොකර ගමන් කළහ. සංගීතයට සවන් දෙමින්, මග දෙපස දිස් වූ සුන්දර පරිසරය නරඹමින් ඔවුහු ඉදිරියට ගියහ.
    ඔවුන් මෙම ගමන යාමට පෙර ගත වූ මාස කිහිපය තුළ, සිය මවුපියන්ගේ මරණය කල් දමන ලෙස බාස් ඔවුන්ට ඒත්තු ගැන්වීමට උත්සහ කර තිබිණි.
    "තව ටික කාලයක් ජීවත් වෙන්න කියලා මම ඔවුන්ට ඒත්තු ගන්වන්න උත්සහ කළා. ඇයි ශීත කාලය වෙනකම්, එහෙමත් නැත්නම් ලබන අවුරුද්ද වෙනකම් ඉවසලා බලන්න බැරි?"
    බාස් සිටියේ දෙගිඩියාවකිනි. සිය මවුපියන් අනායාස මරණය ඉල්ලා සිටීමට ගත් තීරණය නිවැරදි බව ඔහු සිතුව ද, ඔවුන් මෙලෙස ජීවිතයෙන් සමුගන්නවාට ඔහු කැමති වූයේ නැත.
    "මගේ තාත්තා අවුරුදු 10ත් 15ත් අතර කාලයක් මේ තත්ත්වයෙන් පීඩා වින්දා. ඒ නිසා ඔහුට තවත් අවුරුදු කිහිපයක් වුණත් ජීවත් වෙන්න තිබුණා. නමුත් මම හිතන්නේ, තවත් අවුරුද්දක් බලාගෙන හිටියා නම් මගේ අම්මාට ගැටලු ඇති වෙන්න තිබුණා..."
    එල්ස් අනායාස මරණය සඳහා අයැදුම් කිරීම කල් දැමුවහොත්, ඇයගේ ඇල්සයිමර් රෝගී තත්ත්වය තවදුරටත් උත්සන්න වීමේ අවදානමක් තිබිණි. එසේ වුවහොත්, තම ජීවිතය අවසන් කර ගැනීමට තීරණය කිරීමේ මානසික හැකියාව ඇයට තවදුරටත් නොමැති බවට විනිශ්චය වීමට ඉඩ තිබිණි.

    රෝගී සත්කාර මධ්‍යස්ථානයේදී​

    බාස් වාහන නැවැත්වීමට ඉඩකඩක් සොයා ගත්තේ ය.
    "මගේ තාත්තා මගේ කාර් එකටත් සමුදුන්නා. ඔහු මගේ කාර් එකට හරි ම කැමතියි. 'ගූඩ් ජොබ්' කියලා, 'ස්තුතියි' කියලත් ඔහු කිව්වා."
    "ඊට පස්සේ අපි ඇතුළට ඇවිදගෙන ගියා," බාස් පවසයි. "ඒ වගේ දෙයක් කරන එක ගැන හිතලා බලන්න. ඔවුන්ගේ තත්ත්වයේ ඉඳගෙන, ඒ ගමන ඇවිත්, ඉන්පසු ඒ විදිහට ඇතුළට ඇවිදගෙන යන එක. ඒක හිතාගන්නත් බැරි තරම් අසාමාන්‍ය අත්දැකීමක්."
    ඊළඟ පැය දෙක තුළ, එම යුවළගේ පවුලේ සාමාජිකයෝ සහ මිතුරෝ වරින් වර එහි පැමිණියහ. ඔවුහු අතීත මතකයන් අවදි කළහ. සංගීතයට ද සවන් දුන්හ. එක් අවස්ථාවකදී, සිදුවෙමින් තිබූ සියල්ල නතර කරන ලෙස ඉල්ලා සිටීමට බාස්ට සිතිණි.
    "මට මෙහෙම සිතුවිල්ලක් ඇති වුණා. 'හරි, අපි මෙතැනින් යමු... ආපහු කාර් එකට ගිහින් වෙනත් තැනකට යමු' කියලා," ඔහු පවසයි. "නමුත් ඔවුන්ගේ තීරණය ගැන යම් දෙගිඩියාවක් ඇති වන ආකාරයේ දෙයක් කියන්න මට අවශ්‍ය වුණේ නැහැ. මොකද, මම මුල සිට ම ඒ සමස්ත [අනායාස මරණ] ක්‍රියාවලියට සහය දීලයි තිබුණේ."

    "හැමෝම සන්සුන්ව තියාගෙන, ඒ මොහොතේ ඔවුන්ට සමුදීම වඩාත් සුදුසුයි කියලා මම හිතුවා."
    උදෑසන 10.30ට මොහොතකට පෙර, ජෑන්ට සහ එල්ස්ට ජීවිතය අවසන් කරන ඖෂධ එන්නත් කිරීම සඳහා වෛද්‍යවරු පැමිණියහ. එම යුවළ රෝහල් ඇඳන් දෙකක එකිනෙකාට යාබදව වැතිර සිටියහ. සිහිසුන් වීමට පෙර ගත වූ ඒ අවසන් මොහොතේදී, සිය මවුපියන් අතර පැවති සමීප බැඳීම දැකගැනීමට බාස්ට හැකි විය.
    "මගේ මුළු ජීවිත කාලයට ම ඔවුන් අත් අල්ලාගෙන ඇවිදිනවා මම දැකලා ඇත්තේ තුන් හතර වතාවක් විතරයි," ඔහු පවසයි. "නමුත් ඒ මොහොතේ ඔවුන් දෙදෙනා එකිනෙකාගේ අත් අල්ලාගෙන එහි වැතිර සිටියා. ඒ දර්ශනය මගේ හිතට ලොකු සැනසීමක් ගෙනාවා. ඔවුන් ඇත්තට ම මේ දේට මුහුණ දෙන්නේ එකටයි කියන හැඟීම මට ඇති වුණා."
    මවුපියන්ගේ හුස්ම නතර වූ පසු ගත වූ පළමු පැය භාගය බාස් විස්තර කරන්නේ "සත්‍යයක් ලෙස පිළිගත යුතු දෙයක්" ලෙසයි. ඒ වන විට ඔවුන් තවදුරටත් ජීවතුන් අතර සිටියේ නැත.
    "ඊට පස්සේ තමයි සිදුවී තිබෙන්නේ කුමක් ද කියලා ඇත්තට ම තේරෙන්නේ. ඒක වචනවලින් විස්තර කරන්න බැරි තරම් හැඟීමක්."
    සත්කාර මධ්‍යස්ථානය තුළදී බාස් දැඩි ශෝකයකින් වෙළා ගත්තේ ය. ඉන්පසු ඔහුට ගැඹුරු තනිකමක් දැනෙන්නට විය.ය.
    "ශෝකය කියන්නේ ඉතාමත් ගැඹුරින් අත්විඳීමට සිදුවන දෙයක්," ඔහු පවසයි. මට සහෝදර සහෝදරියන් නැහැ. ඒ නිසා මට ඇත්තට ම දැනුණේ මම තනිවෙලා කියලයි."
    දෙමව්පියන් දෙදෙනා විසින් ඇතිදැඩි කරනු ලැබූ අයෙකුගේ මව හෝ පියා මියගිය විට, එක් අයෙකු සමග ඒ පිළිබඳ මතකයන් බෙදාගනිමින්, ශෝකය දරාගැනීමට හැකියාවක් තිබේ. එය ශෝකය සමග ජීවත් වීමේ ක්‍රියාවලියේ කොටසකි. නමුත් ජෑන් සහ එල්ස් දෙදෙනා ම එකවර ඔහුට අහිමි වී සිටියහ.
    "ඒක මගේ කකුල් කපලා දැම්මා වගේ දෙයක්," බාස් සිහිපත් කරයි.
    ඔහුගේ ශෝකය කායිකව ද දැනෙන්නට විය - සති හතරක් හෝ පහක් ඔහු අසනීපයෙන් පසුවිය. ඔහුගේ ශරීරය රිදුම් දෙන්නට විය.
    "මම නම් මේක අන් අයට නිර්දේශ කරන්නේ නැහැ. ඒක ඇතැම්විට තරමක් අසීරු තීරණයක් වෙන්න පුළුවන්," ඔහු පවසයි. "මගේ මවුපියන්ට එය හොඳ ම විකල්පය වන්නට ඇති. නමුත් ඔවුන් දෙදෙනා ම එක ම මොහොතක අහිමි වීම මට ඉතාමත් දැඩි බලපෑමක් ඇති කළා."

    ​


    https://www.bbc.com/sinhala/articles/cq4gnpd9jxlro.lite
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,913
    36,201
    113
    නිකමට බලපංකෝ වයසට ගිය කෙට්ටු ශරීර තියෙන ගොඩක් අය තමන්ගේ වැඩ ටික හරි කරගන්නවා.
    කඳ බඩ ආරපු උන්ට 50 පනිද්දිම ඇවිද ගන්නත් බෑ.
    ශරීරය කෙසේ වෙතත් මනස නිරෝගීව තියා ගන්න එකයි වඩාත් වැදගත්ම දේ.
    අද කාලේ සෝෂල් මීඩියා එක්ක ගොඩක් අය කුණු කන්දල් තමයි අහන්නේ බලන්නේ
    දන්නෙම නැතුව මනස විකෘති වෙලා යනවා
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,473
    10,968
    113
    තරුණ වයසේ තියෙන ගැම්ම එක්ක ටික කාලයක් ඉන්නවා..තව ටික කාලයක් ගැම්මෙන් හිටපු නිසා ලැජ්ජාවට එහෙම්ම ඉන්නවා..අනිතිමට නොදැනීම කෙලවෙලා..තනිකම කියන තරම් ආතල් නම් මෙච්චර මිසින්නු කසාද බදින්නේ ඇයි කියලා ටිකක් හිතන්න ඕනේ ඉතින්..එහෙනම් තනියම ඉන්න උන් හෙනට ඉන්න ඕනේ බැදපු උන්ටත් wada
     
    • Like
    Reactions: NRTG and Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    1,011
    1,075
    113
    බැන්ද කියල වෙනසක් නැ. ලෙඩ උනොත් ගෑණි ළමයි ඔක්කොටම දුකනේ. 80% sure උපරිම තව අවරුදු 20ක් ඇතුලත assisted suicide ගොඩක් hospitals වල කරයි. ලෝකෙම නාකි වැඩි වෙනවා.
    ඕව කරන්න වෙන්නෙ නෑ ආගම් පොන්නයො ටික නහින්න ගන්නව

    ඔක්කොම ප්‍රශ්න ඉවරයි
    ඒ කොහොමද ඉවර වෙන්නෙ කියපන්කො මටත්
    ------ Post added on Nov 19, 2026 at 8:19 PM
     
    • Like
    Reactions: NRTG