වෛශ්‍යාව යන්නෙන් අදහස් කරන්නේ, ගණිකාවයි. ගණිකාවක් යනු, තම සිරුර මුදලට විකුණන තැනැත්තියයි. වෛශ්‍යාව යන වචනයෙන් උපන්න නමක් තමයි "වේසි". එනිසා, වේසියක් යනුද, ගණිකාවකි.
කෙතරම් සැප පහසු, මුදල් හදල් මැද ජීවත් වුවත්, වෛශ්‍යාවන් දෙස සමාජය බලනුයේ හොඳ විදියකින් නොවේ. ඊට හේතුව, සියළුම ආගම්වල කියන පරිදි, බඹසර නොරැක, දැහැමි ජීවිත ගත නොකර, පවුල් පවා කඩාකප්පල් වන පරිදි, රැකි රක්ශාවක නියැලීමයි.
එම නිසා, ස්ත්‍රියකට, "වේසිය" යන නමින් කතා කිරීමෙන්, ඇයව, ගණිකාවකගේ මට්ටමට යැවෙයි. කාන්තාවක සතු, පිරිසිදු, උත්තරීතර, ගෞරවාන්විතභාවය කෙළෙසාගත් අධම ගැහැණියකගේ තත්වයට පත් කරයි.
නූතන සමාජයේ පිරිමින් විසින්, මෙම "වේසි" යන වචනය ඉතා අධික ලෙස භාවිතා කරති. ලංකාවේ ගණිකාවන් ගණන ඉහල යාම මෙයට හේතුවද? නැත. පාර තොටේ දකින ඕනෑම ගැහැණියක් පිරිමියෙකුට "වේසියක්" වීමට ඉඩ ඇත.