සිත නිදි නෑ, මගෙ ළඟ නෑ
ඔබ දුර ඈත ගිහිල්ලා
සිත දන්නෑ, ඉවසුම් නෑ
ඔය හිත තාම හොයනවා
දුරක ඔබ ඉගිලිලා.....
හිතේ නවතින්න ඉඩක් මට නැද්ද
එදා ඔබ කී කතා..
වෙනතකට යන්න ගිහින් සැනසෙන්න
හිතුනෙ කොහොමද මෙදා..
තනිව උහුලන්න බැරි දුකක් එක්ක
සදා මා තනිවෙලා..
ඔබේ ළඟ ඉන්න වරම් මට නැද්ද
හිත තවත් අහනවා..
මගේ නෙතු ගාව කඳුළු බිඳු සේම
ඔයා තව ඉන්නවා..
ගියත් නුඹ ඈත යළිත් එනදාක
මං බලන් ඉන්නවා..