වසන්තයේ ඉදලම අපි උබල එක්ක හිටිය, මනමේ mix කරල බැනුම් අහනකොට උබල වෙනුවෙන් හිටිය.. අම්මල තාත්තල බනිද්දි අපි උබල රටේ නම ලෝකෙට ගෙනියනව කියල ගුණ කිව්වා.. කසකස්තානෙ ගිහින් ගැමා කිට් ගහගෙන සින්දු කියන හැටි ආසාවෙන් බැලුව.. අපිට shows බලන්න එන්න බැරි උනාට තොපිලට අපි ආදරේ කරා..
ගයේෂා මහින්ද වෙනුවෙන් පොල් ගැසුවාට අපට කමක් නැත,
රෝහණ වීරසිංහ ප්රශස්ති ගැයුවාට ගැටළුවක් නැත,
මාලනී රවීන්ද්‍ර සමග ජනපතිගේ දෑත ශක්තිමත් කරත් අපිට කිසිදු දුකක් නැත,
එත් උබල දෙන්න TV එකේ මහින්ද වෙනුවෙන් පෙනී ඉන්නව දැක්කහම මට පුදුම හිතුන.. දුක හිතුන..
කලාකරුවන්ට මිනිසුන්ගේ හදවත කිය වීමට හැකිය.. මිනිසුන් පින විය හැකිය.. තමන්ට ආදරය කරන මිනිසුන් එක් කල හැක..
එසේම ලේ තවරාගත් දුෂිත දේශපාලන චරිත සදහා සුදු හුණු ගෑමට ගොස් මුදල් මිටි ගණන් එකතු කල හැක..
ඔබ තෝරාගෙන ඇත්තේ මිනිසුන් නොව මුදල්ය..