නෑ අක්කෙ මං ඉලෙක්ට්‍රොනික් සයිඩ් එකේ ජොබ් එකක් කලේ..
අක්කට මතක ඇත්තෙ මං ගේ හදනව කියපු එක වෙන්න ඇති..
ඔව් අක්කෙ.. ඒත් ඉතිං දැන් අවුරුදු ගානක් සම්බන්ධෙත්.. බදින්න කියල තමා කියන්නෙ ගර්ල්ගෙ ගෙදරින්.. එයාට නම් ටිකක් සල්ලි තියෙනවා.. ඒත් එයාලට තිබ්බට වැඩක් නෑනේ මට නැත්තං.. අන්තිමේ ගෑනිගෙන් පිහිටෙන් ජීවත් වෙන කාලකන්නියෙක් කියයි..
පවුල් වලින් ලැබිච්ච නෑනේ අක්කෙ අපිට..
තාත්තා එකතුකරපුවා පොත්පත් වල තියේ නම්, වතුපිටි ඉඩකඩම් තියේ නම් ඔන්න ඩිංගක් හරි ශේප්.. එච්චර දේවල් කරන්න තරම් තාත්තට පුලුවන්කමක් තිබ්බෙ නැහැ.. පොඩි රස්සාවක් කලේ එයා.. ඒ හම්බකරපුවයිනුත් සීයට හැටක් විතර මටම තමා වියදම් කලේ.. මට මුල ඉදන් ගේම ගහන්න ගියාම පට්ට දුකක් විදින්න ඕන..