වසර ගනනාවක් මැදපෙරදිග දේශවල රැකියාව කරමින් ඉන්න මට නොයෙක් පුද්ගලයින් හමුවී ඇත. තම පවුල්ව බර කරපිට පටවාගෙන තම යව්වනය උගසට තබා මේ කර්කෂ පරිසරය සමඟ ඔට්ටු අල්ලන ඔවුන් අයියලා, අක්කලා, නංගිලා හෝ මල්ලිලා කියා වෙනසක් නැත. උත්සාහයෙන් ජීවිත සටන තරණය කර පවුල් නවුකාව එතර කරන්න සටන් වදින ඔවුන් සැබෑ විරයන්ය...