1. Johndoggett

    EK 1980s Club (1980-1989)

    උබලත් සර්කිට් හදල තියනවා වගේ එහෙනම්. මමත් ගොඩක් ආසයි ඉලෙක්ට්‍රොනික් වලට මචන්. ඒත් මොන හේතුවකටද මන්ද ඒලෙවල් කරන කාලේ වෙද්දී ඒවගෙන් ඈත් උනා. මමත් ඔය නයිට් රයිඩර් led සර්කිට් එක හදල තියනවා. ඔය සර්කිට් එකට 4017 IC එක, තව C828 ට්‍රාන්සිස්ටර් දෙකක් එහෙම use කළා මතකයි. මම තව fm රේඩියෝ එකක් එහෙමත්...
  2. Johndoggett

    maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

    ඉතාම සන්තෝසයි ඔබට දැන් සනීපයි කියල දැන ගන්ඩ ලැබීම ගැන. ඔබට තෙරුවන් සරණයි...
  3. Johndoggett

    සෙනසුරු මාරුව

    මගේ අවුරුදු දහයක ඒරාෂ්ටක අදින් සම්පුර්ණයෙන් ඉවරයි.:D ඔය සෙනසුරු මාරුව ලග්න වලට බලපාන හැටි කියල අදහස් කරන්නේ "ලග්න ඒරාෂ්ටකය" ගැන. නමුත් කේන්ද්‍ර සටහනේ සදු පිහිටන ස්ථානය අනුව අනික් ඒරාෂ්ටක පිළිබද කියැවෙනවා. මම නිවැරදි ඇති නේද සහෝ? සෙනසුරු ඒරාෂ්ටකයට යන්ත්‍ර දැමීම, මුදු දැමීම, බෝධිපූජා පැවැත්වීම...
  4. Johndoggett

    මට දුක හිතුනා බං (18+ වචන ඇත)

    උබේ කතාව ඇත්ත මචන්. උබ දැකල තියනවද ලයනල් වෙන්ඩ් කියන ලංකාවේ ෆොටෝග්‍රෆෙර් අරන් තියන ෆොටෝස්? 1930 ගණවල ගත්තු ලංකාවේ ගෑණුන්ගේ සම්පුර්ණ නිරුවත් ෆොටෝස් වගයක්. ඒත් sunny leone ගේ ෆොටෝස් එක්ක ගත්දී අහසයි පොලවයි වගේ වෙනසක් තියනවා. අද තියන නිරුවත් ඡායාරූප වල ඉස්මතු කරන්නේ මුළුමනින්ම ලිංගිකත්වය පමණයි...
  5. Johndoggett

    ප්ලේන් එකක් පිරිත් පැන් වලින් දුවයි

    මෙහෙමනේ මචන්, ජපානේ කොච්චර පරීක්ෂණ කරලා ආරක්‍ෂිත බව තහවුරු කරලා වාහන එවුවත්, ලංකාවේ පාරට දාන්ඩනම් දෙහි ගෙඩි තුනකුයි, මිරිස් කරල් හතරකුයි එල්ලන්ඩ ඕනනේ. අන්න ඒ වගේ තමයි. පිරිත් පැන් ඉස්සට පස්සේ තමයි ප්ලේන් එක "මේඩ් ඉන් ශ්‍රී ලංකා" වෙන්නේ.:lol::lol::lol:
  6. Johndoggett

    මලීනා (18+) වගේ .......

    මෙහෙමනේ මචන් ඔතන වෙලා තියෙන්නේ, පිරිමියෙක්ගේ මනස වැඩ කරන හැටි ගෑණු දන්නැහැනේ. ඉතින් ගෑණුන්ට ඕන දෙයක් කියන්ඩ පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සමහර පිරිමිත් ඔය වගේ කාරණා පිළිගන්ඩ ලෑස්ති නැති එකනේ. හුගක්ම ඔය උදේ ඉදන් රෑ වෙනකම් සංස්කෘතිය, සදාචාරය ගැන බණ කියන සමහර පිරිමි එහෙම ඕව පිළිගන්ඩ ලෑස්ති නැහැ...
  7. Johndoggett

    මවං උදව් කරපංකෝ...

    මේ වගේම ප්‍රශ්නයක් මීට කලිනුත් අහල මම ඒකට උපදෙසක් දුන්න. මට මතක හැටියට උබම තමයි ඒ ප්‍රශ්නේ ඇහුවේ. පොඩ්ඩක් බලපන් මම ඒකට දීල තියන උත්තරේ.
  8. Johndoggett

    පොඩි_එකාගේ_වැඩ

    පැහැදිලි අනාගතයක් තියන දක්ෂ කොල්ලෙක්. සුභ පතනවා...:yes::yes::yes:
  9. Johndoggett

    maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

    දැන් maxboysl ගේ තත්වේ කොහොමද? මම EK ඇවිල්ල තාම මාසයයි. වැඩිය කතාබහ කරලා නැති උනත්, මම මේ ටික දවසට මේකේ දැකපු හොද කොල්ලෙක් තමයි. get well soon bro...
  10. Johndoggett

    සාමාජිකයන්ට මුදල් ගෙවන අලුත් සමාජජාල වෙබ

    මමනම් මේකට එකග නැහැ. මේකෙන් වෙන්නේ ඔන්ලයින් කොමියුනිටි එක අවුල් වෙන එක. මිනිස්සු සමාජ ජාල වෙබ් අඩවි වලට යන්නේ සල්ලි හොයන්ඩ නෙමේනේ. මානව සම්බන්ධතා කියන තැනට සල්ලි ආවම එතන අවුල් වෙනවා. සමාජ ජාල වෙබ් අඩවි පවත්වාගන යන සමාගම් ඒ මාර්ගයෙන් සල්ලි හොයනවා කියන එක අපිට අදාළ නැහැ. මිනිස්සුන්ට ඒ හරහා...
  11. Johndoggett

    26-Year-Old Iranian Woman Hanged For Killing Her Alleged Rapist

    ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ මචන්. මමත් ඔය සිද්දිය දන්නව. ඔය මුස්ලිම් රටවල් කියන්නේ (රටවල් කිහිපයක් හැර) කාන්තා අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංගනය වෙන රටවල්. ගෑණියෙක් දුෂණය උනොත් දුෂණය වෙච්චි ගෑණිට ගල් ගහල මරණ රටවල් ඕවා. ඔය වගේ රටවල අධිකරණයකින් කවදාවත් ගෑණියෙක්ට සාධාරණයක් බලාපොරොත්තු වෙන්ඩ බැහැ...
  12. Johndoggett

    EK 1980s Club (1980-1989)

    මේ ඇඩ් එක ගැනද උබ ඔය කියන්නේ. මටත් දැනුයි මතකෙට ආවේ. qAj7mtMOv1o
  13. Johndoggett

    EK 1980s Club (1980-1989)

    එහෙනම් අක්කිලා නේද මේ :D
  14. Johndoggett

    EK 1980s Club (1980-1989)

    කොහොම අමතක වෙන්ඩද බං....අපි 7 වසරේ.:D:D:D
  15. Johndoggett

    EK 1980s Club (1980-1989)

    අපිත් ඔහොම තමයි බන්, ලෙමන් පෆ් එහෙම ඉස්සෙල්ලම මැද ක්‍රීම් ටික ලෝල තමයි බිස්කට් එක කන්නේ. සමහරක් වෙලාවට බිස්කට් එක කන්නේ කිරි වල පොගෝල.:lol:
  16. Johndoggett

    EK 1980s Club (1980-1989)

    ඉස්සර කජු ගස් වල, අබ ගස් වල නැගගන සෙල්ලම් කරපු කාලේ තාමත් මතකයි. අපි ඉස්සර කජු ගස් වල අතු දෙබල් වල පොල් පිති දාල අට්ටාල හදල ඒවා උඩ නැගල සෙල්ලම් කරනවා. සෙල්ලම් කරලා මහන්සි උනාම තැබිලි කඩාගන බොනවා. ඇලවල් වල නාපු හැටි තාමත් මතකයි. ඒ දවස් වල බොරළු පාර තිබ්බේ. අපි ඉස්කෝලේ ගියේ බොරළු පාරේ තමයි. අපි...
  17. Johndoggett

    EK 1980s Club (1980-1989)

    මතකද කෝපි කඩේ ඉස්සරම ගිය ඒවා. කෝපි කඩේ හාමිනේ, රත්නේ මලය, සාමෙල් අප්පු, සුවද, දයාවතී, ටිකිරි නගා, ගජන්, පොලී මුදලාලි එහෙම හිටපු කාලේ. දැන්නම් බලපු කාලයක් මතක නැහැ. කෝපි කඩේ ආයෙත් 80 ගණන් වල ඉදල පෙන්නවනම් කොච්චර හොදද. Sn6M92h6fCc 3LudWJJDyHo
  18. Johndoggett

    පාසල් සිසුවා ගුරුවරිය දූෂණය කර මරා දමයි...

    අවුරුදු 74 නෙමෙයි, අපි මොන්ටිසෝරි යද්දී අපිට උගන්නපු මිස් තාමත් උගන්වනවා. දැන් 80 ත් පැනල ඇති. මේක බොරු නිවුස් එකක් නෙමෙයි. අද පත්තරවලත් මේ සිද්ධිය ගැන තිබුන.
  19. Johndoggett

    EK 1980s Club (1980-1989)

    මරු ත්‍රෙඩ් එකක්නේ බං. ඔන්න අපිත් ආව එහෙනම්.

    No contents