සීතල මීදුම අතරින් පතිත වන ආලෝක කිරණ නිලීකාගේ ඇ`ද මතට පතිතවන්නට විය. තවත් අලූත් දවසක් උදා වී ඇත. නිලීකාට නම් එය ඇත්තෙන්ම අලූත් දිනයකි. ඒ, ඇය පිරිමියකු සම`ග එකම යහනක සැතපුණු දෙවැනි දිනයයි. පළමු දිනය වූයේ පෙර දා රාත‍්‍රියයි. විවාහ චාරිත‍්‍ර නිම කර මධුසමය ගත කරන්නට කොළඹ සිට නුවර හෝටලයකට පැමිණෙනවිටත්...