වැදිගමක් මැද කිසිල්ලට නඟා හිණිමසින් මත්තට පිළි හැඳ ආජිවක වෙසින් කරබාගෙන සිටියේ ය. එ කල ඒ ගම නේසා ද ජනයෝ ඔහු දැක කොල, මොහු කවුරු දැ යි ඒ ඒ දිගින් දිව අවුත් ඔහු සිසාරා විස්මයපත් ව සිට තෙපි කවුරුදැ යි විචාළහ; ආජිවක කියනුයේ, ගිහි මිනිසුන්ගේ ලජ්ජා වසා පිළි නො හදුම්හ, අපි තපස් රක්ෂා කරම්හ, ලජ්ජාවෙන්...