කඩුගන්නාවේ විලාපය
කඩුගන්නාවේ විලාපය-
කඩුගන්නාව ජය ගන්නට ඉහ මාලේ
දරමින් නැගූ පියවර සිහි වේ බාලේ
නුඹ වෙත පියාණනි පිදුමට ඒ මාලේ
දැන් කෝ කියන් නුඹ වැටුණද අඳුරු හෙලේ
සෙංකඩගලට පෑයූවත් සුපිරි තරු
පුන්සඳ නුඹේ නැග එයිදෝ ලොවට ගරු
අඩ හඳ පළුව වූ සොයුරත් ගත්ත මරු
නුඹගෙන් එපා සරදම් මෙලෙසට නිසරු...