කාර්යාලයේ 5 වැදීමටත් කලියෙන්ම, පුකට පා පහරක් වැදුණු බල්ලෙකු මෙන්, පෑළ දොරින් මහා වරුසාවේම එළියට පැන්නේ සවස 6 බස් රථය අල්ලා ගැනීමටයි. සෙනග උතුරා ගොස් පැත්තකට ඇල වූ බස් රථය ඈතට පෙනුනේ පොල් පැටවූ ලොරියක් මෙනි. දැඩි සටනක් දී බස් රථයේ පාපුවරුවට අඩිය තියනවාත් සමග මා රථයේ ඇතුලටම තල්ලු වී ගියේ...