වෙනදට ටිකක් දවල් වෙනකල් නිදියගෙන රෑ වෙනකල් වැඩකරන මට ලොකු නිවාඩුවක් හම්බ උනා. ගෙදර කන්න ගන්න කිසි දෙයක් නැති වෙනකොට ඇදිරි නිතිය ඉවත් කරපු වෙලේ මමත් උදේම නැගිටලා 6 වෙනකොටම ගෙදරින් පිටත් උනේ දවස් 3-4 කට මොනවා හරි කන්න ගන්න. මුලින්ම බැංකුවට ගිහිල්ල ගිණුමේ තිබ්බ සොච්චමෙන් සල්ලි ටිකක් ගන්න පෝලිම...