සසරින් නිදහස් වීම සඳහා පිළිවෙත් පුරන ශ්‍රාවකයා කබලිංකාර ආහාර පිළිබඳ පිළිපැදිය යුතු ආකාරය බුදුරදුන් විසින් පැහැදිලි කර දී ඇත. ආහාර අනුභව කරන විට එම ආහාරය තමන්ගේ් රස තෘෂ්ණාව වැඩීම පිණිස නොව, මදය හා ජවය වර්ධනය පිණිස නොව, තම ජීවිකාවෙහි පැවැත්ම පිණිස පමණක් විය යුතු බව මෙනෙහි කළ යුතු බවයි, බුදුරදුන්ගේ...