1. Inigo Montoya

    🥲 Pet Scan නවතී සුරතල් සතුන්ගේ ජීවිත අනතුරේ

    කරාපිටියෙත් තියෙනවා නෙ බන්, අපේ තාත්තාගේ ස්කෑන් එකක් කළා.
  2. Inigo Montoya

    Mother is detoriating

    අපේ තාත්තාත් ඉස්සර රජා වගේ හිටියේ. දැන් පොඩි ළමයෙක් වගේ. මෙලෝ දෙයක් මතක නැහැ. හද්ද පරණ දේවල් නම් මතකයි. ඩයරි එකක් දුන්න අමතක වෙන දේවල් ලියන්න. එත් ලියන්නේ නැහැ. ඩිමෙන්ශියා තියෙනවා. එකට බෙහෙත් ලොට් එකක් බොනවා. අපේ පුංචි අම්මා කෙනෙකුත් හිටිය ඔහොම අවුල් වුනා. එතකොට චෙක් කලාම අහු වුනා වකුගඩු ආබාධයක්...
  3. Inigo Montoya

    🥲 Pet Scan නවතී සුරතල් සතුන්ගේ ජීවිත අනතුරේ

    මට හිතාගන්න බැහැ. ඕක එක්ස්රේ මැෂින් එකක් නේ. හැම දිස්ත්‍රික් රෝහලකම එකක් තියෙනවා. ඕක නඩත්තු කරගන්න බැරිද මුන්ට?
  4. Inigo Montoya

    තවම බැඳලා නැති උන් වරෙන් මේ පැත්තට...

    අඩෝ නෝ කිඩ්ස් නෝ වොරීස් මොටෝ එක විසික් කළාද ?
  5. Inigo Montoya

    මේ ප්‍රශ්නෙට උත්තරයක් කියපල්ලාකො

    අම්මා උදව්වක්නේ බන් කරන්නේ? උඹව සෙට්ල් කරන්න ඔය ට්‍රයි එක.
  6. Inigo Montoya

    සංගක්කාර මහතාගේ පුත්‍රයා

    මූත් ක්‍රිකටර් කෙනෙක් නේ?
  7. Inigo Montoya

    තවම බැඳලා නැති උන් වරෙන් මේ පැත්තට...

    මන් බැඳලා නෑ නේ. දැන් 50ට දෙකයි අඩු. ඕක අවුලක් නෑ බන්. මන් ජොලියේ ඉන්නවා නේ.
  8. Inigo Montoya

    කාර් එක පාරට දානකොට වෙනදා තිබුණු පාර මිසිං වෙලා.

    ඔවු බන්, ජප්පොන්ගේ පෙට්‍රල් ෂෙඩ් ගැන පොඩි වීඩියෝ එකක් දැක්ක, උන් කස්ටමර්ට වාහනේ පාරට දාගන්නත් උදවු කරනවා. පුදුම හිතුන බන්. සීලාචාර මිනිස්සු.
  9. Inigo Montoya

    අම්මා ව මිස් වෙනවද ඔයාලට

    මට තාම මතක් වෙනවා මගේ අම්මාව. අම්මා නැති වුන දවසේ රෑ මන් අම්මට කෑම එක කවන්න හැදුව එත් අම්මාට එක ගිලගන්න බැරි වුනා. ඉතින් මන් කේක් කෑල්ලක් දුන්න. අම්මා හරි ආසයි චොකලට් කේක් වලට. අම්මා එක ආසාවෙන් කෑවා. ඊට පස්සේ යෝගට් එකක් කැව්වා . අම්මා ඇති පුතේ කියල කිව්වා. එක තමයි අන්තිමටම කතා කරපු ටික. මන් ඊට...
  10. Inigo Montoya

    කුරුණෑගල ඩයනව දන්නෙ කවුද

    නිවන්සුව අත්වේවා!
  11. Inigo Montoya

    ඔන්න මහා භාණ්ඩාගාරෙටත් කෙලියා. (බිලියන 15ක්)

    උන්ගේ කොමියුනිස්ට් දහම අනුව මේක හරි. ධනපතීන් නේ ටැක්ස් ගෙවන්නේ, මහජනයා නෙවෙයි. ඕකුන් භාණ්ඩාගාරය හින්දවල තමයි එලවපු දවසක යන්නෙත්.
  12. Inigo Montoya

    කාර් එක පාරට දානකොට වෙනදා තිබුණු පාර මිසිං වෙලා.

    පවු බන්, උගේ වාහනේ ඩැමෙජ් ද දන්නේ නැහැ, සම්ප් එක එහෙම තැලිලා නම් ඔයිල් ටික ලීක් වෙයි. රේඩියේටර් එකත් ෂුවර් නෑ
  13. Inigo Montoya

    ශ්‍රී පාදස්ථානයට කේබල් කාර්...😍👍

    සිරීපාදේ උඩටම කේබල් කාර් දාන්න ඉඩක් නැහැ. පහලින් කේබල් කාර් නවත්තන තැනක් හදල එළිවෙටර් එකක් දාන්න වෙයි. එතකොට කන්දේ ස්වභාවික ලස්සන නැතිවෙලා යාවි.
  14. Inigo Montoya

    Questions ### ඇතුලේ දුම් ඩස්ට් සුවද ?

    ලංකාවේ වාහන ගොඩක් ගණන් බන්. අනික වාහනේ ගමනක් ගිහින් ආවම සපත්තු සෙරෙප්පුවල වැලි කාපට් අස්සේ යනවා. ඒවා නිසා ෆ්ලොබෝඩ් එක කැපෙනවා. ඉතින් හැම ගමනකටම පස්සේ අස්කරනවා නම් වාහනේ හොඳට තියේවි.
  15. Inigo Montoya

    මැයි 1 පොහොය

    පකෝ මේක වෙසක් පෝය, උඹ බෞද්ධද? බෞද්ධයන් දන්නවා වෙසක් කියන පෝයේ වැදගත්කම. උඹලගේ ආණ්ඩුවට කියපන් පුළුවන් නම් නබිතුමාගේ උපන්දිනේ දවසකින් එහා මෙහා කරලා පෙන්නපන් කියල.
  16. Inigo Montoya

    පිරටරට සමහන් වල කොලිටිය ?

    මෙහෙ එකේ තියෙන්නේ සීනියි ගම්මිරිස් කුඩුයිද මන්දා. මන් මේක බොන්නේ නැහැ.
  17. Inigo Montoya

    මාලිමා JVP හොරු මුදල් කාරක සභාවට එන්න බෑ කියයි!

    පාර්ලිමේන්තුව උත්තරීතරයි, නීති සම්පාදනය කරන තැන. අධිකරණයටවත් පාර්ලිමේන්තුවට නියෝග දෙන්න බැහැ. එහෙම තැනකට මේ නිකම් රාජ්‍ය නිළධාරියෙක් කියනවා මට ඔය නියෝග අදාළ නැහැ ගගා. පුදුම බලයක් නේ මේක. කොහොමද එහෙම හය්යක් ආවේ?
  18. Inigo Montoya

    Questions ### ඇතුලේ දුම් ඩස්ට් සුවද ?

    සිගරට් දුම් ගඳ ද බන්? ඔය දුම තාර පැල්ලමක් වගේ අප්හෝල්ස්ටරින් වලටම වැදිලා තියෙන්නේ. සම්පූර්ණ ඉන්ටීරියර් වොෂ් එකක් දාල බලන්න වෙයි.
  19. Inigo Montoya

    Double Signal පොන්නයෝ

    නෑ බන්. මන් දන්නවනේ ඕක හැසාඩ් ලයිට් එක කියල. හැබැයි ජප්පොත් ඕක ටික වෙලාවකට දානවා තෑන්ක්යූ කියන්න, මන් එහෙම වීඩියෝ එකක් දැකල තියෙනවා.
  20. Inigo Montoya

    පන්සලක් ඇතුලේ වලියක් d

    උඹ මේ දවස් ටිකේම දිගටම දැම්මේ මේ වගේ නිවුස්. සාමාන්‍ය මනුස්සයෙක් උනන්දුවෙන් හෙව්වත් හම්බවෙන්නේ නැති තරම්, මොකද මාත් හැමදාම ඔන්ලයින් පත්තර කියවනවා, එත් මේ වගේ ගූ නිව්ස් නම් දකින්නේ නැහැ. උඹට කවුරුහරි ගෙවනවද බන් මේවා දානවට?

    No contents