අම්මලාගේ වදේට කසාඳ බැන්දාට
මේ මල මඟුලට
මන් කැමති උනේ නෑ....
ගෙදර වගේ නැතුව
වගකීමෙන් වැඩ කරන්න
අම්මා එහෙම කිව්වාට
මට ඕවා තේරුන් නෑ...
දුව තාම නිදිද
ගෙදර පුරුද්දට අට වෙනකම් නිදි
නැන්දම්මා ඇහැරුවේ නම්
අම්මාවගේ පස්සට දෙකක් දීලා නෙමෙයි ...
දඩබඩ ගාලා
මූණ හෝදන් යනකොටත්
කෑම මේසේ තිබුනා...
එයා කෝ
මන්...