පොල්තෙල් යනු ශ්රී ලාංකිකයන්ගේ ආහාර සංස්කෘතියත් සමග එකට බැඳුනකි. එය දේශීය ආහාර හා ආහාර සැකසීමේදී දෙවැනි වනුයේ සහල් වලට පමණි. ආයුර්වේදයේදී ද බොහෝ තෙල් වර්ග සැකසීමේදී ප්රධාන වන්නේ පොල්තෙල්ය. නැතහොත් පොල් කිරිය. අපේ එදිනෙදා ආහාරයේදී, හොද්දට මාළුවට, බැදුමට, නියඹලාවට, මැල්ලුමට, සම්බෝලයට පොල් හෝ පොල්...