මේ කියන්නේ අපි ගොඩ දෙනෙක් දන්නේ නැති දියතලාවේ තිබුන POW (Prisoner of War) කඳවුරක් ගැන.
මේ කෑම්ප් එක ආරම්බ වෙන්න මුලින්ම හේතු උනේ එවකට බ්‍රිතාන්‍යන් හා දකුණු අප්‍රිකානු සන්නද්ධ කණ්ඩායමක් අතර ඇති වෙලා තිබුන දෙවන බෝර් යුද්දයයි. මේ යුද්ධේ 1899 ඔක්තෝම්බර් 11 වෙනිදා ඉඳලා 1902 මැයි 31 වෙනිදා වෙනකන්...