දෙවෙනි කාචෙ දැම්මට පස්සෙ දවස් 10 කින් ආයෙ එන්න කිව්වනෙ
අද තමා ගියෙ
ඩොක්ටර් ඇස් බලල ඇස් දෙකම හොදට තියෙනව කිව්ව :cry:, කිසි ප්‍රශ්නයක් නෑ කිව්ව
අම්ම දියවැඩියාවට ප්‍රෙශර් එකට අවුරුදු 30 ක් විතර තිස්සෙ බේත් බොනව
ඇස් දෙක හොදට තියෙනව කිව්වම සතුටුයි ඉතිං මට.
එකම අවුල සුද බැදුණ එක විතරයි
අම්මට වයස 61...