1. H

    රට වටේ මුහුද තියාගෙන මාළු කන්න බැරිව, තේ ගස් වවලා තේ බොන්න බැරිව, පට්ට විදිහට අපි බංකොලොත් වෙලා.

    රට වටේම මුහුද තිබ්බා කියලා රටින් මාළු ගේන එක පළි නෑ. අදටත් ලංකාවේ කඳුකරයට මාළු හිඟයි.
  2. H

    සිවු දෙනෙකුගෙන් යුත් පවුලක මාසික වියදම 105,202ක්

    මේ චරිතයේ නම් අහලා පුරුදුයි, කලින් ‍රැකියා විරහිත සංගමයේ ඉඳන් රජයේ රස්සා දෙන්න කියලා ඉල්ලුවා වගේ මතකයි.
  3. H

    කේන්දරකාරයෝ කියපු බොරු

    කේන්දර කාරයා හරි වෙන විද්‍යාඥයෙක් හරි දේශපාලඥයෙක් හෝ හාමුදුරු/පූජක වරයෙක් හරි කියන දේ හිස් මුදුනින් පිළිගන්න කලින් තමනුත් හිතලා බලන්න ඕන. ඕන තරම් විද්‍යාඥයෝ කියන දේ පවා වෙනස් වෙන්න පුළුවන්. දැන් කාලගුණ අනාවැකි කියන්නේ කේන්දර බලලා නෙවෙයිනේ. Covid කාලේ මෙහෙම මෙහෙම වෙන්න පුළුවන් කිව්වට ඒ ඔක්කොම...
  4. H

    සෙකුරිටි සිසුවෙකුගේ මවක් දුෂණය කලා… පැහැරගෙන, ගැටගසා ගැහුවේ ඒකයි..- කැළණි සිසුන්

    දැන් මේ ගෑනු හුටපටයක් පටලවන්න හදනවා. Boys hostel එකක අරයගේ අම්මා මෙයාගේ අම්මා කිය කිය ගෑනු නවත්ව ගන්න කවුද අවසර දීලා තියෙන්නේ? එතකොට boys හොස්ටල් එකේ ගෑනු කෙනෙක් ඉන්න කොට ඒක ප්‍රශ්න කළාම සිකියුරිටට ගහන එකද හරි?
  5. H

    09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු විෂයයන් නවයටම A සාමාර්ථයන් ලබාගෙන 2022

    ළමයා දක්ෂ ඇති. හරි, දැන් එතකොට ඔහොම කලින් කරන්න ගිහිල්ලා exam ඇණ කර ගත්තොත් ඒකත් news වලට දානවද? මේක හරියට අර ලොත‍රැයිය ලොකුම දිනුම ගත්ත එකා ගැන කියනවා ඒත් පැරදිච්ච දාහක් ගැන කියන්නෙ නෑ වගේ.
  6. H

    මොරටුවේ ලෙක්චර් කරන්න කාර් එකේ යන්න ඕන ද? මල විකාර 😏

    ඔය campus එකේ පැයකට visiting lectures කරාට කීයක් ගෙවනවද?
  7. H

    කොහොමද බන් Indian Team එකට මෙච්චර ක්‍රීඩකයෝ එන්නේ❓

    මෙහෙමනේ. දැන් Olympic කාලෙට ලංකාවේ කාටවත් පදක්කම් නෑ කියලා කියනවා. ක්‍රිකට් කාලෙට ක්‍රිකට්. ෆුට් බෝල් කාලෙට අනේ ලංකාවට බෑනේ කියනවා. අන්තිමටම එන්නේ ලංකාවේ system එකක් නෑ කියලා. හරි, ලංකාවේ මිනිස්සු system වලට වැඩ කරන්න ලෑස්තිද? වැඩක් කරගන්න යනවා නම් අඳුරන එකෙක් ලව්වා වැඩේ කරවා ගන්නද හදන්නේ...
  8. H

    මොකක්ද මේ ලංකාවට වෙන්න යන්නේ @monson @tupac97 ? (18+ only ) 😲

    ඉස්සර කලා නිර්මානයක් කරන්න අමාරුයි. එළි දක්වන්න අවස්ථා අඩුයි. ඒවත් යම් පිරිසකගේ අදහස් අනුව බලපෑම් වෙනවා. (හරි හෝ වැරදි) ඉස්සර මන් අහලා තියෙන විදිහට කොහෙදෝ ලොකු තැනක සංගීත කාමරේට බටහිර වාද්‍ය භාණ්ඩ ගෙන ඒම තහනම් එයලා අවසර දීපු instrument තුනකට හැර. ඒ නිසා සරලව කිව්වොත් හදන්නේ පාන් නම් පාන් විතරයි...
  9. H

    දැන් කට්ටිය ට්‍රිප් යනවා කියලා කරන්නේ

    එක එකාගේ විනෝදේ වෙනස්නේ. අනික ළමයි අරගෙන කැළෑ වලයි, කඳු ගානෙයි රිංගන්න බෑ. මූලිකම දේ budget එක. සමහරු කැමති නිස්කලංක බවට. සමහරු beach වලට. සමහරු කන්න බොන්න.
  10. H

    රාජ්‍ය සේවකයෝ ද මනුෂ්‍යයෝය

    රජයේ සේවකයොන්ට ගෙවන වැ‍ටුප රජය වැඩි කරන්නේ රජයේ සේවකයගේ boss විදිහට. එතකොට පෞද්ගලික අංශයේ සේවකයොන්ට ගෙවන වැ‍ටුප ඒ සේව්‍යයගේ වැඩක්. ඔතන ප්‍රශ්නෙ මේකයි, රජයේ සේවකයට වැ‍ටුප වැඩි කරාම නැත්නම් ඒ වියදම රජයේ වියදමක්. ඒ ආයතනය පාඩු ලබනවා නම්, ඒ පාඩුව රජයට පියවන්න වෙනවා. එතකොට ඒ රජයේ ආයතනයේ සේවය ලබා ගන්නේ...
  11. H

    අල්ලස් ගන්නා නිලධාරීන් ගැලවීමට කියන්නේ...

    මම දාපු විස්තරේ ආයි කියවන්න. කරන්න අමාරු නෙවෙයි, කා අතේද ඡන්දේ තියෙන්නේ? හරි මෙහෙම සරල කරමු. රජයේ සේවකයින්ගේ වැ‍ටුප් වැඩි කරලා ඒකෙන් ආයතනවල performance වැඩි කරන්න යනවා කියමු.(එහෙම වෙනවද නැද්ද නෙවෙයි කියන්නේ). හැබැයි එතකොට විශ්‍රාමිකයින් සංවිධාන වෙලා කියන්න ගන්නවා ආ මෙන්න මෙතන විෂමතාවක්, අතන...
  12. H

    අල්ලස් ගන්නා නිලධාරීන් ගැලවීමට කියන්නේ...

    ඔන්න ඔතනට තමයි මටත් එන්න ඕන වුනේ. ගුරුවරු,වෛද්‍යවරු කියන්නේ උදාහරණයක් විතරයි. එහෙම නැතුව ඉස්සරහට දාලා බේරෙන්න දෙයක් නෙවෙයි. අදටත් පුරප්පාඩු තිබ්බත් ඉල්ලුම අඩු රජයේ රස්සා තියෙනවා, වන ජීවී නිලධාරීන්,පවුල් සෞඛ්‍ය සේවිකාවන් වගේ. ඔය රජයේ සේවය කියලා හැමෝම පෙන්වන්න ගන්නේ අහවල් ප්‍රාදේශීය ලේකම් කාර්...
  13. H

    අල්ලස් ගන්නා නිලධාරීන් ගැලවීමට කියන්නේ...

    ලංකාවේ රජයේ සේවකයො වැඩි හරියක් ඉන්නේ පොලිසිය,හමුදාවේ. එතකොට ඒවයින් බාගයක් අයින් කරන්න එකඟද? ඉස්කෝලවල ඉන්න ගුරුවරු,රෝහල්වල වෛද්‍යවරු,හෙදියො අඩු වෙනවට එකඟද? ඔය ප්‍රශ්නේ හිතනවට වඩා සංකීර්ණයි.
  14. H

    දන්වේල් 5ක් අතපසු කළැයි හත් දවසේ බණට ගමේ පන්සලෙන් ඇවිත් නෑලු

    ගමක ජීවත් වෙලා බලන්න. ඔය සින්දුවල, කතාවල කියන සුන්දරත්වය ඇත්තටම තියෙනවද කියලා. අර එක පන්සලක සුද්දො වගයක් ඇවිත් උන්ගේ වියදමින් බිතු සිතුවම් ඇඳලා දීලා. ඒ චිත්‍ර අඳින්න බලලා තියෙන්නේ ගමේ ඉන්න මිනිස්සුන්ගේ දේවල්. අනිතිමට ඇන්ද චිත්‍ර කවුදො හොරෙන් විනාශ කරලා. හේතුව ඒ මූලාකෘති (modal) ලෙස ගත්ත...
  15. H

    බල්ලෙක් හදන රටේ

    හැම ගෙදරම හරක් හදන්න බෑනේ. ඒ හරකට තණකොළ, බේත් හේත් vitamin ටික වෙලාවට දෙන්න ඕන. හරකා බලා ගන්න ඕන. නාගරික ගෙදරක හරකෙකුට ඉඩ නෑනේ. අනික ගම් වල තියෙන එක ප්‍රශ්නයක් තමයි කිර් හරක් ඇති කරනවා උන්ට කන්න දෙන්න තණකොළ නෑ කියලා පාරේ යවනවා. එතකොට අනතුරු වෙනවා. නැත්නම් කැලේට යවනවා. එතකොට අලි වැට ගහලා...
  16. H

    20000ක පඩි වැඩිවීමක් ඉල්ලීම කොතරම් සාධාරණ ද

    ඒක තමයි මම කියන්න හදන්නේ. රජයේ ආයතන යම් පමණකට වෙලෙඳපොළ ඒකාධිකාරයක් ගන්නවා. හැම එකේම නොවුනත්. එතකොට ඔය කියන වෙනත් තරගකාරී නිෂ්පාදන කියන එක ප්‍රයෝගිකද?
  17. H

    20000ක පඩි වැඩිවීමක් ඉල්ලීම කොතරම් සාධාරණ ද

    හරි අපි මෙහෙම හිතමු. රජයේ ආයතනයක් තියෙනවා, factory එකක් කියමු. ඒක පාඩු ලබනවා. ඒ පාඩුව් රජය පියවනවා. දැන් ඒක පුද්ගලීකරණය කරලා රජය පාඩුව පියවන එක නවතලා ඒ සල්ලි ඉතුරු කරා කියමු. ඒ එක පැත්තක්. හැබැයි ඒ පුද්ගලික අංශය තමන්ගේ සේවකයින්ගේ පඩි වැඩි කරා කියමු. එතකොට එයාලා ලාභය අඩු කර ගන්නෙත් නෑ කියමු...
  18. H

    නුවර රජ මගුලක්.. 51 ලක්‍ෂයක බිලක් නගර සභා මුදලින් ගෙවයි..

    දැනගන්න අහන්නේ. දැන් මේ ලක්ෂ 51 එක දවසකදි එකතු වුන ඒවද?එදා එදා එකතු වෙන ඒවා bank කරන්නෙ නැද්ද?
  19. H

    කාලකන්නි රජයෙ වැඩ

    ඔය ආයතන වලින් කියලා තියෙන්නේ එයාලට වැඩ කරන්න කියලා තියෙන විදිහ. හිස් ඉඩමකට ලිපිනයක් කියලා දෙන එකේ අවුලක් තීයෙන හින්දා වෙන්න ඇති ග්‍රාම සේවක එහෙම කියන්න ඇත්තේ. ඔයා මෙහෙම කරලා බලන්න. ඔය ඉඩම ඔයාගේ හින්දා ඕකේ පොඩි hut එකක් හදාගන්න. කොහොමත් ගේ හදනවා නම් වතුර ගන්නවා නම් අඩුම ගාණේ වතුර ටැංකියක් තියන්න...
  20. H

    විශ්ව විද්‍යාල ආචාර්යයවරු ඉන්නේ තිස් පහයි. සජිත්ගෙන් විසදුමක්

    Campus වල ආචාර්යවරුන්ගේ අඩුවක් තියෙනවා, නැත්තේ නෑ. හැබැයි ඔය උඩ දාන තරම් නෑ. ලමයින්ගේ time table අරගෙන බැලුවාම සමහර අය මාසෙට එන්නේ දවස් කීයද බලාගන්න පුළුවන්, ගොඩක් lectures, practical කරන්නේ අලුත ආපු demo, tutor, temporary lecturersලා. දැන් මේ කට්ටියට අවුල් ගිහින් තියෙන්නේ ඉස්සර අලුත ආපු...

    No contents