1. Chathura141

    එතකොට අපි නිදහස්

    බොහෝම ස්තූතියි සහෝ... ඔයාගෙ ප්‍රාර්ථනයනම් නියමයි. ඒත් ඒක වෙන්නෙ නැති බවත් ස්ථීරයි. නේද?
  2. Chathura141

    එතකොට අපි නිදහස්

    අනිවාර්‍යයෙන්ම අයියා. ඒත් අපිට ඒකටවත් නිදහස තියෙයිද...?
  3. Chathura141

    එතකොට අපි නිදහස්

    ගොඩාක් ස්තූතියි මචං
  4. Chathura141

    The Tsunami (සුනාමිය)

    Thanks a lot for the comment Brother. Can you please describe more about weeknesses in BG? mata echchara therenne nathi nisai ahanne. ඔබේ විවේචනයට බොහෝම ස්තුතියි සහෝ..
  5. Chathura141

    The Tsunami (සුනාමිය)

    බොහොම ස්තූතියි මල්ලී.
  6. Chathura141

    එතකොට අපි නිදහස්

    අනේ මන්දා සහෝ... මාත් හිතන්නේ ඒකයි. අපිට ආධ්‍යාත්මිකව නිදහසක් ලබා ගන්න පුළුවන් වුණ දාට ... ?
  7. Chathura141

    එතකොට අපි නිදහස්

    ඇත්තටම අපිට එහෙම හිතෙනවා. ඒත් යථාර්ථය නම් සුද්දා හිටියා නම් අපේ රටේ යාන්තම්වත් ඉතිරි වෙලා තියෙන මනුස්සකම ඉතිරි වෙයිද? ..... අනේ මන්දා අපි හරිම අසරණයි කියලා හිතෙනවා මල්ලී. අපිට අපේ දුක් විඳින සොයුරු සොයුරියන් වෙනුවෙන් මොනවා වත්ම කරන්න බැරි තරමට අපි හිර වෙලා. කොටු වෙලා. ආර්ථිකයෙන්, දේශපාලනයෙන්...
  8. Chathura141

    එතකොට අපි නිදහස්

    ඔයාලා මගේ මේ නිර්මාණය අගය කිරීම ගැන මට ගොඩාක් සතුටුයි. අපිට මීට වඩා දෙයක් කරන්න බැරිද?....
  9. Chathura141

    එතකොට අපි නිදහස්

    ස්තූතියි.
  10. Chathura141

    මම නොවෙයි මම.... (Not me but I am)

    හරිම අපූරුවට පද ටික ගලපලා තියෙනවා සහෝ... ලස්සන නිර්මාණයක්.
  11. Chathura141

    DUKATA LIUUUU KAWI

    නිර්මාණය ලස්සනයි. මින්දද මල්ලිට පිං අපිට පේන්න සැලැස්සුවාට.
  12. Chathura141

    Love eka nathi unama

    ඇත්ත. ආදරයක් නැතුව ජීවිතයක් ගෙනියන්නේ කොහොමද?. ඔයාට පුළුවන් මේ ලෝකයටම ආදරය කරන්න. එයාලගෙ දුක සැප බෙදාගන්න. ඔයා හිතන්නෙ එයාලා ඔයාට පෙරළා ආදරය නොකරයි කියලද? මැරි මැරී ජීවත් වෙන්න දෙයක් නෑ මල්ලී, අපි යථාර්ථයට මුහුණ දෙනවා නම් මේ ඉන්න ඩිංග සංතෝෂෙන් ගෙවන්න පුළුවන්. ඔයා අදහන ආගම ගැන වැඩියෙන් හිතන්න...
  13. Chathura141

    පුංචි චාරිකාවක් - Journey

    ඔයාගෙ නිර්මාණ වල සාරවත් බව ඉතා ඉහලයි සහෝ... මේක ලංකාව ගැන පුංචි සාරාංශයක්. පොත් පිංචක් විදිහට සමාජයට බෙදලා දෙන්න වටිනවා. ඔයාට බොහෝම පිං මේ වගේ නිර්මාණ තුලින් අපගේ දැනුම පෝෂණය කරන එක ගැන.
  14. Chathura141

    මගේ පරණ නිර්මාණ

    සබඳ කිමද වරද මහද සුවඳ නැතිද රුසිරු මදිද නිබඳ සරන මැදුර මහද සුවඳ කරනු මැනවි සුහද මහද කෙරුවෙ කුමන වරද සබඳ නුඹට පිදුව පෙමද බඹර තුඩට මලද රොනද නුහුරු වෙන්ට කරුණු කිමද තිරව නැගෙන අදර සුවඳ ඔකඳ කරයි සොඳුරු මහද කිමද කියනු නුඹගෙ පෙමද මවෙත පුදනු තිබෙන වරද
  15. Chathura141

    නැති බැරි අපි

    ඇත්තටම දුප්පත් කවුද කියලා අපට හිතන්න බල කරන නිර්මාණයක් සහ පිංතූරයක්. නියමයි.
  16. Chathura141

    The Tsunami (සුනාමිය)

    ගොඩාක් ස්තූතියි මාව දිරිමත් කළාට සහෝ...
  17. Chathura141

    යශෝධරාවන්ගේ ඌණ පූර්ණය

    යසෝධරාව කියන්නේ සාමාන්‍ය ගැහැණිය හා සම කරන්න පුළුවන් චරිතයක් නොවෙයි. ඇය අපේ පරමාදර්ශී පතිනියක්. ඇයත් අපේ මහ බෝ සතාණන් වගේම සංසාරෙ පුරා පෙරුමන් පුරපු කෙනෙක්. ඇය ගැන අපි කතා කළ යුතුමයි. නැත්නම් අපේ කාන්තාවත් යුරෝපයේ කාන්තාවත් අතර වෙනසක් නැතිම වෙලා යයි. මෙහෙම කතිකාවතක් ඇතිවීම ගැන අපි සතුටු විය...
  18. Chathura141

    විසිතුරු පහන් - Decorative Lights

    මෙය බොහෝ අර්ථ නිරූපනය කරන සරල ඒත් ගැඹුරු පද පෙලක්. සෑහෙන වියදමක් දරාගෙන දාන විසිතුරු පහනක එළියකට කොයි තරම් පුංචි ප්‍රදේශයක්ද එළිය කරන්න පුළුවන්. එහි තියෙන විසිතුරු බවට රැවටුණාට එහි එළිය එයටවත් සෑහෙන්නෙ නෑ. ඕක තමයි අද සමාජයේ මිනිසුන්ටත් වෙලා තියෙන්නේ. ඔවුන් ගොඩාක් මහන්සි වෙලා, වියදම් කරලා...
  19. Chathura141

    සද නුඹත් ගියා සැගව්

    අලංකාර නිර්මාණයක්. වියෝගය බොහොම සංවේදීව විග්‍රහ කරනවා.තව ලියන්න ..
  20. Chathura141

    එදා සහ අද මිනිස් නොමිනිස්කම ...

    එදා සිටියවුන් අනුන් සතුටු කිරීමෙන්, අනුන් යහපතෙහි යෙදවීමෙන්, අනුන්ට උදව් කිරීමෙන් බොහෝ සේ සතුටු වූහ. එය ඔවුන් කළේ පෙරලා යමක් බලාපොරොත්තුවෙන් නම් නොවේ. එහෙත් අද සිටින්නවුන් සියල්ල තමන්ගේ කර ගැනීමට වලි කති. ඔවුන් බැරි වෙලාවත් යම් උපකාරයක් කරයි නම් එයට වැඩි දෙයක් පෙරලා බලා පොරොත්තු වෙති. කාලීනව...

    No contents