අපට අවශ්‍ය වන්නේ අවශ්‍ය විටෙක පොදු අරමුණක් වෙනුවෙන් සවිඥානකව, එක්ව වැඩ කරන්නටද හැකි, ඒ එක්කම තමන්ගේ චින්තන අනන්‍යතාව රැකගෙන, යමක් ප්‍රශ්න කිරීමේ ආත්ම ශක්තිය ඇති සරසවි සිසු පරපුරක්ය. එවන් සිසුවකුට අනුන්ගේ ගර්හාවට හෝ සමච්චලයට පාත්‍ර නොවී බහුතරයක් දරන අදහස ප්‍රශ්න කිරීමට හැකි විය යුතුය; පන්තියේදී...