රේස් ට්‍රකයට ඉදිරියෙන් අඩි තිහකට වඩා ඉදිරියෙන් සිටියේ නැත. කුම්බා මාර්ගය නැවතත් ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වූ මං සන්ධිය කරා ඔහු ලගා වූ අතර, ඔහු තම වේගය බාල කලේය. ඔහුට වේගය බාල කිරීමට සිදුවිය. රේස් එසේ කල සැනෙකින් ලාෆ්ලින් ඉදිරියට පනිමින්, ඔවුන් අතර වූ පරතරය කා දමමින්, වාත වේගයෙන් ධාවනය වන්නට විය...