1. Blair Solari

    කැමැත්ත

    වෙනසක් නැහැ කියන්න බැහැ පෞද්ගලිකව ගත්තොත්, වෙනසක් තියෙනවා. මන් අහන්නේ මානසික වෙනස්වීමක් නිර්ණායකය කරන්, අවබෝධ වෙලා කියලා හිතලා, ධර්ම ශ්‍රවණය නවත්තන එක කොච්චර නුවණට හුරු දෙයක්ද කියලා?
  2. Blair Solari

    කැමැත්ත

    ඒ ඔබතුමා දීපු කරවලයි, පූසයි, ස්ත්‍රියයි උදා. ට මන් කිව්වේ එහෙම වෙනසක්නම් වෙලා නැහැ කියලා.. ඔව්, අහලා තියෙනවා. ප්‍රතිඵලය කියලා අදහස් කරන්නේ මොකක්ද, ඒක ලැබුනා කියලා දැනගන්නේ කොහොමද.. කියලා තමයි මාත් අහන්නේ..
  3. Blair Solari

    කැමැත්ත

    මන් දන්න දහමනන් නිවීමක්. නිවීම දැක්ක උතුමන්ලට තමයි දන්න, දකින උතුමෝ කියන්නේ.. හම්බුන සමීකරණය වඩද්දී හිස ගිනි ගන්නවනම්, imho, කරන ක්‍රියාවේ අවුලක් තියෙන්නේ.. ක්‍රියාවට මුලීක වෙන්නේ සංකල්පය, සංකල්පයට දිට්ටිය. සම්මා දිට්ටිය තමයි ශාසනයේ ආරම්භය. ? ------ Post added on 1783678157
  4. Blair Solari

    කැමැත්ත

    ලොජික් නෙමෙයි යකෝ.. ඒ කාලේ ගියානම් ඒ ඒ මාර්ගඵල ලබනවා.. කියන්නේ යන්න පුලුවන්කම තිබිලා නොයා, නොකර හිටපු එක. ඔය උදා. ගනින්කෝ ධර්ම ශ්‍රවණය නවත්තන කෙනෙක්ට.. හරිම එක ඇහිලා කියලා නවත්තනවා. ඒත් නවත්තන්නැතුව දිගටම අහන් ගියොත්, සත්‍ය හෙව්වොත් මගඵලයක් ලබනවා.
  5. Blair Solari

    කැමැත්ත

    හිස ගිණි ගන්න එක නිවන්න උත්සහ කරනවා වගේ සෝතාපන්න වෙන්න උත්සහ කරන්න කියලා දේශනා කරලා තියෙද්දී, හම්බෙයි කියලා හිතන් ඉන්න මටනම් බැහැ. අවුලක් නැහැ ඉතින් ඔබතුමාට බය නැත්තම්.. මටනම් බයයි :P
  6. Blair Solari

    කැමැත්ත

    දෙයියෝ ඇවිල්ලා හැමෝටම පෙන්නන්නැහැ බන්.. අර සිටු පුත්‍රයයි, බිරිඳයි මට මතක හැටියට.. මුල් කාලේ ආවානම් රහත් වෙනවා, මැදි කාලේ ආවනම් අනාගාමී වෙනවා.. කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා දේශනා කරලා තියෙන්නේ නිකන් කියලා හිතනවද?
  7. Blair Solari

    කැමැත්ත

    විටමින් A නම් ටෙස්ට් එකක් කරලා කොච්චර මදිද කියලා දැනගන්න පුලුවන්නේ.. ආසයානුසය, ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණ නැතුව කොහොමද තීර්ණය කරන්නේ ධර්මය කොච්චර අහන්න ඕනේද, හරිම ධර්මය ඇහිලද කියලා?
  8. Blair Solari

    කැමැත්ත

    Generalize කරන්න බැරි ඇයි? මෙතන පී.ඕ.වී 4 තියෙනවා, A සෝතාපන්න, සෝතාපන්න කියලා දන්නවා. B සෝතාපන්න, සෝතාපන්න කියලා දන්නැහැ. C පෘථග්ජන, පෘථග්ජන කියලා දන්නවා. D පෘථග්ජන, සෝතාපන්න කියලා හිතන් ඉන්නවා. worst case scenario එක D. A, B ධර්ම ශ්‍රවණය, ලද ප්‍රඥාව දියුණු වෙන්නත්, අකුසලය දුරු කරන්නත්...
  9. Blair Solari

    කැමැත්ත

    වෙයි කියලා බලන් ඉන්න එකද නුවණැත්තෙක් කරන්නේ, නැත්තම්, වෙනවානම් වෙන්නේ කොහොමඳ බලලා, එහෙම වෙන්න පුලුවන් හොඳම දේ කරන එකද? සෝතාපත්ති අංග හතරෙන් එකක් නවත්තලා හිටියහම හරිද බන්? එහෙම කියන්න හේතුව ත්‍රිපිටකයෙන් දක්වන්න පුලුවන්නම් වටිනවා.
  10. Blair Solari

    කැමැත්ත

    බන අහන එක ගැන තමයි බන් මාත් කියන්නේ.. බාහිය රහත් වෙලා කියලා හිතන් ඉද්දී තමයි දෙවියෙක් ඇවිත් කියන්නේ ගිහින් බන අහන්න කියලා.. හරිම එක ඇහිලා කියලා හිතන් ඉන්න කෙනෙක්ටත් හරිම එක ඇහිලා නැති වෙන්න පුලුවන්නේ.. ඉතින් නුවණැත්තෙක් නවත්තයිද ධර්ම ශ්‍රවණය?
  11. Blair Solari

    කැමැත්ත

    බන් වචනයි, අවබෝධයයි දෙකක්. අවබෝධය අපිට මනින්න බැරි නිසාම තමයි "දැන් අවබෝධ වෙලා" කියලා නවත්තන්න බැරි.
  12. Blair Solari

    කැමැත්ත

    මන් දානය දෙනවා ඩේලි මට පුලුවන් මට්ටමෙන් සත්තුන්ට. මේ කරන්නෙත් එක්තරා විදිහක දානයක් වෙන්න පුලුවන්
  13. Blair Solari

    කැමැත්ත

    සෝතාපන්න වෙලා කියලා දැනගන්නේ කොහොමද?
  14. Blair Solari

    කැමැත්ත

    මන් දන්න ගමනනම් රහත් වෙලා නවතින්නේ. සෝතාපන්න වෙලා නෙමෙයි.
  15. Blair Solari

    කැමැත්ත

    අහන එක කවද්ද නවත්තන්න ඕනේ?
  16. Blair Solari

    කැමැත්ත

    ආලවක ධර්මය ඇහුවේ බුදුහාමුදුරුවොන්ගෙන්. බුදුහාමුදුරුවොන්ට වැඩිය හොඳ කළ්‍යාණ මිත්‍රයෝ කොහෙන්ද බන්? අනික බුද්ධ භාෂිතයට එහා තව සත්ධර්මයක් කොහෙන්ද? plus, ආලවකට තමන් සේඛද, නැද්ද අහගන්න බුදුකෙනෙක් ඇස් දෙක ඉස්සරහා හිටියා.. ආසවානුසය, ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණ නැති, පෘථග්ජන මට්ටමෙන් කල්‍යාණ මිත්‍රයා...
  17. Blair Solari

    කැමැත්ත

    මන් දන්න ශාසනයෙනම් බන් නැවතිලා ඉන්නේ අසේඛ උතූමන්ලා විතරයි. අනිත් හැමෝම දුවනවා. සමහරු "නැවතිලා ඉන්නේ" කියලා හිතන් දුවනවා..
  18. Blair Solari

    කැමැත්ත

    නිවන කියන්නේ අසංඛත ධාතුවනේ.. ඵලයක් *කෙනෙක්ට ලැබෙනවා* කියන්නේ ආයෙම සකස් වීමක්මයි නේද? මම, සහ ලෝකය කියන්නෙත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස්වීමමයි මන් දන්න විදිහටනම්.. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වීම, අවිද්‍යාව නැති තැන සකස් නොවීම බවට පත් වීමද නිවන, නැත්තම් අවිද්‍යාව ඇතුලෙම විද්‍යාමාන සත්වයෙක්ට...
  19. Blair Solari

    කැමැත්ත

    මානසික මට්ටම කියලා ඔබතුමා අදහස් කරන්නේ.. මන් දන්න විදිහටනම්, සෝතාපන්න වෙලා ඒ ගැන දැනන් ඉන්න උතුමොත් ඉන්නවා, නැති උතුමොත් ඉන්නවා. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් අතින් වෙන්න බැරිත් මන් දන්න විදිහට පංච ආනන්තරීය පාප කර්ම ටික. මානසික මට්ටමේ වෙනසක් ලෞකිකවත් ලබන්න පුලුවන්. මොකක්ද මානසික මට්ටම මනින...
  20. Blair Solari

    කැමැත්ත

    මන් දන්න ශාසනයනම්, යෝනිසෝ මනසිකාරය උපදින තැන තමයි එහා පැත්ත කල්‍යාණ මිත්‍රයා වෙන්නේ, ඇහෙන්නේ සත්ධර්මය වෙන්නේ, ධම්මානුධම්ම ප්‍රතිපදාවට වැටෙන්නේ.. පෘථග්ජන කෙනෙක්ට කළ්‍යාණ මිත්‍රයෙක්වත්, සත්ධර්මයවත් පෘථග්ජන මට්ටමෙන් තෝරගන්න බැහැ. ඔබතුමාම කියනන්කෝ කළ්‍යාණ මිත්‍රයයි, සත්ධර්මය කොහොමද හොයන්නෙ කියලා...

    No contents