යම්කිසි සත්ත්වයකු මරන අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නො වැදී බලාපොරොත්තු නො වූ අන් සතකුට වැදී මළේ ද, එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්රාණඝාත කර්මය නො වේ.
යම් කිසි තැනක දවල් එළුවකු නිදනු දැක, රාත්රියේ ගොස් ඌ මරන්නට සිතා රාත්රියේ ආයුධයක් ගෙන ගොස් එහි නිදන සත්ත්වයාට පහර දුන් කල්හි, එ තැන එළුවා නැති...