1. 10007

    ලකී යෝගට් දැන් නැද්ද?

    මචං මම කලින් කීවා වගේ මට යෝගට් කන එකත් එපා උනා.අඹේවෙල,හයිලන්ඩ්,චෙලෝ,පැලවත්ත,අයිලන්ඩ්,මලිදු හැමෝගෙන්ම යෝජනා ආවා ඒජන්සියක් දෙන්න.උන් හැමෝම දැනගෙන හිටියා මම තමයි මේ පැත්තේ ලකි යෝගට් එක පහලම තිබිලා දෙවෙනි තැනට ගෙනාවෙ කියලා.නමුත් මචං ගිනිපෙල්ලෙන් බැටකාපු මිනිහා කනාමැදිරි එලියටත් බයයි කියනවනේ.....!
  2. 10007

    ලකී යෝගට් දැන් නැද්ද?

    හැම යෝගට් 8 කට ම එකක් free දෙනවා මුදලාලිට.අපිටත් අපි ගන්න යෝගට් ප්‍රමානය අනුව කම්පැනියෙන් free හම්බවෙනවා. අපි ගෙවල්වල කෑවෙ ඒ free හම්බවෙන ඒවා තමයි.:P
  3. 10007

    ලකී යෝගට් දැන් නැද්ද?

    අවුරැදු තුනක් විතර කලා. ඔය ගනන් හිලවු ඔය විදියට තිබ්බට කලට වෙලාවට කිසිම දෙයක් උනේ නැහැ.අපෙන් blank චෙක් ඉල්ලගෙන උන්ට ඕන වෙලාවට ඕන ගානක් දාගන්න වැඩකුත් ඔකුන් කලා.මහ සක්කිලි හිගන්නෝ ටිකක්.ඒරියා මැනේජර් කෙනෙක් හිටියා ලෝක හිගන්නෙක්.මූ කම්පැනියෙන් පඩි දුන්නෙ නෑ කියලා නතරම අපෙන් සල්ලි ඉල්ලනවා.ඒත් අපි...
  4. 10007

    ලකී යෝගට් දැන් නැද්ද?

    බඩු ගේන invoice එකෙන් කෙලින්ම අපිට 16% අඩුවෙලා එන්නේ. යෝගට් එක අපට වෙන්නේ 27.00විතර කඩේ මුදලාලිට වැටෙන්නේ 24.00 විතර ඕනෙනම් අපේ කමිෂන් එකෙන් පාඩුව දරාගෙන අපිට මුදලාලිට තව අඩුවට දෙන්න පුලුවන්.මගෙන් සතියකට යෝගට් 1000 ක් විතර ගත්ත කඩයක් තිබුනා. මම ඒ කඩේට දුන්නේ 21.00 ගනනේ.
  5. 10007

    ලකී යෝගට් දැන් නැද්ද?

    මුලින් දුන්නෙ 8% පස්සෙ වාහන වලට එහෙම ගෙවන එක මාස ගනන් පරක්කු කල හිංදා මම කෙලින්ම 16%එන විදියට කතාකර ගත්තා. මගේ ලග cool room එක තියන හිංදා වෙන කම්පැනි වලිනුත් කතාකරා ඒජන්සි දෙන්න. නමුත් මචං මුං කරපු දේවල් නිසා මට ඒජන්සි එපා උනා.ඇත්තම කියනවනම් දැන් අපේ ගෙදර කන්නවත් යෝගට් ගේන්නෙ නැහැ.යෝගට්...
  6. 10007

    ලකී යෝගට් දැන් නැද්ද?

    මම මුන්ගේ යෝගට් ඒජන්යියක් කලේ.Freezer වාහන දෙකක් දාලා මාසෙතට ලක්ෂ තිහක විතර සේල් එකක් කලා.යෝගට් වගේ දෙයක ඒ ගාන හොද ගානක්.
  7. 10007

    ලකී යෝගට් දැන් නැද්ද?

    මොකුත් කරන්න වෙලාවක් නෑ රට වටේම නඩුවලට යනවා ඇරෙන්න.මමත් ලබන මාසේ නඩුව දාන්න සූදානම් කරලා තියෙන්නේ.සිතාසි යැවිවට බාරගන්න කෙනෙක් තැනක් නෑ හරියට.
  8. 10007

    ලකී යෝගට් දැන් නැද්ද?

    කාඩ්බෝඩ් පෙට්ටි දුන්නේ ක්‍රිස්ටල් පැක් කියලා කම්පැනියක්.උන්ට කෝටි තුනකට වඩා නයයි.කවුරැහරි එක සප්ලයර් කෙනෙක් ඇවිල්ලා මුගෙ BMW එක අරන් ගිහිල්ලා තිබුනා නයට හිලවු වෙන්න.දැන් මූ යන්නේ මරැටියක කියලයි ආරංචිය.අපිත් ගියා ලක්ෂ දහයට හරියන්න මොනවාහරි අරන් එන්න.එහෙමට ගන්නවත් දෙයක් දැන් නෑ බං.
  9. 10007

    ලකී යෝගට් දැන් නැද්ද?

    සෙකට්‍රි තමයි හිටියේ.පස්සේ හොර ගෑනී බවට පත්වෙලා නියම ගෑනිගෙන් අයින්වෙලා මේගෑනි එක්ක වෙනම හිටියා.මේ ගෑනිට මුගෙන් ලමයෙකුත් ඉන්නවා.කම්පනි එකේ Marketing Director විදියටත් පත්කලා.ඒ ගෑනී දන්න Marketing එකක් නැති හින්දා දක්ෂයෝ ආයතනයෙන් ගියා. දැන් ඒ ගෑනිත් එලවලා මුගේ පලවෙනි කසාදේ දුවටත් වඩා වයස අඩු...
  10. 10007

    ලකී යෝගට් දැන් නැද්ද?

    "වාසනා"කියලා ගෑනියෙක් හිටියා.ඒකි තමයි අවාසනාව පටන් ගත්තේ.
  11. 10007

    ලකී යෝගට් දැන් නැද්ද?

    මම සල්ලි තිබිලා නෙවෙයි බං ඕක පටන් ගත්තේ.වාහන වලටයි ඩිපොසිට් වලටයි ගත්ත ණය තාම වෙනවා හරි අමාරැවෙන්.ජීවිතේ අවුරැදු ගානක් පස්සට ගියා මචං ලකී යෝගට් මගුල හින්දා.හොදක් නම් වෙන්න එපා ඕකට....
  12. 10007

    ලකී යෝගට් දැන් නැද්ද?

    මචංලා මම ලකී යෝගට් එජන්සියක් කරපු එකෙක්.කම්පැනියේ සල්ලි චෙයාමන් කාරයා කැසිනෝ ගහලා,බඩු ගහලා නැති කරලා කම්පැනිය වැටුනා.දැන් අපි ඩිපොසිට් තියපු ලක්ෂ දහය දෙන්නෙත් නැතිව හැංගි හැංගි ඉන්නවා.උඹලට මතකද ඉස්සර CSN එකේ positive thiking ගැන කියවපු ලාල් කීර්ති ගුනවර්ධන කියන එකා?අන්න ඌ තමයයි චෙයාමන්.හෙන ගහපන්...
  13. 10007

    ජබුර අඩු කරපියව්

    යෝගට් එකක් හදන ක්‍රියාවලිය,ජෙලටින් කියන්නේ මොනවද,සහ හොද යෝගට් එකක් නිර්මානය කිරීමට ගන්න කිරිවල ගුනාත්මක බව පිලිබදව පොඩි හරි දැනුමක් තියන අය කන්නේ ලකී යෝගට් තමයි මචන්.ප්‍රමිති ආයතනයේ සහතිකය ලකී යෝගට් වලට විතරක්ම තියෙන්නේ ඒ නිසයි.පොඩි අයට නම් මචන්ලා වෙන කිසිම යෝගට් එකක් දෙන්න එපා. බය නැතුව ලකී...
  14. 10007

    මොකද හිතෙන්නේ මේක දැක්කම

    ලොවේ සැමා............:D
  15. 10007

    name please...!!

    මේක කොහොම උනත් ලකී යෝගට් නම් ඇත්තටම හොදයි මචන්ලා .........
  16. 10007

    පොඩි බිස්නස් එකක් පටන් ගන්න බැලුවා. උදව්ව&#348

    මුලින්ම උබ වැඩේ කරන්නේ කොහෙද කියපන් . මට අදාල area එකේ නම් ලංකාවේ හොදම සමාගමක කිරි ආහාර වර්ග ඔක්කොම දෙන්නම් මචං .
  17. 10007

    Freezer Truck ekak

    Flyboy උඹ ලඟ රෙන්ට් එකට දෙන්න එකක් තියනවද ?
  18. 10007

    Freezer Truck ekak

    යෝගට් තමයි මචං.උඹ කියන විදියට lease කරන එක හොඳයි කියලා මටත් හිතෙනවා. මොකද හිතෙන්නේ ?
  19. 10007

    Freezer Truck ekak

    Contract එක අඩුම ගානේ අවුරුද්දයි අනුරාදපුර දිස්ත්‍රික්කය ඇතුලත ප්‍රදේශ කිහිපයක තමයි business එක තියෙන්නේ Daihatsu hijet 5 201p 650 cc ,Suzuki csl026 650 cc වගේ පොඩි එකක් තමයි හොයන්නේ.
  20. 10007

    Freezer Truck ekak

    මචන්ලා මට පොඩි ව්‍යාපාරයකට කුඩා ප්‍රමාණයේ Freezer Truck එකක් ඕනෙ.රියදුරු නැතුව.මාසික කුලී පදනම මත.හොයලා දෙන්න පුලුවන් අයගෙන් සහ විස්තර දන්න අයගෙන් උදව් අවශ්‍යයි .

    No contents