මේ වූ කලී කොළඹ කොටහේනේ කාසිසෙට්ටි වත්තේ හත්වැනි පටු මාවතේ පේළි නිවසක ජීවත් වූ පුංචි කෙල්ලකගේ කතාවයි. නම කී පමණකින් මුළු රටම පමණක් නොව විදේශිකයන් පවා හඳුනන ගායන ශිල්පිනියක් වූ ඇගේ කට හඬ වාද්ය භාණ්ඩයකට සමාන යයි වරක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හඳුන්වා තිබුණි. ‘ජාතියේ යශෝරාවය’ ලෙසද හැඳින්වූ ඇය...