වැහිබර ඝන අඳුරු රාත්‍රියක සේ කාල වර්ණ වූ නිමේෂයක සූර්යාලෝකයයැයි වැරදියට ගිනිය හැකි ආලෝක කඳම්බයක් දෙනෙත් මතට පතිත වන්නට වූයේ අහම්බෙන් මෙනි. මලක පෙති දිගහැරෙන්නා සේ සෙමින් විවරවන දෑස් පියන්පත හිස් බැල්මෙන් සීලිම දෙස බලා හිඳින්නට විය. දාහයෙන් පෙඟුන සිරුර මදක් රිදුම් දෙන්නෙ මන්ද යන්න මට තවමත්...