මතක් වෙන්නෙ නැද්ද මාව වෙනදා වගේ
අහිංසක දෙනෙත්වලින් ඇයි මා රැවටුවේ
හිතක් එකක් මේ වගේ ඇයි සෙල්ලම් කළේ
ඉඩක් නැද්ද ආයෙ එන්න පණ වී මගේ
හිත දන්නවා ඇතී මගෙ ආදරේ හැටී
කඳුළක් නොදී ඔයා මං බලාගත් හැටී
වරදින්නෙපා ඔයාට මට වේදනා දුන්නට
මං ප්‍රාර්ථනා කරන්නෙ හැමදා මගේ බුදුන්ට
ඔබ දන්නෙ නැතුවැතී මම විඳවනා හැටී...