මුවරැඳි හසරැල්ල පානා
පායන සඳ ම සේ දිළෙනා
දෑසක මා සෙවුව සේමා
පිවිතුරු ආදරේ ගලනා
මගෙ හිත ළඟ දවසක නතර වෙලා
බලනවනම් මුළු හිත පිරා
ඔබ නොහිතු තරම් සෙනෙහස පුරවා
දකිනා හිත ඔබ වෙනුවෙන් ම තමා
මේ සීත රෑ යාමෙ තුරුළේ හොවා
උණුහුමක සුව දෙන්න උන්නේ බලා
නිදි නේන තුන් යාමෙ හිත කිතිකවා
සුරලියක සේ ඉන්න මට ළං වෙලා...