1. 1

    කසාද බැඳපු අය හැමදාම ලිංගිකව එකතුවෙනවද?

    ජීවිතයේ ඒ ඒ කාල වල සංසර්ගය සිදු කරන ආකාරය කොටස් තුනකට බෙදා තියනවා. නමුත් ඒ තුනම හැඳින්වෙන්නේ එකම වචන දෙකකින්. "ට්‍රයි වීක්ලි" කියලා සිංහලෙන් ලිව්වාම නම් තියෙන්නේ එකම වචන දෙකයි. බැඳපු අලුත, (ට්‍රයි වීක්ලි) Tri Weekly හතලිහ පනහ පැන්නාම (ට්‍රයි වීක්ලි) Try Weekly හැට පැන්නාම (ට්‍රයි වීක්ලි) Try Weakly
  2. 1

    මේ විදියට විකුණපු ඉඩම් කලින් ආණ්ඩුවේ එවාද ?

    මම හිතන්නේ මේ විදියට විකුනන්නේ රාජසන්තක කරපු ඉඩම් කියලයි. බදු හෝ දඩ මුදල් නොගෙවා සිටීම නිසා හෝ අපරාධ මගින් උපයාගත් දේපොළ රාජසන්තක කරලා (Confiscation of the proceeds of crime) ඊට පස්සේ මේ විදියට විකුනනවා. මේවා රජයේ ඉඩම් නොවෙයි, ඉඩමේ අයිතිකරු කල වරදක් නිසා රාජසන්තක කරලා රජය මගින් විකුනනවා.
  3. 1

    මම දන්නෙ රට ළූනු රතු ළූනු විතරයි

    87-89 ජවිපෙ ජාත්‍යාලය කාලේ ඉන්දියානු දේවල් විකිණීම තහනම් කළා. මයිසූර් පරිප්පු සහ බොම්බයි ලූනු දෙක රතු පරිප්පු සහ B ලූනු ලෙසට විකුනන්න සිද්ධ උනේ ඊට පස්සෙයි.
  4. 1

    Questions 40 ශ්‍රී වාහන වල තියෙන අවාසි මොනවද?

    40 ශ්‍රී එලවන්න ලොරි ලයිසන් ඕනෑ. නමුත් ජීප් එකක් නිසා බොහොම වෙලාවට සාමාන්‍ය පොලිස් කාරයෝ ඕවා දන්නේ නැහැ . හැබැයි ට්‍රැෆික් කාරයෝ නම් රවට්ටන්න බැහැ . 3 දෙනෙකුට වඩා ගියොත් නීතියේ හැටියට නම් පොලිසියෙන් අල්ලන්න පුළුවන්. නමුත් ඒකත් බොහෝ පොලිස්කාරයන් දන්නේ නැහැ. RMV එකට ජරාවක් දීලා කරගන්න බැරි...
  5. 1

    Questions 40 ශ්‍රී වාහන වල තියෙන අවාසි මොනවද?

    40 ශ්‍රී කියන්නේ "ලොරි" ලියාපදිංචියක්.. වාහනයේ යන්න පුළුවන් රියදුරාටයි, තව දෙන්නේකුටයි විතරයි. 31 ශ්‍රී වල වාහනයේ ආසන ගනනට (ඇත්තටම ඊටත් වඩා උනත්) යාම වරදක් නොවේ. ලියාපදිංචි ගාස්තුව 40 ශ්‍රී වල බොහොම අඩුයි. ඊට සාපේක්ෂව 31 ශ්‍රී ගාස්තුව ඉතාම ඉහලයි. 80 දශකයේ මුල අපේ ගෙදර තිබුන 1ශ්‍රී පැට්‍රෝල්...
  6. 1

    Lions Park Where Lions Hug Tourists

    සිංහයා ලෙව කන කොට නම් අප්පිරියා හිතෙනවා. උන් මූන හෝදන්නේවත් දත් මදින්නේවත් නැති සත්තුනේ. සිංහයින්ට අතින් කෑම කවන්න අවස්තාව ලබා දෙන සත්වෝද්‍යානයකට නම් මම ගිහින් තියනවා. ඕස්ට්‍රේලියාවේ, තස්මේනියාවේ එතරම් ප්‍රසිද්ධියක් නැති Zoodoo කියන සත්වෝද්‍යානයේ BBQ Tong එකකට මස් කෑලි අරගෙන (වීදුරු) ජනේලේ එහා...
  7. 1

    වැරදීම මනුස්ස ගතියක්

    වැරදීම මනුස්ස ගතියක් , සමාව දීම දේව ගතියක්. ඒ නිසානේ පූටින් ලොක්කා මෙහෙම කිව්වේ, "To forgive the terrorists is up to God, It is my duty to send them to him."
  8. 1

    Lankans Living in Australia

    ඔව්, දැනුත් PR එක ලංකාවෙන් ගහගෙන ආව හැකි. නමුත් PR අකුරු දෙකයි, Medicare එකයි විතරයි. Benefits මුකුත් ලැබෙන්නේ නැහැ.
  9. 1

    Lankans Living in Australia

    ඒ කාලේ, අසූවේ දශකයේ අග, ඇප්ලිකේෂන් එක රුපියල් තුන්දාස් නමසීයක් වගෙයි මතක. Qualification assessment එක 1600 විතර. ඊට පෙර කැමති නම් points test එක නොමිලේ කරලා apply කරන්න සුදුසුද කියලා දැනගන්න පුළුවන්. මම 87 දී points ටෙස්ට් එක කලා. experience මදි කම නිසා 89 දී apply කරන්න කියලා තමයි උපදෙස්...
  10. 1

    Lankans Living in Australia

    58
  11. 1

    Lankans Living in Australia

    මේ කියන විදියට PR දීම අතීතයේදී නම් සිදු උනා. මේ කොරෝනා ප්‍රශ්නයෙන් පසුව ඒක නැවත ක්‍රියාත්මක කරාවිද කියලා නම් මම දන්නේ නැහැ. 1990 දශකයෙන් පසුව නම් මේ විදියට amnesty දුන්න බවක් මට මතක නැහැ. හැබැයි ඒ කාලේ මේක දුන්නේ asylum seekers ලා ට සහ PR ඇප්ලයි කරලා හිටපු අයට මිසක් මෙහාට education visa වලින්...
  12. 1

    JR බලයට එනකොට

    මේ කියන ඒවායින් සමහර ඒවා ඇත්තයි. සමහර ඒවා අමූලික බොරු. මම ඒ ගැන මීට පෙර අඩුම තරමින් දෙවතාවක් වත් පැහැදිලි කිරීම් සහිතව පිළිතුරු දී තියනවා. මේ පිළිතුර ලියන්නේ මේ පෝස්ට් එකේ පළමුවන වාක්‍යය වන //JR බලයට එනකොට ආණ්ඩුවෙ ඉඩම් සංචිතය විතරක් අක්කර මිලියන ගානක් තිබුනා.// කියන වාක්‍යය සම්බන්ධයෙන්...
  13. 1

    තවමත්_සුපිරියට_වැඩ_අවුරුදු_105_පරණ_එක්ස්කැව&#3

    ලෝක බැංකුවේ ලොක්කා වෙච්ච රොබට් මැක්නමාරා 1978 දී විතර ලංකාවට ආවා. ඒ සංචාරයේ බොහොම ප්‍රසිද්ධ උන කාරණය තමයි එවකට මුදල් ඇමති , රොනී ද මැල් මහත්තයාගේ අදහසක් අනුව ඒ ආරාධිත අමුත්තන් කණ්ඩායමට සිංහල ආහාර වලින් සංග්‍රහ කරලා ඔවුන්ට ජීවිතයේ කිසිදාක නොකෑ රසවත් අහාර වලින් ඔවුන් පිනවීම. මේ සංචාරයේදී සිදු උන...
  14. 1

    වාහන හින්ද කාපු කටු ...3

    මීට අවුරුදු විසි අටකට විතර ඉස්සර වාහන නිසා කාපු කට්ටක් මතක් උනා. ඒක කට්ටකට වඩා හිනා යන සිද්ධියක්. ඒ බොහෝ විට 1992 වසරේ නත්තල් නිවාඩුවට පෙර දිනය විය යුතුයි. එවකට අප ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී වසර දෙකක් පමණක් ගත වී තිබුනත් මමත් මගේ පවුලත්, මට වගේම හෝ ඊටත් වැඩියෙන් පිස්සු තියන මගේ හොඳම...
  15. 1

    වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

    කලකට පෙර උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය ගැන හොයනකොට ශිවන්තගේ පළමු පෝස්ට් එකට මට ලැබුන ලින්ක් එකෙන් තමයි මම එළකිරි කියලා එකක් ගැන දැනගත්තේ. තවත් කාලයක් එළකිරි එකට නිකම්ම ඇවිත් කියවලා යන්න පුරුදු වෙලා ඉඳලා, reply එකක් දෙකක් දාන්න හිතුනාම තමයි membership එක ගත්තේ. ඒ කියන්නේ මට එළකිරි එන්න ලැබුනේ...
  16. 1

    Look at this women

    මට මතක් උනේ අර ගම මහගේව රවට්ටලා ගෙදර තිබුන වටිනා දේවල් 'එලොව' ඉන්න දුවට දෙන්න කියලා අරගෙන ගියාම, ඒ හොරා පස්සේ එලවපු ගමරාල එයාගේ අස්සයාවත් හොරාට දීපු කතාවයි.
  17. 1

    මේක ගැන මොකද හිතන්නෙ

    ඔව්, 77 ජේ ආර් ගේ රජය බලයට පත් උනාම එතෙක් (බහුතරයක් රාජ්‍ය ව්‍යවසායකත්ව යටතේ) තිබූ බොහෝ කර්මාන්ත සම්පුර්ණයෙන්ම නැති වී ගියා. ඒ කර්මාන්ත බොහොමයක් එතෙක් කල් රඳා පැවතුනේ, ඒවා රජයට අයත්ව තිබූ නිසා සහ ඒවාට තරඟයක් නොතිබූ නිසායි. ඉහල ප්‍රමිතියකින් යුතු නිෂ්පාදනයක්, සාධාරණ මිලකට ලබාදෙනවානම් එය ඕනෑම...
  18. 1

    මේක ගැන මොකද හිතන්නෙ

    1970-77 කාලයේ ලංකාවේ තිබුනේ සංවෘත ආර්ථිකයක්. ඒක ලංකාවේ ඉතාමත්ම අසාර්ථක උනා. නමුත් ඉන්දියාව අද ඉන්නා තැනට ආවේ, ලංකාවේ සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ පාලනය පැවති කාලයට සමාන්තරව එරට පාලනය කල ඉන්ධිරා ගාන්ධි මහත්මියගේ සංවෘත ආර්ථික ප්‍රතිපත්ති වලිනුයි. ඒ ආර්ථික ප්‍රතිපත්ති සැකසී තිබුනේ USSR සමාජවාදී...
  19. 1

    මේක ගැන මොකද හිතන්නෙ

    "සාදුකින් පෙලෙන වුන් දැන් ඉතිං නැගිටියව්" කියන කියමන ජවිපෙ කියමනක් නොවෙයි. රෝහණ විජේවිරලා උපදින්නත් පෙර ඉඳලා ලංකා සම සමාජ පක්ෂයේ තිබුන (ලසසප ලංකාවේ පරණම දේශපාලන පක්ෂයයි, පිහිටවුවේ 1935 දීයි ) ප්‍රසිද්ධම උද්ඝෝෂණ පාඨයයි. ඒක ජවිපෙට අදාලම නැහැ.
  20. 1

    Lankans Living in Australia

    වික්ටෝරියන් කොපෙක් ලර්නර් ඩ්‍රයිවර් කෙනෙකුට කොරෝනා නීතිය යටතේ $1652 ක් දඩ ගහලා. මම හිතුවේ ඒක ඉල්ලා අස්කර ගනී කියලා. නමුත් හවස කිව්වා ඒක ස්ථිර කළා කියලා. මෙල්බර්න් වල දඩ ඉවත් කරන පොලිස් ලොක්කා ලංකාවේ සිංහල මනුස්සයෙක් වෙන්න ඕනෑ. හරියටම අවුරුද්දකට ඉස්සෙල්ලා මම 100 සෝන් එකේ 112 ට ගිහිං අහු උනා...

    No contents