මේක ගැන මොකද හිතන්නෙ

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Better to ask why JRJ was elected with a massive majority... and Sirima's party ended up winning 10 seats or whatever. :P
    I don't like to comment on political threads because it's useless arguing with people who haven't got any of the facts right.
    All political parties made mistakes.. It happens even now. It's the mistake of the people vote idiots, crooks and thieves into power in the first place.


    ignorance of the people. they couldn't bear up for a little time for the betterment of the future. as I see, Sirima tried to develop the country, and it was hard on people, and JR took the opportunity, and the idiot destroyed the whole economy including the industries we had. people of that time didn't understand what Sirima was trying to do, because majority were ignorant, and needed instant gratification. and here we are, suffering for the sins of our ancestors. just my opinion.
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Ethakota sirimage kaale thibba karmantha Jr awahama wahune ai?


    ඔව්, 77 ජේ ආර් ගේ රජය බලයට පත් උනාම එතෙක් (බහුතරයක් රාජ්‍ය ව්‍යවසායකත්ව යටතේ) තිබූ බොහෝ කර්මාන්ත සම්පුර්ණයෙන්ම නැති වී ගියා. ඒ කර්මාන්ත බොහොමයක් එතෙක් කල් රඳා පැවතුනේ, ඒවා රජයට අයත්ව තිබූ නිසා සහ ඒවාට තරඟයක් නොතිබූ නිසායි. ඉහල ප්‍රමිතියකින් යුතු නිෂ්පාදනයක්, සාධාරණ මිලකට ලබාදෙනවානම් එය ඕනෑම තරඟකාරී වෙළඳපොළක් තුල නොනැසී පවතිනවා. නමුත් 70 -77 යුගයේ තිබුන නිෂ්පාදන බොහොමයක මිල සාධාරණ උනාට ඒවායේ තත්වය ඉතාම පහලයි. මේ පෝස්ට් එකේ ආරම්භයේ තියන ලිපියේ කියමන් කිහිපයක් උදාහරනෙකට ගන්නම්.

    //ඒ වෙනකොට අපි ඔරුවල වානේ සංස්ථාවේ ඇල්පෙනෙත්තේ ඉඳලා පාලම් කාප්ප දක්වා වානේ භාණ්ඩ දේශීයව නිපැදුවා.//

    මේක අපි හිතේ අමාරුව නැතිකරගන්න කියන කතාවක් මිසක් ඇත්තක් නොවෙයි. ඔරුවල කම්හල අදියර දෙකකින් සමන්විත USSR රජයේ ආධාර මත ගොඩනැගුනු ව්‍යාපෘතියක්. පළමු අදියර 2'' X 2'' වානේ බිලට් රුසියාවෙන් ආනයනය කර, එමගින් කොන්ක්‍රීට් ට්‍රස් සඳහා අවශ්‍ය කම්බි, කටු කම්බි වැනි නිෂ්පාදන කිහිපයක් (අල්පෙනිත්තේ ඉඳලා පාලම් කාප්ප දක්වා හැදුවා කියා කිව්වාට ඇත්ත මේකයි) සෑදීමයි. දෙවන අදියර අබලි යකඩ වලින් බිලට් සෑදීමයි. පළමු අදියරේ නිෂ්පාදන එකකටවත් එවකට අපේ රටේ භාවිතා උන තත්ත්ව සහතික (British standards) ලැබීමට තරම් ඉහල තත්වයක තිබුනේ නැහැ. "නාරටි දඟර වානේ" ලෙස වෙළඳපොළට නිකුත් කල කොන්ක්‍රීට් කම්බි බොහෝ විට පාවිච්චි කලේ රජයේ ඉදිකිරීම් වල පමණයි. පළමුවන අදියරේ ඉඳලාම නොයෙකුත් ප්‍රශ්න මත ඇදගෙන ගිය මේ කම්හලේ දෙවන අදියරටත් අත් උනේ ඒ ඉරණම මයි. රාජ්‍ය අයිතිය නිසා මේ කම්හලේ නිෂ්පාදන වල ප්‍රමිතිය ඉහල නංවා තරඟකාරී වෙළඳපොල ජයගැනීමේ අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. නමුත් එසේ කරන්න හැකියාවක් තිබුනා නම් අපිට අවශ්‍ය වානේ නිෂ්පාදන මේ කම්හලේ නිපදවා ගැනීමේ හැකියාව තිබුනා.

    //ඉන්දියාවට වෙනම වර්ගයේ උදැල්ලක් කිඹුලා ලකුණෙන් තලය මහත ලංකාවේ හැදුවා. ඒවා එක දිගටම ඉන්දියානු ගොවියට ලංකාවෙන් යැවුනා.//

    මේ ඊළඟ බොරුව. කිඹුලා උදළු කියන්නේ එංගලන්තයේ Chillington සමාගමේ නිෂ්පාදනයක්. ලංකාවේ යක්කල ලංකා ලෝහ භාණ්ඩ සංයුක්ත මණ්ඩලයේ "ලං ලෝ" කියලා උදැල්ලක් හැදුවා. කිඹුලා උදැල්ලට සාපේක්ෂව ඉතාම අඩු මිලකට මෙය ලබා ගත හැකි උනත් මෙයට කිසිම ඉල්ලුමක් තිබුනේ නැහැ. හේතුව එහි තිබුන බාල තත්වයයි.

    //ලංකාවෙම තණ බිම් වලින් අපේ කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා. මුස්ලිම් ගොවි මහත්වරු පොලොන්නරුවේ විශාල වශයෙන් කිරි නිපැදවූවා 🐄 🐄 . දැං ඒ ඔක්කොම වගේ පිටරටින් තොරම්බල් බඩු ගේන්න පුරුදු වෙලා.//

    ලංකාවේ දියර කිරි හෝ පිටිකිරි අවශ්‍යතාවයෙන් 10% වත් අපි සපුරා ගත්තේ නැහැ. එකල කුඩා දරුවෙකු සිටින පවුලකට ලක්ස්ප්‍රේ ලෙස හැඳින්වුන පිටරටින් Bulk imports වශයෙන් ආනයනය කර, ලංකාවේ පැකට් කල පිටිකිරි රාත්තලක් මාසයකට වරක් ලබා දුන්නා. සමහර පැකට් වල කිරි ඉතාම උකු (creamy) වෙද්දී ඊළඟ පැකට් එක වතුර වගේ දියාරුයි. මම මේ දේවල් කියන්නේ ඒවා බීලා තියන නිසා මිසක් කාගෙන්වත් අහලා නොවෙයි. සාමාන්‍ය ජනතාවට කිරි හැටියට ලැබුනේ පැරකුම් ටිං කිරි පමණයි. කිරි නැති නිසා නොබී හිටියා මිසක් අපි කිරිවලින් ස්වයංපෝෂිත උනා කීම විහිළුවක්.

    //ලේලන්ඩ් වාහනේ ලංකාවට ඉන්දියාවෙන් එනකොට දාලා එව්වෙ කැළණි ටයරය ලොකුවට made in Sri Lanka 🇱🇰 කියලා ලියලා//

    මේක අමූලික බොරුවක්. ලංකාවේ ලංගම බස් ටයර් නැතිව කොට උඩ තියෙද්දී අපි ඉන්දියාවට ටයර් අපනයනය කලේ නැහැ.

    //චොකලට් 🍫 කර්මාන්තය පටන් අරං පිටරටවල පවා කොකෝවා වැව්වා ලංකාපුත්‍රයන් යටතේ ඒ රටවල මිනිස්සු වැඩ කරා. අපිට එහෙව් යුගයක් තිබුනා.//

    මේ කියන්නේ උපාලි විජේවර්ධන ගැනයි. LRC යටතේ ලංකාවේ තිබුන සියලුම වතු රජයට පවරාගෙන ඉඩම් අයිතිය අක්කර 50 කට සීමා කළා. උපාලි විජේවර්ධනගේ ව්‍යාපාර වලට රජයෙන් ඉතාම දරුණු විදියට පහර ගැහුවා. ලංකාවේ කොකෝවා වවන්නේ නැතිව උපාලි විජේවර්ධන මැලේශියාවේ ඒ වගාවන් කලේ ලංකාවේ ඒවා කරන්න ඉඩ නොලැබුන නිසා මිසක් ලංකාවේ වවලා ඉඩ මදි උන නිසා නොවෙයි.

    //ලංකා සිල්ක්, බතික් අපේම අමුද්‍රව්‍ය වලින්. St.Bridget එකේ Sistersලා පට පණුවන්ගෙන් සිල්ක් නූල් අරන් රෙදි නිපදුවා. පස්සේ මේ වැඩේ චීනෙන් ගේන්න මුස්ලිම් මුදලාලිලාට බාර දුන්නා.//

    ඉතාම කුඩාවට සිදු කල Backyard Industry එකක් හෝ විනෝදාංශයක් ලෙස පට පණුවන් ඇති කිරීම සහ රටකට අවශ්‍ය සිල්ක් රෙදි සැපයීම අතර වෙනස තේරුම් නොගැනීම මේ කියමනට හේතුවයි.


    //වරායෙන් අපනයනය වූ බඩු අතර පලයාකාට් සරොම් තොග ගණන් (containers ප්‍රසිද්ධ නැති යුගයක) ඩියුරෝ රෙදි පිලි තොග ගනන් යැවුවා,//

    "ඉන්දියන් පලයකාට්" ලෙස හැඳින්වුන ඉන්දියාවේ හදාපු පලයකාර්ට් සරොං ලංකාවෙන් පිටරට යැව්වා????? අනේ මන්දා මේවාට මොනවා කියන්නද කියලා!