රා බඩෙන් මිදිය හැකි මඟ
කුඹුරෙන් ඔෆිස් පුටුවට උසස්වීමක් ලැබුණාට පස්සේ ලංකාවෙ අපි බොහෝ දෙනෙකුගේ ඔළුවත් එක්ක ම බඩත් වැඩි වුණේ බලාගෙන ඉඳිද්දි ම යි. ඒ කාලෙත් ‘රා බඩ’ කියලා හැඳින්වුණු මෙය කළ ගෙඩිය නැවුවා වගේ, හල්ක් වගේ කමිස බොත්තම් ඉරාගෙන ඉදිරියට ඇවිල්ලා තියෙන හැටි දැක්කා ම ළූණු නොකපා ම ඇස් දෙකට...