"ඉල්" යන වචනය සිංහල භාෂාවෙන්ම ප්රභවය වූ වචනයකි. හීල - සීතල යන අර්ථය ගෙන දෙයි. වස්සාන කාලය අවසන් වී සීතල කාලය හෙවත් හේමන්ත සෘතුව ආරම්භ වන්නේ ඉල් මාසයේදීයි. සම්බුද්ධ ශාසනය පිළිබඳව වැදගත් කාරණා රාශියක් මේ පොහොය දිනය හා සම්බන්ධ වේ. වස් පිංකම් මාලාවේ අවසානය, මෙත් බෝසතුන් විවරණ ලැබීම, ප්රථම ධර්ම...