ඔය නිල් ඇස්වලට පුලුවන් එකපාරට අපේ උඩු හිත මොහොතින් ඇදල ගන්න අපිටත් නොදැනිම..
ඒත් පරණ අත්දැකීමකින් පන්නරය තියෙන කෙනෙක්ගේ ඇතුල් හද ඊට ඉහලින් එසවෙනවා සියුම් බියකුත් තවරගෙනම මේ නිර්මානකරුවාට වුනා වගේ....එතනදි නිරුත්තර වීම සර්ව සාධාරණයි..
ඔබේ මුල්ම නිසදෑස වශයෙන් මෙය ගොඩාක් අපූරුයි හා සාර්ථකයි..
සුලු දෙයක් කියන්න හිතුනා ඉදිරියේදී ලියන කොට කථාවක් ලෙස පද නොගලපා අරුත ඉස්මතුවෙන ලෙස කාව්‍ය වහරත් යම් පමණකට මුසු කරගෙන පදවැල්වල දිග බව කෙටි කර ගන්න උනන්දු වෙන්න..
මල්ලියට ලියන්න නිමිති තියෙනවා.. කුසලතාවයත් තියෙනවා ඕනෙ කරන්නේ නිරන්තර අභ්‍යාසයයි...
දිගටම ලියන්න ..ඔබට ජය....