මචන් උඹ මම කියපු දේ හරියට තේරුම් අරන් නැහැ.
මම මුලින්ම කිව්වා අදහස වැරදි නැහැ නමුත් " ක්‍රියාත්මක කරපු විදිය වැරදී කියල" සමහර විට වවුචරේ ගාන මදි ඇති.එහෙනම් ඒක ප්‍රමාණවත් ගානට වැඩි කරන්න ඕනි. මීට වඩා ක්‍රමවත්ව රෙදි ගන්න ක්‍රමයක් හදන්න ඕනි.
උඹ අන්තිම දවසේ ටීචර් නම කියවපු හැටි කියනවා. දෙමව්පියන්ට වන කරදරය කියනවා. ඇයි උඹ හිතන් නැත්තේ රටේ නොමිලේ ඉස්කෝල හදනවා,ගුරුවරුන්ට පඩි ගෙවල නොමිලේ උගන්වනවා , පෙළ පොත් නිකම් දෙනවා. සමහරුන්ට දිවා අහරයත් නිකම් දෙනවා. LAB , ක්‍රීඩා උපකරණ, විෂය බාහිර කටයුතු කරන්න අවශ්‍ය දේවල් ගොඩක් නොමිලේ ලැබෙනවා. එහෙම එකේ නිකම් දෙන රෙද්දත් අපේ පහසුවට ලැබෙන්න ඕන කියල. නිකම් ගිහින් බලපන් චිනේ ඉන්දියාවේ ළමයි කොච්චර කට්ටක් කනවද ඉගෙන ගන්න කියල, අඩු ගානේ දෙන වවුචරේ කඩේට ගෙනිහින් රෙදි ගන්න දෙමව්පියන්ට බෑ කියන එක එච්චර සාදාරන නැහැ.
ඉස්සර අපිට ආහාර මුද්දර බෙදුව ඉස්කෝලේ.මම හිටියේ හෝඩියේ හෝ 1 වසරේ.එත් මම එකෙන් තනියම සමුපකාරේට ගිහින් හාල් සීනි වගේ ගෙදරට ඕන බඩු ගත්ත( හිමිට චොකලට් එකකුත් ගත්ත). දැන් ඕක තිබුනොත් මිනිස්සු කියයි බඩුටික ඉස්කෝලෙට ගෙනත් බෙදා දියව් කියල.
මචන් අපේ රට ඉන්දියාවට, චීනෙට අඩුමගානේ පකිස්තනෙට බන්ගලදෙශේටත් වඩා දුප්පත්. අපි මේ හැමදේම නිකන් ලැබෙන්න ඕන කියන මානසිකත්වයෙන් මිදෙන්න ඕන.
උඹ video එක හරියට බැලුවොත් පේනවා ඒක ගෑනියෙක් කියනවා ඔය වවුචරේට හරියන ගානට රෙදි දෙන්න කියල. එතකොට කඩේ එකා කියනවා එකට දෙන්න පුළුවන් ඔච්චරයි කියල. අනිත් කඩේ ගෑනි කියනවා අපි ළඟ තියෙන්නේ හොඳ බඩු ඒක ගණන් වැඩි කියල. අඩු එක දුන්නේ නැත්තේ කවුරුත් ඉල්ලුවේ නැති නිසා කියල. ඒ කියන්නේ කඩ කාරයොත් බලන්නේ මේකෙන් කියක් හරි තව කඩාගන්න.