අකිලගේ #කේ වවුචරේ

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    මචන් ඔය රෙදි බෙදිල්ලෙදි එදා ඉඳන් අක්‍රමිකතා තිබ්බා. ගොඩක් වෙලාවට ඒ අක්‍රමිකතා ඇතිවුනේ ඇමතිලගේ අනුදැනුම ඇතුවයි. ඇමතිට හොරකම් කරන්න ඕනේ නැති නිසා තමයි වවුචර් ක්‍රමේ ගෙනාවේ. ඒක හොඳ සිතුවිල්ලක්. ඒත් ඒක දෙමව්පියන්ට කරදරයි. කරන්න තිබ්බේ දක්ෂ පාලකයෝ පත්කරලා හොරකම් වෙන තැන් වෙලට විශේෂ අවධානයක් යොමු කරලා වැඩේ දිගටම කරගෙන යන්න. මේක අතිසාරයට අමුඩ ගහනවා වගේ වැඩක්.

    මචන් මම ගොඩාක් දුප්පත් යාළුවන්ව ආශ්‍රය කරලා තියෙනවා. සපත්තු දෙක කැඩිච්ච බෑග් ඉරිච්ච දවක් කෑමක් හරියට නොකන යාළුවො ඒ අතර හිටියා. ඒත් ඒ හැමෝම ජනවාරිමාසේ ලස්සන ඇඳුමකින් දකින්න පුළුවන් උනා. උන්ට අලුත්දේකට තිබ්බේ ඇඳුම විතරයි. උබට මතකද අපි පොඩි කාලේ මිස් අලුත් ඇඳුම් බෙදනකොට අපේ නම කියවෙනකම් බලාගෙන හිටියා? රෙදි හම්බ උනාට පස්සේ පරිස්සමට බෑග් එකේ දගෙන ඉස්කෝලෙන් ඉවර උනාට පස්සේ බෑග් එකේ ඇඳුම් තියෙනවද කියලා ආයිත් ඇරලා බලල පංතියෙන් එලියට බැහැපු කෙනෙක් නෙවෙයිද උබ? හිතේ සතුට වව්චරයෙන් ලබෙන්නේ නෑ බන්. අකිලයා ඒකටත් කෙලියා. වත්කමක් තියෙන එකා වවුචරෙත් දීලා ඉතුරුවා අතින් දාලා හොඳ රෙදි කෑල්ලක් අරන් මහා ගනියි. දුප්පත් එකා බාල රෙද්දක් අරගෙන මහ ගනියි. හිතපන් ඕක පොඩි ගැහැනු ලමයෙක්ට උනොත් මොකෝ වෙන්නේ කියලා. අතින් සල්ලි දාන්න බැරි නිසා ලාබෙට දුහුල් රෙද්දකින් මහගෙන ඉස්කෝලෙ යන්න සිද්ද උනොත්. ඒ ගැහැනු ලමයා උබේ අක්කා, නංගි හෝ දුව නම් උබට මොනා හිතෙයිද? සීතල කාමරවල ඉන්න ගන් කබරයින්ට ඔවා තේරෙන්නේ නැති නිසා තමයි මුන් ඔය වගේ තිරන කිසිම ඉවක්බවක් නැතුව ගන්නේ. දුක දන්න මිනිස්සු වශයෙන් මේ වගේ වඩවල් වලට අපි විරුද්ද වෙන්න ඕනේ බන්. පොඩ්ඩක් හිතපන් ඒ ගැනත්.

    :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් උ එක ක්‍රියාත්මක කරපු විදිය වැරදි ඇති.නමුත් උගේ අදහස වැරදි නැහැ කියල මට හිතෙන්නේ.
    ඔතනදි කලින් විදියට ඇමතිය, ඇනවුම භාර නිලදාරිය , ටෙන්ඩර් ගන්න supplier කියන හැම එකාම ගසාකනවා.
    උන් බාල රෙදි ගෙනත් නිලදාරින්ට පාගා ගෙවල ඒවා අනුමත කරගෙන තව ලාබ ලබනවා.
    සමහර ඉස්කෝල වල primary එවුන් අදින්නේ සුදු කොට කලිසම්. උන්ට ලැබෙන්නේ නිල් පාට රෙදි.
    තව ප්‍රවාහනයේදී අසුරනකොට දැමේජ් වෙන රෙදි කියල වැඩිපුරත් ගෙන්න වෙනවා.
    ඒවා ඉටිරෙදි පැකට් වල අසුරන්න, ලංකාවේ හැම ඉස්කොලයකටම යවන්න ප්‍රවාහන ගාස්තු වගේ ගොඩ වියදමක් යනවා

    නමුත් අදාළ වටිනාකම විතරක් ගෙවන්න ගත්තම අර සල්ලි ඉතිරි.ඒවගේම තමන්ට කැමති රෙදි වර්ගයක් ගන්න පුළුවන්නේ..
    පළවෙනි කාරණේ වවුචරෙන් දෙන ගාන මදි. අනික හොද රෙදි ගන්නව නං කොහොමත් මදි. රෙදි දෙන කාලේ ආව රෙදි ඇත්තට ම කොලිටිය හොදයි. ඒකෙ ගසා කෑම්, මගඩි තිබුන නං කරන්න තියෙන්නේ ඒව නැති කරන්න වැඩ කරන එක මිස, ලොල් ක්‍රමයකට මාරු වෙලා සියළු ම දෙනා අපහසුතාවයට පත් කරල තමනුත් ඌර වගේ මඩට බැහැල ජබි ගහන එක නෙවෙයි.

    මේ කරන්නේ රෙදි ගන්න එක මිනිස්සුන්ට එපා කරල මේක නවත්තල දාන්න උප්පරවැට්ටියක්.....
    අපි නොදන්න යූඑන්පී සනා......:eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් උඹ මම කියපු දේ හරියට තේරුම් අරන් නැහැ.
    මම මුලින්ම කිව්වා අදහස වැරදි නැහැ නමුත් " ක්‍රියාත්මක කරපු විදිය වැරදී කියල" සමහර විට වවුචරේ ගාන මදි ඇති.එහෙනම් ඒක ප්‍රමාණවත් ගානට වැඩි කරන්න ඕනි. මීට වඩා ක්‍රමවත්ව රෙදි ගන්න ක්‍රමයක් හදන්න ඕනි.

    උඹ අන්තිම දවසේ ටීචර් නම කියවපු හැටි කියනවා. දෙමව්පියන්ට වන කරදරය කියනවා. ඇයි උඹ හිතන් නැත්තේ රටේ නොමිලේ ඉස්කෝල හදනවා,ගුරුවරුන්ට පඩි ගෙවල නොමිලේ උගන්වනවා , පෙළ පොත් නිකම් දෙනවා. සමහරුන්ට දිවා අහරයත් නිකම් දෙනවා. LAB , ක්‍රීඩා උපකරණ, විෂය බාහිර කටයුතු කරන්න අවශ්‍ය දේවල් ගොඩක් නොමිලේ ලැබෙනවා. එහෙම එකේ නිකම් දෙන රෙද්දත් අපේ පහසුවට ලැබෙන්න ඕන කියල. නිකම් ගිහින් බලපන් චිනේ ඉන්දියාවේ ළමයි කොච්චර කට්ටක් කනවද ඉගෙන ගන්න කියල, අඩු ගානේ දෙන වවුචරේ කඩේට ගෙනිහින් රෙදි ගන්න දෙමව්පියන්ට බෑ කියන එක එච්චර සාදාරන නැහැ.

    ඉස්සර අපිට ආහාර මුද්දර බෙදුව ඉස්කෝලේ.මම හිටියේ හෝඩියේ හෝ 1 වසරේ.එත් මම එකෙන් තනියම සමුපකාරේට ගිහින් හාල් සීනි වගේ ගෙදරට ඕන බඩු ගත්ත( හිමිට චොකලට් එකකුත් ගත්ත). දැන් ඕක තිබුනොත් මිනිස්සු කියයි බඩුටික ඉස්කෝලෙට ගෙනත් බෙදා දියව් කියල.

    මචන් අපේ රට ඉන්දියාවට, චීනෙට අඩුමගානේ පකිස්තනෙට බන්ගලදෙශේටත් වඩා දුප්පත්. අපි මේ හැමදේම නිකන් ලැබෙන්න ඕන කියන මානසිකත්වයෙන් මිදෙන්න ඕන.

    උඹ video එක හරියට බැලුවොත් පේනවා ඒක ගෑනියෙක් කියනවා ඔය වවුචරේට හරියන ගානට රෙදි දෙන්න කියල. එතකොට කඩේ එකා කියනවා එකට දෙන්න පුළුවන් ඔච්චරයි කියල. අනිත් කඩේ ගෑනි කියනවා අපි ළඟ තියෙන්නේ හොඳ බඩු ඒක ගණන් වැඩි කියල. අඩු එක දුන්නේ නැත්තේ කවුරුත් ඉල්ලුවේ නැති නිසා කියල. ඒ කියන්නේ කඩ කාරයොත් බලන්නේ මේකෙන් කියක් හරි තව කඩාගන්න.
    ඉතිං බං ඒකෙන් ම පේනව නේ මේක එපික් ෆේල් කියලා......!!!
    රිංගන්න හිල් හදල ඇති කරන ක්‍රෙම්ක මොකක්ද තියන වාසිය.
    වෙන්නේ අකිලය නිකාං හොදට තියන උගේ ** ටිංකිරි හෝල් සේල් එකේ ගාගන්න එක විතරයි!
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මචන් ඔය රෙදි බෙදිල්ලෙදි එදා ඉඳන් අක්‍රමිකතා තිබ්බා. ගොඩක් වෙලාවට ඒ අක්‍රමිකතා ඇතිවුනේ ඇමතිලගේ අනුදැනුම ඇතුවයි. ඇමතිට හොරකම් කරන්න ඕනේ නැති නිසා තමයි වවුචර් ක්‍රමේ ගෙනාවේ. ඒක හොඳ සිතුවිල්ලක්. ඒත් ඒක දෙමව්පියන්ට කරදරයි. කරන්න තිබ්බේ දක්ෂ පාලකයෝ පත්කරලා හොරකම් වෙන තැන් වෙලට විශේෂ අවධානයක් යොමු කරලා වැඩේ දිගටම කරගෙන යන්න. මේක අතිසාරයට අමුඩ ගහනවා වගේ වැඩක්.

    මචන් මම ගොඩාක් දුප්පත් යාළුවන්ව ආශ්‍රය කරලා තියෙනවා. සපත්තු දෙක කැඩිච්ච බෑග් ඉරිච්ච දවක් කෑමක් හරියට නොකන යාළුවො ඒ අතර හිටියා. ඒත් ඒ හැමෝම ජනවාරිමාසේ ලස්සන ඇඳුමකින් දකින්න පුළුවන් උනා. උන්ට අලුත්දේකට තිබ්බේ ඇඳුම විතරයි. උබට මතකද අපි පොඩි කාලේ මිස් අලුත් ඇඳුම් බෙදනකොට අපේ නම කියවෙනකම් බලාගෙන හිටියා? රෙදි හම්බ උනාට පස්සේ පරිස්සමට බෑග් එකේ දගෙන ඉස්කෝලෙන් ඉවර උනාට පස්සේ බෑග් එකේ ඇඳුම් තියෙනවද කියලා ආයිත් ඇරලා බලල පංතියෙන් එලියට බැහැපු කෙනෙක් නෙවෙයිද උබ? හිතේ සතුට වව්චරයෙන් ලබෙන්නේ නෑ බන්. අකිලයා ඒකටත් කෙලියා. වත්කමක් තියෙන එකා වවුචරෙත් දීලා ඉතුරුවා අතින් දාලා හොඳ රෙදි කෑල්ලක් අරන් මහා ගනියි. දුප්පත් එකා බාල රෙද්දක් අරගෙන මහ ගනියි. හිතපන් ඕක පොඩි ගැහැනු ලමයෙක්ට උනොත් මොකෝ වෙන්නේ කියලා. අතින් සල්ලි දාන්න බැරි නිසා ලාබෙට දුහුල් රෙද්දකින් මහගෙන ඉස්කෝලෙ යන්න සිද්ද උනොත්. ඒ ගැහැනු ලමයා උබේ අක්කා, නංගි හෝ දුව නම් උබට මොනා හිතෙයිද? සීතල කාමරවල ඉන්න ගන් කබරයින්ට ඔවා තේරෙන්නේ නැති නිසා තමයි මුන් ඔය වගේ තිරන කිසිම ඉවක්බවක් නැතුව ගන්නේ. දුක දන්න මිනිස්සු වශයෙන් මේ වගේ වඩවල් වලට අපි විරුද්ද වෙන්න ඕනේ බන්. පොඩ්ඩක් හිතපන් ඒ ගැනත්.

    apitath ohoma pasal kalayak thibba.machan
    ube adahasa niweradi.ekata ekagayi.

    eth me wage harak path karagaththeth parliment yawweth ubalama neda ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මොනාද බං මුන් මේ දැන් 100 000 ටෝක්ස් දීලා කරන්නේ?
    "අපි හෙන මොළ - අපි දනී කරන හැටි!" කියලා නේද ස්ටේජ් වල ලැගලා විලාප දුන්නේ?
    මන් හිතුව කටේ හැටියට වැඩේ බාගයක් වත් තියෙයි කියලා!

    මම නම් දන්නේ නැහැ බන් අකිල කියපුවා. ඒත් අකිල ඇමතිකමක් කරන්න තරම් මෝරලා නැහැ. සංකල්පය හොඳ උනාට ප්‍රායෝගික නැහැ.

    මචන් උඹ මම කියපු දේ හරියට තේරුම් අරන් නැහැ.
    මම මුලින්ම කිව්වා අදහස වැරදි නැහැ නමුත් " ක්‍රියාත්මක කරපු විදිය වැරදී කියල" සමහර විට වවුචරේ ගාන මදි ඇති.එහෙනම් ඒක ප්‍රමාණවත් ගානට වැඩි කරන්න ඕනි. මීට වඩා ක්‍රමවත්ව රෙදි ගන්න ක්‍රමයක් හදන්න ඕනි.

    උඹ අන්තිම දවසේ ටීචර් නම කියවපු හැටි කියනවා. දෙමව්පියන්ට වන කරදරය කියනවා. ඇයි උඹ හිතන් නැත්තේ රටේ නොමිලේ ඉස්කෝල හදනවා,ගුරුවරුන්ට පඩි ගෙවල නොමිලේ උගන්වනවා , පෙළ පොත් නිකම් දෙනවා. සමහරුන්ට දිවා අහරයත් නිකම් දෙනවා. LAB , ක්‍රීඩා උපකරණ, විෂය බාහිර කටයුතු කරන්න අවශ්‍ය දේවල් ගොඩක් නොමිලේ ලැබෙනවා. එහෙම එකේ නිකම් දෙන රෙද්දත් අපේ පහසුවට ලැබෙන්න ඕන කියල. නිකම් ගිහින් බලපන් චිනේ ඉන්දියාවේ ළමයි කොච්චර කට්ටක් කනවද ඉගෙන ගන්න කියල, අඩු ගානේ දෙන වවුචරේ කඩේට ගෙනිහින් රෙදි ගන්න දෙමව්පියන්ට බෑ කියන එක එච්චර සාදාරන නැහැ.

    ඉස්සර අපිට ආහාර මුද්දර බෙදුව ඉස්කෝලේ.මම හිටියේ හෝඩියේ හෝ 1 වසරේ.එත් මම එකෙන් තනියම සමුපකාරේට ගිහින් හාල් සීනි වගේ ගෙදරට ඕන බඩු ගත්ත( හිමිට චොකලට් එකකුත් ගත්ත). දැන් ඕක තිබුනොත් මිනිස්සු කියයි බඩුටික ඉස්කෝලෙට ගෙනත් බෙදා දියව් කියල.

    මචන් අපේ රට ඉන්දියාවට, චීනෙට අඩුමගානේ පකිස්තනෙට බන්ගලදෙශේටත් වඩා දුප්පත්. අපි මේ හැමදේම නිකන් ලැබෙන්න ඕන කියන මානසිකත්වයෙන් මිදෙන්න ඕන.

    උඹ video එක හරියට බැලුවොත් පේනවා ඒක ගෑනියෙක් කියනවා ඔය වවුචරේට හරියන ගානට රෙදි දෙන්න කියල. එතකොට කඩේ එකා කියනවා එකට දෙන්න පුළුවන් ඔච්චරයි කියල. අනිත් කඩේ ගෑනි කියනවා අපි ළඟ තියෙන්නේ හොඳ බඩු ඒක ගණන් වැඩි කියල. අඩු එක දුන්නේ නැත්තේ කවුරුත් ඉල්ලුවේ නැති නිසා කියල. ඒ කියන්නේ කඩ කාරයොත් බලන්නේ මේකෙන් කියක් හරි තව කඩාගන්න.

    නිකන් ලැබෙන්න කියන මානසිකත්වක් නැහැ, ඒත් තියෙන දේ ආරක්ශා කරකරගන්න ඔනේ. අනිත් රටවල් වල එහෙමයි කියල උබට ඕනේ අපේ රට ආපස්සට යවන්නද? අතටම ඇඳුම් දෙන එක ඉදිරිපියවරක්. සමහර විට ඒ රටවල් වල උන් හිතනවා ඇති අපි කවදද ලමයින්ගේ අතටම නොමිලේ රෙදි ලැබෙන වැඩපිලිවෙලක් හදන්නේ කියලා. උන්ට ඒක කරගන්න බැරුව ඉන්නවා. අපේ උන්දලා තියෙන එකටත් කෙලිනවා. උබ දන්නවනෙය් මචන් ටවුන් එකකට තියා ප්‍රසිද්ද හන්දියකට යන්න දුශ්කර පලාත් තියෙනව. ඒ වගේ පලාත්වල දෙමව්පියන්ට බොහෝ දුරට ගමේ කුලී වැඩක් කරලා ජීවත්වෙන තාත්තා කෙනෙක්ට රෙදි කෑල්ල ගන්න දවසක් නිවාඩු දාන්න වෙනවා. ඉස්කෝලෙට අඳින්න පුලුවන් රෙද්ද හැමතැනම නැහැනේ ගන්න ගිය තැන රෙදි ඉවරවෙලා තිබ්බොත් කොහෙන් ගන්නද? අම්ම අප්පා නැති දරුවෙක් ආච්චිඅම්මා සීයා ගාව හැදෙනවා කියලාහිතපන්කෝ, මොකද කරන්නේ?

    කඩේ ඉන්න මුදලාලිට දැන් ඇඟිල්ල දික්කරලා වැඩක් නැහැ. උබ හෝ මම ඔතන හිටියත් අපි හදන්නෙත් රෙදි අඟලක් හරි අඩුවෙන් දීලා කීයක් හරි ලාබ ලබන්න. අකිල මේ වගේ දේකට අත ගහද්දි මේ වගේ ප්‍රශ්නත් එනවනේ කියලා හිතුනේ නැද්ද දන්නේ නැහැ.

    මචන් කෙටියෙන් කියන්ව නම් මේ කරලා තියෙන්නේ, අමාත්‍යංශය ඇතුලෙන් පාලනය වෙන තැන් වල තියෙන ගැටලු පාසලටයි විදුහල්පතිටයි ගුරුවරුන්ටයි ලමයින්ටයි දෙමව්පියන්ටයි කඩේ මුදලාලිලටයි දීලා තියෙන එක.

    මේක ප්‍රශ්න විසඳීමේ ක්‍රමයක් නෙවෙයි. මේක තව තැනකින් වෙනත් තැනකට ප්‍රශ්න/ගැටලු ට්‍රාන්ෆර් කරන්න කරපු දෙයක්.

    :)

    apitath ohoma pasal kalayak thibba.machan
    ube adahasa niweradi.ekata ekagayi.

    eth me wage harak path karagaththeth parliment yawweth ubalama neda ?

    මම නම් අකිලට ඡන්දේ දීලා නැහැ. අකිල හොරෙක් නෙවෙයි බව පේනවා. ඒත් ඌගේ වැඩ ප්‍රායෝගික නැහැ බන්. අන්න ඒවා හදාගන්න ඕනේ. හදාගන්නේ නැත්නම් එලියට බැහැලා හරි අපි හදන්න ඕනේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,239
    31,969
    113
    අකුලවලම පල #කේ යහපලනේ :angry::angry::angry: පව් යකෝ නැති බැරි දෙමව්පියෝ :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,239
    31,969
    113
    මම නම් දන්නේ නැහැ බන් අකිල කියපුවා. ඒත් අකිල ඇමතිකමක් කරන්න තරම් මෝරලා නැහැ. සංකල්පය හොඳ උනාට ප්‍රායෝගික නැහැ.

    නිකන් ලැබෙන්න කියන මානසිකත්වක් නැහැ, ඒත් තියෙන දේ ආරක්ශා කරකරගන්න ඔනේ. අනිත් රටවල් වල එහෙමයි කියල උබට ඕනේ අපේ රට ආපස්සට යවන්නද? අතටම ඇඳුම් දෙන එක ඉදිරිපියවරක්. සමහර විට ඒ රටවල් වල උන් හිතනවා ඇති අපි කවදද ලමයින්ගේ අතටම නොමිලේ රෙදි ලැබෙන වැඩපිලිවෙලක් හදන්නේ කියලා. උන්ට ඒක කරගන්න බැරුව ඉන්නවා. අපේ උන්දලා තියෙන එකටත් කෙලිනවා. උබ දන්නවනෙය් මචන් ටවුන් එකකට තියා ප්‍රසිද්ද හන්දියකට යන්න දුශ්කර පලාත් තියෙනව. ඒ වගේ පලාත්වල දෙමව්පියන්ට බොහෝ දුරට ගමේ කුලී වැඩක් කරලා ජීවත්වෙන තාත්තා කෙනෙක්ට රෙදි කෑල්ල ගන්න දවසක් නිවාඩු දාන්න වෙනවා. ඉස්කෝලෙට අඳින්න පුලුවන් රෙද්ද හැමතැනම නැහැනේ ගන්න ගිය තැන රෙදි ඉවරවෙලා තිබ්බොත් කොහෙන් ගන්නද? අම්ම අප්පා නැති දරුවෙක් ආච්චිඅම්මා සීයා ගාව හැදෙනවා කියලාහිතපන්කෝ, මොකද කරන්නේ?

    කඩේ ඉන්න මුදලාලිට දැන් ඇඟිල්ල දික්කරලා වැඩක් නැහැ. උබ හෝ මම ඔතන හිටියත් අපි හදන්නෙත් රෙදි අඟලක් හරි අඩුවෙන් දීලා කීයක් හරි ලාබ ලබන්න. අකිල මේ වගේ දේකට අත ගහද්දි මේ වගේ ප්‍රශ්නත් එනවනේ කියලා හිතුනේ නැද්ද දන්නේ නැහැ.

    මචන් කෙටියෙන් කියන්ව නම් මේ කරලා තියෙන්නේ, අමාත්‍යංශය ඇතුලෙන් පාලනය වෙන තැන් වල තියෙන ගැටලු පාසලටයි විදුහල්පතිටයි ගුරුවරුන්ටයි ලමයින්ටයි දෙමව්පියන්ටයි කඩේ මුදලාලිලටයි දීලා තියෙන එක.

    මේක ප්‍රශ්න විසඳීමේ ක්‍රමයක් නෙවෙයි. මේක තව තැනකින් වෙනත් තැනකට ප්‍රශ්න/ගැටලු ට්‍රාන්ෆර් කරන්න කරපු දෙයක්.

    :)

    මම නම් අකිලට ඡන්දේ දීලා නැහැ. අකිල හොරෙක් නෙවෙයි බව පේනවා. ඒත් ඌගේ වැඩ ප්‍රායෝගික නැහැ බන්. අන්න ඒවා හදාගන්න ඕනේ. හදාගන්නේ නැත්නම් එලියට බැහැලා හරි අපි හදන්න ඕනේ.

    lawyer කෙනෙක්නෙ කොහොමත් බාගෙට බාගයක් හොරු බං. මොකද බොරුව ඇත්ත කරල සේවාදායකයන් බේරන #ත්තලනේ. දේශපාලුවන්ට tour යන්න ළමයින්ගෙ අඳින ඇඳුමටත් ඇරිය. මුන් හැමෝම එකයි. :angry::angry::angry:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    අපේ රටට හෙන ගහලා තියෙන්නේ..... අපි හැමදාම බැලුවේ එදා වේල කාලා ඉන්න විදියක් මිසක් අනාගතේ ගැන නෙමේ ........
    එහෙම අනාගතේ ගැන හිතනවා නම් සමහර විට අපේ වර්තමානයේ කැපකිරීම් කරන්න වෙනවා .....
    සමහර ලෙඩ වලට තිත්ත බෙහෙත් බොන්න වෙනවා ......
    අපේ රටේ තාමත් දීර්ඝකාලින වැඩපිළිවෙලක් නෑ...... එදාවේල ටුවර් එකක් තමා හැමෝටම ඕනේ.....
    ප්‍රතිපත්ති ප්‍රකාශන ගත්තත් තියෙන්නේ අර සහනාධාරේ මේ සහනාධාරේ ......
    හාල් අඩුවට දෙන්නම් .... කාර් දෙන්නම් ....අරව දෙන්නම් මේවා දෙන්නම්......
    ලොකු ලොකු අයිඩියාසුත් ඉදලා හිටලා එහෙන් මෙහෙන් දැම්මට ඒවා කරන්නේ කොහොමද කියලා කිසිම අදහසක් නෑ......
    ලගදි රජයක් හැටියට නිල ඇදුම් වව්චර් වැඩේ අගය කරනවා ......
    මොකද එකෙන් වාසි ගොඩක් වෙන නිසා
    1. ඉස්සර ටෙන්ඩර් දාල දෙන්නෙක් තුන්දෙනෙක්ට දුන්න නිල ඇදුම් ඩිල් එක දැන් ගොඩක් අයට ව්වෘත වෙන නිසා..... මොකද මිනිස්සු ගිහින් තමන් කැමති තැන් වලින් ගන්න නිසා වෙළෙන්දන් කිහිප දෙනෙකුට ගියපු අදායම ගොඩක් අයට බෙදිලා යන එක ..... ගමේ කඩේට සල්ලි එන එක ....
    2.ආණ්ඩුවක් හැටියට රෙදිවල තත්වය හොයන්න බලන්න කරන්න ඕනේ නැති නිසාත් මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙන්නේ නෑ
    3.නිල ඇදුම් රෙදි සල්ලි දීලා අරගෙන ඒවා පැකට් කරලා .... ලංකාවේ සියලුම ඉස්කෝල වලට බෙදාහරින්න ගියාම එකට ප්‍රවාහන , ගබඩා ඒ වගේම ඔය රෙදි එහෙමෙහෙ කරන්න ශ්‍රමයත් ඕනේ වෙනවා ...... ඒ කිසිදෙයක් මේ ක්‍රමයෙන් ඕනේ වෙන්නේ නෑ.....
    4.දුරපාලත් වල පාසල් වලට යන ප්‍රවාහන වියදම තවත් වැඩි .....දැන් ලියුම් කවරෙක ඔක්කොම වවුචර් දාල යවන්න පුළුවන් නිසා වෙන පහසුව ......
    5.රෙදිවල තත්වය නිසා රෙදි ලැබුනත් භාවිත කරන්න බැරුව අයින් කරන එකෙන් වන සල්ලි නාස්තියත් .....එනිසා තමන්ට කැමති රෙද්දක් තෝරා බලා ගන්නට ලැබෙන අවස්ථාව......
    5.ටෙන්ඩර් පටිපාටියේ තියෙන දුෂණ වංචා නැති වෙලා යාම......

    මේ ක්‍රමයේ වාසි තිබ්බත් ගුරු සංගම් ගැටළු ඉදිරිපත් කරන්නේ කලින් කිව්වා වගේ අදහසේ අඩුපාඩු නොව ... එදා වේලේ තියෙන ගැටලුය..... මේ ක්‍රමයෙන් අනාගතයට වෙන අවාසි නොව වර්තමානයේ ගැටලුයි......
    ඒ ගැටළු
    1. විදුහල්පතිවරුන්ට වවුචර් 2000ක් 3000ක් අත්සන් කරන්න වෙන එක ..... මෙය ප්‍රධාන පාසල් වලට සත්‍යකි...... ප්‍රධානම පාසල් වල 3000ක් නොව 6000 ඉක්මවා යයි..... මේ අත්සන් කිරීමෙන් සහතික කිරීමක් ...වලංගුතාවක් වවුචරයට දෙන්න උත්සහ කලත් එය කෙතරම් ප්‍රයෝගිකද යන්න ගැටලුවකි..... ඒ ඕනෙම කෙනෙක්ට හොර අත්සනක් .... සිල් එකක් ගහන්න බැරිකමක් නැති නිසාවෙනි .... මේ සදහා අපිට තොරතුරු තාක්ෂණයෙන් වැඩක් ගත හැකිය ..... ඒ වවුචරයේ වලංගු අවලංගුතාව සෙවීමට SMS හා Online සේවාවක් මගිනි. බොහෝ රෙදි සාප්පු සම්ප්‍රධායික බිල් පොත් වෙනුවට software මගින් තම ගිණුම් කටයුතු කරයි ....ඒ සාප්පු බිහිමයක software එක internet පදනම් කරගෙන වැඩකරන නිසා වවුචර් අංකය අන්තර්ජාලයෙන් පරික්ෂා කල හැක..... එවැනි පහසුකම් නැති සාප්පුවක් නම් SMS මගින් එහි වලංගුතාවය පරික්ෂා කල හැකිය..... මෙමගින් ඒ අත්සන් ප්‍රශ්නය විසදේ......
    2.වවුචරය ගැනීමට දෙමාපියන් නිවාඩු ගෙන පැමිණිය යුතුබවට කරන ප්‍රකාශය..... මෙයට විසදුම වර්ෂ අවසානයේ ළමයාගේ තත්වය සාකච්චා කරන ගුරු මාපිය රැස්වීමේදී මෙය ලබාදීමයි..... එවිට අතිරේකව පැමිණිය යුතු නැත.....
    3. මිල ප්‍රමාණවත් නොවීම කියන එක වෙළඳන් තවත් ගානක් කඩාගන්න කරන මගඩියක් ..... එක ගොඩ දාගන්න පාරිබෝගික අධිකාරිය එක්ක හරි පොඩි වැඩසටහනක් කරනම් හරි .....

    තවත් පොඩි පොඩි ගැටළු මතුකරත් ඒවා මෙහි සදහන් කිරීමට තරම්වත් ගැටළුවක් නොවේ.......
    සමහර දේවල් එක රැයින් සාර්ථක කිරීම අපහසුය ...... අද වැරදුනත් හෙට නිවැරදි කරගත හැකිය .....
    අද නොව හෙට දකින්න .......
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඇයි බන් ලංකාවේ නිකන් ඉස්කෝලේ ඇදුම් දෙන්නේ. නිකන් උගන්වනවා අඩුවට බස් එකේ එක්කන් යනවා. පොත් ටික නිකන් දෙනවා. ඇයි බන් නිකන් ඇදුම් දෙන්නේ.

    ලංකාවේ මිනිස්සු කම්මැලි වෙලා තියෙන්නේ හැම එකම නිකන් දෙන නිසා තමයි. ගෙදරට තියෙන සල්ලි බිලා නාස්ති කරන්නේ නිකන් ඉස්පිරිතාලෙන් බෙහෙත් දෙන නිසා තමයි. නිකන් දුන්නේ නැත්නම් බිලා බල්ලෝ වගේ මැරිලා යන නිසා ඕක හැදෙනවා.

    අර තාත්තා ළමයාගේ ඇදුමට ගිය 100 ගැන කතා කරනවා. මිනිහා බොනවානම් දවසකට සිගරට් වලට කියකක් විනාස කරන්න ඇතිද.

    ලංකාවේ නිකන් දීම නවත්තන්න. අඩු ආදායම් ලබනවානම් විතරක් දෙන සිස්ටම් එකක් ගෙන්න ඕනේ.

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    වව්චර් දෙන තීරණේ නම් හෙන ගොබ්බයි. උන්ට තේරෙන්න ඕනේ ලංකාවේ උන් එක්ක ඕව කරන්න බෑ කියලා
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ඉස්සර අපිට ආහාර මුද්දර බෙදුව ඉස්කෝලේ.මම හිටියේ හෝඩියේ හෝ 1 වසරේ.එත් මම එකෙන් තනියම සමුපකාරේට ගිහින් හාල් සීනි වගේ ගෙදරට ඕන බඩු ගත්ත( හිමිට චොකලට් එකකුත් ගත්ත).

    මචන් අපේ රට ඉන්දියාවට, චීනෙට අඩුමගානේ පකිස්තනෙට බන්ගලදෙශේටත් වඩා දුප්පත්.

    උඹ video එක හරියට බැලුවොත් පේනවා ඒක ගෑනියෙක් කියනවා ඔය වවුචරේට හරියන ගානට රෙදි දෙන්න කියල. එතකොට කඩේ එකා කියනවා එකට දෙන්න පුළුවන් ඔච්චරයි කියල. අනිත් කඩේ ගෑනි කියනවා අපි ළඟ තියෙන්නේ හොඳ බඩු ඒක ගණන් වැඩි කියල. අඩු එක දුන්නේ නැත්තේ කවුරුත් ඉල්ලුවේ නැති නිසා කියල. ඒ කියන්නේ කඩ කාරයොත් බලන්නේ මේකෙන් කියක් හරි තව කඩාගන්න.
    Mulinma hodiye panthiye inna ekekwa kade yawapu eka mama tharaye hela dakinawa. :D
    Ilangata api dan oya kiyana tharam duppath ratak neweyi. Madyama arthikayak thiyena ratak.
    Kada kaaraya kiyana eketh aththak thiyenawa. Unta athin gewala badu denna bahane.
    :baffled:

    මේ කරන්නේ රෙදි ගන්න එක මිනිස්සුන්ට එපා කරල මේක නවත්තල දාන්න උප්පරවැට්ටියක්.....
    අපි නොදන්න යූඑන්පී සනා......:eek:
    Ow. Anthimata adun nathiwa iskole yana pirisak bihi wunoth. :rofl:
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ඇයි බන් ලංකාවේ නිකන් ඉස්කෝලේ ඇදුම් දෙන්නේ. නිකන් උගන්වනවා අඩුවට බස් එකේ එක්කන් යනවා. පොත් ටික නිකන් දෙනවා. ඇයි බන් නිකන් ඇදුම් දෙන්නේ.

    ලංකාවේ මිනිස්සු කම්මැලි වෙලා තියෙන්නේ හැම එකම නිකන් දෙන නිසා තමයි. ගෙදරට තියෙන සල්ලි බිලා නාස්ති කරන්නේ නිකන් ඉස්පිරිතාලෙන් බෙහෙත් දෙන නිසා තමයි. නිකන් දුන්නේ නැත්නම් බිලා බල්ලෝ වගේ මැරිලා යන නිසා ඕක හැදෙනවා.

    අර තාත්තා ළමයාගේ ඇදුමට ගිය 100 ගැන කතා කරනවා. මිනිහා බොනවානම් දවසකට සිගරට් වලට කියකක් විනාස කරන්න ඇතිද.

    ලංකාවේ නිකන් දීම නවත්තන්න. අඩු ආදායම් ලබනවානම් විතරක් දෙන සිස්ටම් එකක් ගෙන්න ඕනේ.

    Me adahasatath sahena ekangayi. :yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    antibss
    ශාන්
    නුවන් බුවා
    srilankan

    hollowman
    wdk
    loriyak

    මේවටත් වරෙල්ල පොඩ්ඩක්.... දැක්කහම නැට්ට පුකේ ගහන යන්නේ නැතිව..... පොන්න රැ ල
     
    • Like
    Reactions: MNV

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    antibss
    ශාන්
    නුවන් බුවා
    srilankan

    hollowman
    wdk
    loriyak

    මේවටත් වරෙල්ල පොඩ්ඩක්.... දැක්කහම නැට්ට පුකේ ගහන යන්නේ නැතිව..... පොන්න රැ ල

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D;););):D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    lawyer කෙනෙක්නෙ කොහොමත් බාගෙට බාගයක් හොරු බං. මොකද බොරුව ඇත්ත කරල සේවාදායකයන් බේරන #ත්තලනේ. දේශපාලුවන්ට tour යන්න ළමයින්ගෙ අඳින ඇඳුමටත් ඇරිය. මුන් හැමෝම එකයි. :angry::angry::angry:

    ලෝයර්ස්ලා කොහොමත් කපටියිනේ බන්.
    මෙතන හොරකමක් වෙන්න ගිහින් නැහැ. ඒත් මිනිහගේ තීරන වලින් කිසිම ප්‍රයෝජනයක් වෙලා නැහැ. කරදර වැඩිවෙලා විතරයි. පිස්සෙක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    අපේ රටට හෙන ගහලා තියෙන්නේ..... අපි හැමදාම බැලුවේ එදා වේල කාලා ඉන්න විදියක් මිසක් අනාගතේ ගැන නෙමේ ........
    එහෙම අනාගතේ ගැන හිතනවා නම් සමහර විට අපේ වර්තමානයේ කැපකිරීම් කරන්න වෙනවා .....
    සමහර ලෙඩ වලට තිත්ත බෙහෙත් බොන්න වෙනවා ......
    අපේ රටේ තාමත් දීර්ඝකාලින වැඩපිළිවෙලක් නෑ...... එදාවේල ටුවර් එකක් තමා හැමෝටම ඕනේ.....
    ප්‍රතිපත්ති ප්‍රකාශන ගත්තත් තියෙන්නේ අර සහනාධාරේ මේ සහනාධාරේ ......
    හාල් අඩුවට දෙන්නම් .... කාර් දෙන්නම් ....අරව දෙන්නම් මේවා දෙන්නම්......
    ලොකු ලොකු අයිඩියාසුත් ඉදලා හිටලා එහෙන් මෙහෙන් දැම්මට ඒවා කරන්නේ කොහොමද කියලා කිසිම අදහසක් නෑ......
    ලගදි රජයක් හැටියට නිල ඇදුම් වව්චර් වැඩේ අගය කරනවා ......
    මොකද එකෙන් වාසි ගොඩක් වෙන නිසා
    1. ඉස්සර ටෙන්ඩර් දාල දෙන්නෙක් තුන්දෙනෙක්ට දුන්න නිල ඇදුම් ඩිල් එක දැන් ගොඩක් අයට ව්වෘත වෙන නිසා..... මොකද මිනිස්සු ගිහින් තමන් කැමති තැන් වලින් ගන්න නිසා වෙළෙන්දන් කිහිප දෙනෙකුට ගියපු අදායම ගොඩක් අයට බෙදිලා යන එක ..... ගමේ කඩේට සල්ලි එන එක ....
    2.ආණ්ඩුවක් හැටියට රෙදිවල තත්වය හොයන්න බලන්න කරන්න ඕනේ නැති නිසාත් මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙන්නේ නෑ
    3.නිල ඇදුම් රෙදි සල්ලි දීලා අරගෙන ඒවා පැකට් කරලා .... ලංකාවේ සියලුම ඉස්කෝල වලට බෙදාහරින්න ගියාම එකට ප්‍රවාහන , ගබඩා ඒ වගේම ඔය රෙදි එහෙමෙහෙ කරන්න ශ්‍රමයත් ඕනේ වෙනවා ...... ඒ කිසිදෙයක් මේ ක්‍රමයෙන් ඕනේ වෙන්නේ නෑ.....
    4.දුරපාලත් වල පාසල් වලට යන ප්‍රවාහන වියදම තවත් වැඩි .....දැන් ලියුම් කවරෙක ඔක්කොම වවුචර් දාල යවන්න පුළුවන් නිසා වෙන පහසුව ......
    5.රෙදිවල තත්වය නිසා රෙදි ලැබුනත් භාවිත කරන්න බැරුව අයින් කරන එකෙන් වන සල්ලි නාස්තියත් .....එනිසා තමන්ට කැමති රෙද්දක් තෝරා බලා ගන්නට ලැබෙන අවස්ථාව......
    5.ටෙන්ඩර් පටිපාටියේ තියෙන දුෂණ වංචා නැති වෙලා යාම......

    මේ ක්‍රමයේ වාසි තිබ්බත් ගුරු සංගම් ගැටළු ඉදිරිපත් කරන්නේ කලින් කිව්වා වගේ අදහසේ අඩුපාඩු නොව ... එදා වේලේ තියෙන ගැටලුය..... මේ ක්‍රමයෙන් අනාගතයට වෙන අවාසි නොව වර්තමානයේ ගැටලුයි......
    ඒ ගැටළු
    1. විදුහල්පතිවරුන්ට වවුචර් 2000ක් 3000ක් අත්සන් කරන්න වෙන එක ..... මෙය ප්‍රධාන පාසල් වලට සත්‍යකි...... ප්‍රධානම පාසල් වල 3000ක් නොව 6000 ඉක්මවා යයි..... මේ අත්සන් කිරීමෙන් සහතික කිරීමක් ...වලංගුතාවක් වවුචරයට දෙන්න උත්සහ කලත් එය කෙතරම් ප්‍රයෝගිකද යන්න ගැටලුවකි..... ඒ ඕනෙම කෙනෙක්ට හොර අත්සනක් .... සිල් එකක් ගහන්න බැරිකමක් නැති නිසාවෙනි .... මේ සදහා අපිට තොරතුරු තාක්ෂණයෙන් වැඩක් ගත හැකිය ..... ඒ වවුචරයේ වලංගු අවලංගුතාව සෙවීමට SMS හා Online සේවාවක් මගිනි. බොහෝ රෙදි සාප්පු සම්ප්‍රධායික බිල් පොත් වෙනුවට software මගින් තම ගිණුම් කටයුතු කරයි ....ඒ සාප්පු බිහිමයක software එක internet පදනම් කරගෙන වැඩකරන නිසා වවුචර් අංකය අන්තර්ජාලයෙන් පරික්ෂා කල හැක..... එවැනි පහසුකම් නැති සාප්පුවක් නම් SMS මගින් එහි වලංගුතාවය පරික්ෂා කල හැකිය..... මෙමගින් ඒ අත්සන් ප්‍රශ්නය විසදේ......
    2.වවුචරය ගැනීමට දෙමාපියන් නිවාඩු ගෙන පැමිණිය යුතුබවට කරන ප්‍රකාශය..... මෙයට විසදුම වර්ෂ අවසානයේ ළමයාගේ තත්වය සාකච්චා කරන ගුරු මාපිය රැස්වීමේදී මෙය ලබාදීමයි..... එවිට අතිරේකව පැමිණිය යුතු නැත.....
    3. මිල ප්‍රමාණවත් නොවීම කියන එක වෙළඳන් තවත් ගානක් කඩාගන්න කරන මගඩියක් ..... එක ගොඩ දාගන්න පාරිබෝගික අධිකාරිය එක්ක හරි පොඩි වැඩසටහනක් කරනම් හරි .....

    තවත් පොඩි පොඩි ගැටළු මතුකරත් ඒවා මෙහි සදහන් කිරීමට තරම්වත් ගැටළුවක් නොවේ.......
    සමහර දේවල් එක රැයින් සාර්ථක කිරීම අපහසුය ...... අද වැරදුනත් හෙට නිවැරදි කරගත හැකිය .....
    අද නොව හෙට දකින්න .......

    -ප්‍රයිවට් දෙන්න බැරි නම් රජයෙන් වෙනම ආයතනයක් පිහිටවලා ඇඳුම් ගෙන්නන ඒකේ ඉඳන් පැකට් කරන එක දක්වා කරගෙන ගියොත් ඒකේ ලභයත් රජයට.
    -මම ඉස්කෝලෙ ගිය කාලෙ මට නම් කවදාවත් බාල රෙදි ලැබිලා නැහැ. කවුරුත් ආන්ඩුවට බැනලත් නැහැ.
    -සල්ලි ඉතුරුකරගන්නේ ප්‍රවාහන කුලිය දෙමව්පියන්ට පටවලා. මොන පිස්සුවක්ද බන් ඒක.
    -පැකට් කරන ඒවට වියදම් වෙන සල්ලි එක්ක තමයි කඩේ මුදලාලි රෙදි කෑල්ල විකුනන්නේ.
    -කොලඹින් ඈත් වෙන්න වෙන්න ප්‍රවාහන මුදල් රෙදි කෑල්ලට එකතුවෙන බව උබ අදවත් දැනගනී කියලා හිතනවා.

    ඔච්චර වැල්වටාරම් ගහගෙන වාසි අවාසි කියවන්න දෙයක් මෙතන නැහැ. අකිලට කරන්න තිබ්බේ අක්‍රමිකතා සිද්දවෙන තැන්වලට හරි හැටි විසඳුම් දෙන එක. ඒ මැට්ටට හිතන්න බැටි නම්, විසඳුම් ඔලුවට එන්නේ නැත්නම් මෙ රටේ දෙයක් අලුතින් හිතල කරන්න පුලුවන් උගත්තු කියලා කොටසක් ඉන්නවා. උන්ට වැඩේ බාරදීලා පැත්තකට උනා නම් ඒ අධයක්ශක මන්ඩල කරන්න ඕන විසඳුම් දෙයි. මෙතන වෙලා තියෙන්නේ දන්න දන්න හෙන්චයියෝ ටික ඉහලම පුටුවලට දාලා සුදුස්සට සුදුසු තැන අහිමි වීමේ ප්‍රතිපල.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සුදු රෙදි හොරා
    8046196.png
     
    -කොහෙද බන් ලාබෙ .... එකේ පඩි නඩි ගෙවන්නයි .... ඕවට කට්ටිය අරගෙන ලොකු සෙල්ලමක් නේ .... අනිත් එක එකෙන් ඇතිවන ලාබයක් නෑ....දැනටත් ඔය වගේම තමා කරේ අමාත්‍යශේන්....
    -අනේ මන්ද උබ කොයි කාලේ ඉස්කෝලේ ගියපු එකෙක්ද කියල ..... හරි අපි ගිය කලේ හොද රෙදි ලැබුණා කියමුකෝ... එත් බුද්දික පතිරණම දවසක් ගෙනත් පෙන්නුවා පර්ලිමෙන්ට් එකේ රෙදි වල තත්වේ කියල .... වීඩියෝ එක හම්බුනොත් දාන්නම් ....
    -මේකනේ බන් ඔකේ මහා ලොකු ප්‍රවාහන වියදමක් යන්නේ නැනේ ... මොකෝ කොලබ ඇවිල්ලා රෙදි ගන්නේ නෑනේ .... ටවුන් එකට ගියපු වෙලාවක රෙදි ගන්න තියෙන්නේ....
    -කඩවලින් අමුතු සින් එකක් දාල සල්ලි වැඩියෙන් කඩන්න අරන් තිබ්බා මේ චාන්ස් එකෙන් ....ඒක වළක්වන්නේ කොහොමද කියල අකිල ගොයියා පොඩ්ඩක් හිතන්න ඕනේ....එක්කෝ පාරිබෝගික අධිකාරිය එක්ක වගේ සෙට් වෙලා අසාමාන්‍ය ලෙස මිල ඉහල දාන වෙළෙන්දෝ අල්ලන්න වගේ .... මේකට දැනට මටත් විසදුමක් නෑ :( අපේ උන් කොහොමත් හැම එකෙන්ම ගානක් කදන්නනේ බලන්නේ.....
    -කොලබින් ඈත්වෙන්න වෙන්නේ ඒ ප්‍රදේශ වල ඩිමාන්ඩ් එකක් තියෙන ගණන් වලට රෙදි විතරක් එහෙ තියෙන එක ....උදාහරණයක් විදියට අපි හිතමු කොලබ හොදම රෙද්දේ යාරය 1000යි කියල .... කොලබ ලොක්කෝ අදින්නේ ඔවා.... එත් ඕක අරන් ගිහින් අනුරාධපුරේ විකුනන්න බෑ.... එක නිසා වෙන්නේ ඔක්කොම ගාස්තු ඇතුලත් වුනාට පස්සේ ඒ පැත්තේ මිනිස්සුන්ට දරන්න පුළුවන් බඩු විතරක් එහෙ තියෙන එක ....මොකද නැත්තුම් වෙළදාමක් නෑනේ .... foodcity එකකට වුනත් පලයන්.... ඒ පැත්තේ දරන්න පුළුවන් ඒවා විතරයි තියෙන්නේ .... කොලබ වගේ හැම රෙද්දම නෑ... මේ දේ රෙදි වලටත් පොදුයි...ඒ පැත්තේ මිනිස්සු ගන්න ගණන් වලට තම රෙදි ගේන්නේ :)

    අක්‍රමිකතා වලට විසදුම් හොයනවට වඩා ලේසියි මේ වගේ වැඩ සටහනක් ... ප්‍රශ්න තියෙනවා ඒවා හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් .... අක්‍රමිකතා නැති කරන්න ඔකේ ඉන්න හොර හැත්ත උඩ ඉදන් පහලට එලවන්න ඕනේ .... රෙදිවල කොලිටි බලල....ඒවා කපල ....පැකට් කරලා ..... ඒවා ඒ ඒ පැතිවලට යවල .....ඊට පස්සේ ගම මට්ටමට යවල තමා වැඩේ කරන්න වෙන්නේ .....