අඟුලානේ නිව්ටන්ගේ ඉරණම සෑම නිව්ටන් කෙනෙක
අඟුලානේදී තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මරා දැමූ අඟුලාන පොලිසියේ ස්ථානාධිපති නිව්ටන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනා සහ ග්රාමාරක්ෂකවරයා අද මරණ දඬුවමට ලක් වූ හ.
උසාවියේදී විදුලි පහන්, පංකා නිවා දමා, ගාම්භීර ලෙස යමකුට මරණ දඩුවම දුන් පසු, ඔවුන් සිරගෙදර වෙත ගෙන යද්දී තවත් උසුළු විසුළු කිරීම නීච ක්රියාවකි. අඟුලානෙන් ආ ජන රාශිය උසාවියේදී එසේ කළේ හරියට මේ විත්තිකරුවන් පිරිස අත් අඩංගුවට ගත් මිනිසුන් මැරූ ලංකාවේ පළමු හා එක ම පොලිස්කාරයන් පිරිස වාගේ ය.
මෙවැනි වැරදි කළ සියලු දෙනාට මරණ දඬුවම දෙනවා නම් ලංකාවට ෆුල් ටයිම් අළුගෝසුවන් දහ පහළොස්දෙනෙකුවත් මුර ක්රමයට සේවයේ යෙදවීමට සිදු වනු ඇත.
එහෙත් නිව්ටන් ඇතුළු පිරිසට අත් වූ ඉරණම මේ රටේ අනනෙකුත් අතිනවි දරන, ඒ නිසා බලය යනු තමන් යැයි සිතා සිටින බොහෝ හමුදා, පොලිස් නිලධාරීන්ට පාඩමකි. කෝ නිව්ටන්, කත්රිආරච්චි වගේ ඔයාවත් බේරා ගන්න රජවරු?
ඒ වෙලාවේ මිනිසකු මැරීමෙන් ලද වනචාරී ආතල් එක වෙනුවෙන් ඔයාට ගෙවන්න වුණ මිළ දරා ගන්න ඔයාට පුළුවන් ද?
එවැනි ආතල් ගන්න කොයි නිව්ටනුත් මතක තියා ගන්න, ජන බලය හමුවේ, ජනප්රියත්වය වෙනුවෙන් බලවත්තු අළුයම ලූ කෙළ පිඬු සේ ඔබ අතහැර දමන බව.
ඒකට තමයි, නිව්ටන්ගේ අන්තිම නියමය කියන්නේ. සෑම ක්රියාවකට ම නැතත්, සමහර ක්රියාවන්ට සමාන හා ප්රතිවිරුද්ධ ක්රියා ඇති වෙනවා ය. ඉරකි තිතකි. !!!!!!!!!!!!!!!!!!!
source

!