අචල භක්තිය සහ අන්ධ භක්තිය

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    අචල භක්තිය සහ අන්ධ භක්තිය

    බුදුන් කෙරෙහි අචල භක්තිය ඇති කරගන්න, අන්ධ භක්තිය ඇති කර නොගන්න.

    අචල භක්තිය ඇති තැනැත්තා


    1. ධර්මය හොඳින් අසයි (දුක තේරුම් ගනියි )
    2. ධාරණය කර ගනියි (අප සැප කියා විඳින්නේ දුකක් බව අවබෝධ වෙයි )
    3. ධර්මයෙහි හැසිරෙයි (නොඇලීම පුරුදු පුහුණු වෙයි )
    4. ඔහු / ඇය ඒකාන්තයෙන්ම සුගතියට යයි. නිවණටම යයි

    අන්ධ භක්තිය ඇති තැනැත්තා


    1. ධර්මය කියා කවි බණ අසයි
    2. ධාරණය කරගන්නවා කියා කවි ස්වරයෙහි ඇලෙයි
    3. ධර්මයෙහි හැසිරෙනවා කියා ලොවට පෙන්නන්නේ මල්, පහන් පූජා කර වෘක්ෂ වෘත අනුගමනය කිරීමෙනි
    4. ඔහු / ඇය නොදැනීම සංසාරයේ දුක් විඳියි

    නිවනට පින අපි පුරව ගන්නා පාරමී බලයයි. අපි ලෞකික ජීවිතයේදී කරන පින්කම්වල චේතනාව වනුයේ කාම, භව සහ විභව තණ්හාවයි. එම පින් අපට ඵල දී අප එය සැපයි කියා විඳියි. එහෙත් අප සැප කියා විඳින්නේ දුකක් බව නොතේරෙයි. පාරමී! වඩන්න නිවන් යන්න! තෙරුවන් සරණයි