අජන්තා රණසිංහ සමු ගනී

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    අජන්තා රණසිංහ සමු ගනී

    අජන්තා රණසිංහ සමු ගනී:(:(

    12321420_1055831144473797_3676513346780060212_n.png

    ප්‍රවීණ ගීත රචක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය අජන්තා රණසිංහ අද (27) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
    පසුගියදා නිවසේදී සිදුවූ හදිසි අනතුරකින් ඔහු රෝහල්ගත කැරිණි. මිය යන විට ඒ මහතා 75 වැනි වියේ පසුවිය.

    ලේක් හවුස් ආයතනයේ උපකර්තෘවරයකු ලෙසද ගුවන්විදුලි උපදේශකයකු ලෙසද කටයුතු කළ අජන්තා රණසිංහයන් සිංහල ගීත කලාවට එකතු කළ ජනප්‍රිය ගීත රාශියකි. ඒ අතරින් කුරුම්බැට්ටි මැෂිමේ, විකසිත පෙම් පොකුරු පියුම්, රන් කෙන්ඳෙන් බැඳ, පුංචි දවස්වල නින්දට යද්දී, රෑ පැල් රකින, රෑ දුරු රට, සිරිමා බෝ මැද ආදී ගීත රැසක් අදටත් රසික සිත් සතන් අතර අමරණීයව පවතී.
    විවිධ කෘති රැසක් ද ලියා පළ කළ අජන්තා රණසිංහයන් ගේ කෘති අතර ‘මට ළඳුනි වරම් නැත‘, ‘වින්කල් බාස්‘, ‘ක්‍රිස්තුනි කරුණාකළ මැනව‘ වැනි නවකථා හා ‘සොල්දාදුවා පෙරළා පැමිණියේද‘ කෙටිකතාව ද සුවිශේෂී ස්ථානයක් ගනී.

    ඔහුගේ සුවිශේෂී ගීත නිර්මාණ පෙළහරක්වූ ‘සෝපාකලා‘ ගීත එකතුව 1995 වසරේදී රාජ්‍ය සාහිත්‍ය සම්මානයට ද පාත්‍රවිය.
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මීට සති 3කට උඩදි රූපවහිනියේ සිහිනයකි රෑ වැඩසටහනට එතුමා සජීවිව එකතු උනා.. ඒ වැඩසටහන නරඹන්න ලැබීමත් වාසනාවක්. හරිම විනෝදෙන් හිටියේ.. ලෝක ධර්මතාව හැමෝටම පොදුයි.. ඔබට නිවන් සුව...!!!
     
    • Like
    Reactions: RIDER89

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,702
    113
    ශුද්ධ වූ පොල් ගහපු නිසා රටේ ඉන්න දේශ ද්‍රොහියෝ වලකජ්ජ ගහනවා.
    සමහර විට මූගෙත් කොටි සම්බන්ධතා තියෙන්න ඇති.

    නිවන් සුව පතමු.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ශුද්ධ වූ පොල් ගහපු නිසා රටේ ඉන්න දේශ ද්‍රොහියෝ වලකජ්ජ ගහනවා.
    සමහර විට මූගෙත් කොටි සම්බන්ධතා තියෙන්න ඇති.

    නිවන් සුව පතමු.

    මනුස්සයක් අවසන් ගියාම අපි කොයිතරම් දන්නවා වුනත් ඒ මනුස්සයා කරපු නරක, ජීවිතය අවසන් වූ පසු ඒ මනුස්සයාගේ නරක කියන්නේ නැහැ.ඒක බෞද්ධයන්ට පමණක් නෙවෙයි ලෝකේ ශිෂ්ඨ සම්පන්න ඔනෑම සමාජයක වෙන දෙයක්. අජන්තා රණසිංහ ගීත රචකයෙක්. එතුමා අපි දන්න තරමින් නරක පුද්ගලයෙක් නෙවෙයි. එතුමාට කොටි සම්බන්දතා තිබුනද දන්නේ නෑ , තියෙන්න ඇති කියල අපහාස කිරීමෙන් හෙලිවෙන්නේ තමන්ගේ ශිෂ්ඨ බවේ තරමයි. මිනිස්සු නැති භංග වෙන්න කියා පොල් ගැසීම නම් අන්තිම ගෝත්‍රික ලක්ෂණයක් නේ.
     
    • Like
    Reactions: RIDER89 and neyohk

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ශුද්ධ වූ පොල් ගහපු නිසා රටේ ඉන්න දේශ ද්‍රොහියෝ වලකජ්ජ ගහනවා.
    සමහර විට මූගෙත් කොටි සම්බන්ධතා තියෙන්න ඇති.

    නිවන් සුව පතමු.

    ඉඳකිං තෝ වගේ මූසලයෙක්..... :angry::angry::angry:

    හැම රෙද්දටම බම්බු දේශපාලනේ ගාව ගන්න එපා යකුනේ:no:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මීට සති 3කට උඩදි රූපවහිනියේ සිහිනයකි රෑ වැඩසටහනට එතුමා සජීවිව එකතු උනා.. ඒ වැඩසටහන නරඹන්න ලැබීමත් වාසනාවක්. හරිම විනෝදෙන් හිටියේ.. ලෝක ධර්මතාව හැමෝටම පොදුයි.. ඔබට නිවන් සුව...!!!

    මාත් බැලුව Program එක..
    සුන්දර මිනිසෙක්..
    ඔබට නිවන් සුව..
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ශුද්ධ වූ පොල් ගහපු නිසා රටේ ඉන්න දේශ ද්‍රොහියෝ වලකජ්ජ ගහනවා.
    සමහර විට මූගෙත් කොටි සම්බන්ධතා තියෙන්න ඇති.

    නිවන් සුව පතමු.

    nodakin tho wage mal ponnayek
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ශුද්ධ වූ පොල් ගහපු නිසා රටේ ඉන්න දේශ ද්‍රොහියෝ වලකජ්ජ ගහනවා.
    සමහර විට මූගෙත් කොටි සම්බන්ධතා තියෙන්න ඇති.

    නිවන් සුව පතමු.

    මොකෝ බං මේ..:confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,702
    113
    මොකෝ බං මේ..:confused:

    ඈ බොල විශ්වා වර්ණපාල මහත්තයා මැරෙනකොට දේශ ද්‍රෝහියා මළා, පවර් ඔෆ් පොල් බලේ කියලා හුරේ දාන උන්,
    අජන්තා මහත්තයා මැරෙනකොට එහෙම නොකියන්නෙ ඇයි :confused::confused:
    කවුරුත් නොකියන නිසා මම කියලා දැම්මා :dull::dull:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඈ බොල විශ්වා වර්ණපාල මහත්තයා මැරෙනකොට දේශ ද්‍රෝහියා මළා, පවර් ඔෆ් පොල් බලේ කියලා හුරේ දාන උන්,
    අජන්තා මහත්තයා මැරෙනකොට එහෙම නොකියන්නෙ ඇයි :confused::confused:
    කවුරුත් නොකියන නිසා මම කියලා දැම්මා :dull::dull:

    :rofl::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප්පා.....
    කලාවට හොද ම නෑ වගේ..............
    ඊයේ විල්තෙර කරද්දී ජානකඒජේ සහෝදරයා ආරංචිය දුන්නේ....අසාධයයි කියල තමා

    අප ගේ රසභාව නැංවු පිනෙන් එතුමා නිර්වාණගාමි වේවා!!!!!