මචන් එටිසලාට්......

උඹේ ඉන්ටර්නෙට් පැකේජ් වල බෑන්ඩ්විත් එක නම් පට්ටය. ඒත් කොච්චර පට්ට උනත් මෙලෝ රහක් නැත. තොපි හිතන් ඇත්තේ අපි හරක් කියා වන්නට ඇති. අද මම දෙවනි පාරටත් උඹලා දීපු ටොපියක් එහෙම් පිටින්ම ගිල්ලෙමි. අද අතේ තිබූ හැම සතයක්ම උඹලාගෙ මෙලෝ රහක් නැති ටොපි වෙනුවෙන් වියදම් කර ඇත්තෙමි.

උඹලාගේ 199 ට ගිගා දෙකක් දෙන ප්‍රී පේඩ් මෙව්ව එකක් ඇත. උඹලාගේ මෙලෝ රහක් නැති ටොපි කෑ පලවෙනි පාර මතක් වෙන හැම වෙලේම මතක් වන්නේ මට මේ 199යි. මම වැරදියට ගහපු මැසේජ් එකක් නිසාවෙන් 199 නැතුව 99 ඇක්ටිව් වූ හැටි මට තාම මතකය. උඹලා නම් පට්ට මොල කාරයෝ ය. 199 ඇක්ටිව් කරගන්නට වැරදියට යවපු මැසේජ් එක වෙනුවට ඒකේ අන්තිමට තිබූ '99' ඉලක්කම් දෙක යොදාගෙන 99 ට මෙගා 700ක් දුන්නු හැටි තාම මතකය. අන්තිමට කිතුල් ගහට නැගපු එකාටත් කියන්නට දෙයක් තිබූ බව මට පසක් විය.
පට්ටම දේ වූයේ අදය. අදත් මගේ මොංගල් බව නිසාදෝ ඇක්ටිව් කරන්නට ඕනා පැකේජය වැරදියට ටයිප් විය. නමුත් පැකේජාක් ද ඇක්ටිව් වුනි.
Dear Customer You Received 2048 MB For RS. 99

මාත් එක පිට 700ට මේ පාර ගිගා දෙකක්ම බෝනස් දුන්නා කියා ටොරන්ට් එකත් ඇරගෙනම බරටම බෑමේ නිරත උනෙමි. මිනිත්තු කිහිපයකට පසු ආයේ බෑම නතර විය. බලන් යනකොට උන් ඇක්ටිව් කොර ඇත්තේ ලේට් නයිට් පැකේජයක් ය.
සල්ලි නැති නිසා තාත්තාගේ එටිසලාට් මෙව්ව එකෙන් මම ඒකෙ ඉන්න අක්කියෙක්ට ඇමතුමක් දුනෙමි. (ප්‍රිමියම් මෙව්ව කෙනෙක් ලු ) ආයෙත් පරන ටේප් එකමය. " ඔයා දැණගන්න ඕන හරි විදියට පැකේජ් එක ඇක්ටිව් කරන්න . අපිට කියන්න බෑ වැරදි මැසේජ් එකකින් මොකක් ඇක්ටිව් වෙයිද කියල " . කතාව ඇත්තය. වැරදියට ගහල ජාතක උනු මේ වගේ තිරිසන් විදියට බිස්නස් කරන මේ වගේ කම්පැනි ගැන අපිට තව මොනව කියන්න ද?
ඒ අතින් බැලුවම ඩයලොග් , මොබිටෙල් තරමක් දුරට හෝ රත්තරන් ය.
මීට රිදිච්ච කුකුළෙක්
මගේ ප්‍රශ්නය වැරදි මැසෙජ් එකකට එරර් එකක් එන්නෙ නැතුව වෙන පැකේජ් ඇක්ටිව් වෙන විදියට සිස්ටම් එකක් ඩිසයින් කරන්නෙ මොන වගේ හරක් ද?





nethnam method ekak thiyanawa mathaka ne




